Friday, July 19, 2013

26 අද්භූත ආගන්තුකයා ආත්මයෙන් සැගව යයි



ට වසර හැටකට පමණ පෙර බදුල්ල ප‍්‍රදේශයේ ජීවත් වූ පියදාස එකල ගමේ සිටි දඩබ්බර කොලූ ගැටයෙක් විය. හිතුවක්කාර ගති පැවැතුම් නිසා ම ඔහු වයස අවුරුදු දහසයේ දී නිවසින් පැන යන්නේ කිසිදු අරමුණකින් නොවේ. බදුල්ලේ සිට අනුරාධපුර බලා ගමන් කරන ලොරියක සැ`ග වී ඔහු අනුරාධපුරයට සේන්දු වන්නේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි.
 අනුරාධපුරයට ආසන්න ගමක තේ කඩයක කුඩා රැුකියාවක් සොයා ගන්නා පියදාස ගමේ දී තිබූ දඩබ්බර ගති අමතක කර දමා කඩයට යන එන අයගේ හිත දිනා ගනිමින් සිය රැුකියාව කිරීමට සමත් විය. පියදාසගේ කඩයට සතියකට වරක් අපූරු මිනිසෙක් පැමිණෙයි. ඔහු වයසය. ඉතා කේඩෑරිය, අමුඩයක් පමණක් අ`දියි. ඔහු මුහුණ පුරා රැුවුල වවාගෙන ය. බැලූ බැල්මට එම රැුවුල ගොරෝසු හා දිග ය. එම පුද්ගලයා වැඩි කතාබහක් නැත. එම මිනිසා රැුගෙන යන්නේ ලූණු, ගින්දර වැනි බොහෝ සෙයින් අත්‍යවශ්‍ය දේ පමණි.
කාලය කෙමෙන් ගෙවී ගියේ ය. එක් දිනක් එම මිනිසා පියදාස ළ`ගට පැමිණ කතා කළේ ය.
මලයාලි වැඩ ඉගෙන ගන්න කැමැති දැයි ඔහුගෙන් පැවැසීය.  පියදාස දෙවරක් නොසිතා ම කැමැතියි යැයි පැවැසීය.
එහෙනම් මම තව දවස් තුනකින් එනවා. ලෑස්ති වෙලා ඉන්ඩ. මගේ පැලට ගිහින් එමු යැයි එම මිනිසා පැවැසුවේ ය.
කියූ පරිදි ම දින තුනකින් එම පුද්ගලයා පැමිණියේ ය. පියදාස එම පුද්ගලයා සම`ග මලයාලි මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ඉගෙන ගැනීමට පිටත් විය. ඒ වෙද්දී පියදාසගේ වයස අවුරුදු විසිතුනක් පමණ වන්නට ඇත. යන්ත‍්‍ර මන්ත‍්‍ර  පිළිබ`ද හෝ මලයාලි ශාස්ත‍්‍රය යන වචනය පිළිබ`ද හෝ හැ`ගීමක් ඔහුට නොතිබුණි. එම පුද්ගලයා කතාබහකින් තොරව දිගින් දිගට ම කැලෑවක් තුළට ගමන් ගත්තේ ය.  පියදාස ද ඔහු පසුපස ගමන් කළේ ය. එය මහා වනාන්තරයකි. පියදාසට චකිතයක් හෝ බියක් දැනුණේ නැත. ගස් අතු සෙවිලි කළ කුඩා පැල් කොටයක් අසල ආගන්තුකයා නතර විය. එය අපිරිසුදු මෙන් ම ගුප්ත ස්ථානයකි. අ`දුරු ය රැුහැයියන්ගේ හ`ඩින් පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩි වෙයි.
පැල්පත තුළ කිසිදු බඩු මුට්ටුවක් නැත. නිවසේ එළියට  වන්නට එක හට්ටියක් හා ගල් තුනක් තබා සැ¥ ළිපක් තිබෙනු පියදාස දැක්කේ ය. පැල්පත වෙත පැමිණෙන තෙක් ම ආගන්තුක පුද්ගලයා පියදාස සම`ග වචනයක් හෝ කතා කළේ නැත. පැල්පත වෙත පැමිණි පසු ඔහු සිය කටහ`ඩ අවදි කළේ ය.
”මම මගේ වංග පරපුරෙන් ලැබුණ දේ මගේ එකෙක්ට දෙනකන් මට මැරෙන්ඩ විදියක් නෑ. මට ළමයි නෑ.  ඒක නිසා මට මැරෙන්ඩ විදියක් නෑ. ඒක නිසා උඹ මේක භාරගන්ඩ  ඕනේ. උඹ මේක භාර ගන්නව ද?
පියදාස හා කියුවේ ය. එහෙත් පියදාස අකුරු කියන්න ලියන්න දැනගෙන සිටියේ නැත. එසේ නම් මන්ත‍්‍ර පාඩම් කරන්නේ කෙලෙස ද?
ආගන්තුකයා ඔහුගේ පැල්පත මැද නෙළුම් මලක හැඩය ගත් චක‍්‍රයක් බිම ඇන්දේ ය. ඊසාන දිසාවට මුහුණ හරවා ඒ මැද පියදාසව වාඩි කළේ ය. දල්වන ලද දර අ`ගුරු ටිකක් ගල් පතුරක් මතට දමා පියදාස අසලින් තබා එයට දුම් කුඩු ස්වල්පයක් දමමින් මතුරන්නට විය. දුම් කුඩු ලෙස භාවිත කළේ වියළි කොළ වර්ග කිහිපයක් බව පියදාසට හැ`ගුණි.
”මම කියන මන්ත‍්‍රය මම නැවැත්තුවට පස්සේ කියන්න” යැයි පැවැසූ ආගන්තුකයා දිගින් දිගිට ම අ`ගුරුවලට දුම් කුඩු දමමින් මන්ත‍්‍ර එකින් එක කියන්නට විය. පියදාස ද පුරුදුකරුවකු සේ ඔහු පවසන මන්ත‍්‍ර කියවන්න පටන් ගත්තේ ය.
මන්ත‍්‍ර දහ අටක් මෙලෙස දෙදෙනා පැවැසුවෝ ය. එදා පළමු වරට පැවැසූ මන්ත‍්‍ර දහ අට හැට වසරක් ගෙවී යද්දිත් පියදාසට හො`දින් මතක ය. එය එසේ වූයේ කෙලෙසදැයි මුල දී පියදාසට ගැටලූවක් පැවැතියත් මලයාලි ශාස්ත‍්‍රය ගැඹුරින් අවබෝධ වීමෙන් පසු එම ගැටලූව නිරාකරණය වූයේ ඉබේ ම ය.
ඒ ඒ මන්ත‍්‍ර කළ හැකි සරල දේවල් කිහිපයක් මන්ත‍්‍ර පුහුණුව අතරතුර දී ආගන්තුකයා, පියදාසට කියා දුන්නේ ය. ගස් අතු කැබැලි දෙකක් එකට තබා මන්ත‍්‍රය කියූ විට එය එකිනෙක හා විය. අමු කොළ අත්තක් අතට ගෙන මන්ත‍්‍ර පද තුනක් පවසා එයට ගිනි තබා ඔහු පියදාසට පෙන්නුවේ ය. පැය කිහිපයක් තුළ දී මේ සියල්ල නිම විය.
ආගන්තුකයා පියදාසව කැලයෙන් එළියට රැුගෙන විත් මාර්ගය පෙන්වා කැලය තුළට ගියේ ය. මන්ත‍්‍ර දහ අට මතකයේ පැවැතියත් ඉන් ප‍්‍රයෝජනයක් ගැනීමට අවස්ථාවක් පියදාසට ලැබුණේ නැත. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යමින් පැවැතුණි. යළි එක් දිනක් ආගන්තුකයා පියදාස සොයා කඩයට පැමිණෙන්නේ මේ අතරතුර දී ය. ඔහු පියදාසව යළි පැල්පත වෙත කැ`දවා ගෙන ගියේ ය.
අනතුරුව ආගන්තුකයා පැවැසූ දෙයින් පියදාස තුෂ්ණිම්භූත විය.
මම අද මැරෙනවා. මගේ ශාස්ත‍්‍රය උඹට දුන්න නිසා මට යන්න අවසර ලැබුණා. උඹ උඹේ පුතාට මේක කියලා දෙන්ඩ  ඕනේ. නැත්නම් උඹටත් මේ ලෝකයෙන් පිටවෙන්ඩ බැරි වෙයි.
ආගන්තුකයාගේ නිවස අසල රූස්ස ගසක් විය. එය අසලට ගිය ඔහු තම අත තිබූ පිහියෙන් ගසේ කෙ`ද් කුඩා හතරැුස් කොටුවක් කැපුවේ ය. ඉන්පසු එය විවර කළේ ය. ඒ තුළ කුඩා තෙල් බෝතල් කිහිපයක් දැක ගත හැකි විය. ඒ සම`ග ම තල් කොළ පොතක් තිබූ බව පියදාසට මතක ය.
‘‘මේ ටික අයිති උඹටයි. මේ ටික ගනින්.’’ ඔහු පියදාසට පැවැසුවේ ය. පියදාස කිසිවක් ගත්තේ නැත. ඔහු යළි ඔහුගේ මන්ත‍්‍රවලින් ගසේ පොත්ත අලවා දැමුවේ ය. එම ගස යට අඩි හතක පමණ ගැඹුරු වළක් කපා තිබුණි. ආගන්තුකයා යළි කතා කළේ ය. ”මම දැන් මැරෙනවා. මම මැරුණට පස්සේ මගේ මිනී වළ වහලා දාලා මගේ පැල ගිනි තියන්ඩ. ඉන්පසු මෙහෙන් පිට වෙලා යන්ඩ. ආයිත් කිසිම දවසක මේ කැලේට එන්ඩ එපා. ඉගෙන ගත්ත දෙයින් බැරිම අවස්ථාවක හැර නරක දේ කරන්න එපා”
ඔහුව වළ තුළට බැස ඒ තුළ නිදා ගෙන උපරිම ලෙස වකුටු වූවේ ය. විනාඩි කිහිපයක් ඔහු එලෙස සිටියේ මන්ත‍්‍ර වගයක් මුමුණමින් ය. මොහොතකින් ඔහු නිසල විය.
ඔහු මිය ගිය බව පියදාසට වැටුහුණි. පියදාස වළ තුළට බැස බැලූවේ ය. ඔහු මිය ගොසිනි. පියදාස ආගන්තුකයා පැවැසූ ලෙස ම වළ වසා දමා ඉන්පසු ඔහුගේ පැලට ගිනි තැබුවේ ය. කැලයෙන් එළියට ආ ඔහු යළි කිසි දිනක කැලය තුළට ගියේ නැත. සතියකට පසු ඔහු අනුරාධපුරය හැරදා කොළඹට පැමිණියේ ය.
තරුණ වයසේ දී තම ජීවිතය පරිවර්තනයකට ලක් කර ගැනීම උදෙසා උගත් ශාස්ත‍්‍රය උපයෝගි කරගත් පියදාස පසුව එය අතහැර දැමුවේ ය. ආගන්තුකයා යනු කවරෙක් ද? ඔහු මන්ත‍්‍ර කියාදීමට පිදාස ව ම තෝරා ගත්තේ ඇයි? ඔහු පැය කිහිපයකින් මන්ත‍්‍ර ශාස්ත‍්‍රයන් පියදාසට ලබා දුන්නේ කෙලෙසද?. විශ්වය තුළ සැ`ගවුණු තේරුම් ගත නොහැකි බොහෝ දේ පවතින බව අපට මේ සිදුවීම් හරහා ම ගම්‍ය වේ.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

No comments:

Post a Comment