Wednesday, August 28, 2013

50 මහ රූ ආ කළු කුමාරයා ඉන්දි සම`ග යහන්ගත වෙයි



කන්‍යාවන් සතක් එක පෙළට සිටගෙන සිටින්නා බඳු වූ සප්ත කන්‍යා කඳුවැටිය දෙස බලාගෙන හිමින් හිමින් ‘ඉන්දි’ නිවස දෙසට පියවර මනින්නට වූවාය. ඇය ඉන්දීවරී වුවත් බොහෝදෙනා ඇය ඇමතුවේ ඉන්දි යන නමිනි. පිරිපුන් ශරීරයකින් මෙන්ම මනබඳින රුවකින් යුතු ඇය කෙළිලොල් තරුණියකි. උසස් පෙළ අවසන් වීමත් සමග ඇය මෙතෙක් කරගෙන ආ නැටුම් හැදෑරීම දිගටම කරගෙන ගියාය.
නැටුම් පන්ති නිමා වී ගුරුපාර දිගේ ලතාවට පැද්දෙමින් ඇය එන ගමන ඇත්තෙන්ම සුන්දරය. නිවසට පැමිණි ඇය දිය රෙද්දක් ඇඳගෙන පිටුපස දොරින් එළියට බැස්සේ සුපුරුදු ලෙස වත්ත පහළ ළිඳට යෑමටය.
‘කොහෙද උඹ යන්නේ........’
‘නාගන්ඩ ළිඳට යනවා.....’
‘මේ ගොම්මනේ........ මම හැමදාම කියනවා.... ගොම්මන් වැටීගෙන එද්දි නාන්ඩ තියාගන්ඩ එපා කියලා’
‘ඉතින් මම දැන්නේ ගෙදර ආවේ. මම ඉක්මනට නාගෙන එන්නම්’
මවගේ කෑගැසීම එතරම් ගණන් නොගත් ඉන්දි වත්ත පහළ නාන ළිඳ වෙත පියවර මැන්නාය. කෙමෙන් කෙමෙන් පරිසරය අන්ධකාරයෙන් වෙළී යද්දී ඒ පිළිබඳ හැඟීමක් හෝ ඇයට නැත. අහල පහළ කිසිවකු හෝ නොමැති බැවින් ඇය නිදහසේ නා ගත්තාය. දිය රෙද්දෙන් නිරාවරණය වන ඇගේ ශරීරය වසා ගන්නටද ඇයට අවශ්‍යතාවක් මතු නොවිණි. ඇය මේ නිදහසට ඇළුම් කළාය. ගොම්මනත් සමග නෑමට ළිඳට යෑමට ඇය වඩා කැමැති වූයේද එබැවිණි. ඈත වෙල්යාය දෙසින් හමා එන සීත සුළං පහරින් ළිඳ අසල පිහිටි පුවක් ගස් පේළියේ කොළ අතු තාලයට පැද්දෙන අයුරු මොහොතක් ඇය බලා සිටියාය. දිය නා අවසන් වූ ඇය ළිං පඩියෙන් උඩට නැග ඇඟපත පිහිදා ගත්තාය. වටපිට බලා කිසිවකුත් නැති බව පසක් කර ගත් ඇය දිය රෙද්ද උනා දමා ළදැරියක සේ ? ගවුම ඇඟට දමා ගත්තාය. බාල්දිය අතට ගෙන නිවසට යෑමට ඇය හැරුණාය. එක්වරම ඇය තිගැස්සී ගියාය. ළිඳට තරමක් ඈතින් වූ පලූ ගස යට සිටි කළුම කළු මී හරකෙකු ඇසිපිය නොහෙලා තමා දෙස බලාගෙන සිටියි. ‘මී හරකෙකුට බය වෙන්නේ මොකටද’ ඇය ඇයටම කියා ගත්තාය. ‘මේකා මහ වල් මී හරකෙක්නේ. ගෑනු නාන දිහා බලන් ඉන්නේ’ ඇය නිවස දෙසට ටික දුරක් පැමිණ නිකමට මෙන් යළි මී හරකා දෙස හැරී බැලූවේය. මී හරකාද තමා පසුපස පැමිණ නැවතී ඇය දෙස බලා සිටියි. එවරනම් ඇය බිය විය. ඇය නිවස දෙසට දිව ගියාය.
නිවසට පැමිණි ඉන්දි මවට එය කියන්නට ගියේ නැත. ඒ මවගෙන් හොඳහැටි බැනුම් අහන්නට වෙන බව ඇය දත් නිසාය. දිනෙන් දින ගෙවී යන්නට විය. මී හරකාට බිය වූ දින සිට ඇය ගොම්මනේ ළිඳ ළඟට යෑම නවතා දැමුවාය. සුපුරුදු පරිදි ඇය නින්දට ගියාය. නින්ද ඇයගේ මනස ග‍්‍රහණය කර ගත්තාය.
පාසලේදී ඇය ඇළුම් කළ පාසලේ සිටි කඩවසම් තරුණයා සිහිනෙන් ඇය සොයා පැමිණියේය. එතෙක් ඔහුත් අතර සබඳතාවක් නොපැවතියත් කිසිදු වෙනසකින් තොරව ඇය හා කතාකරමින් පාළු පෙදෙසක ගමන් කරන්නට විය. මිතුරුකම ආදරයකටත්, ආදරයේ බැමි බිඳ දමමින් ඔහු ඇයගේ රාගික හැඟීම් අවුස්සන්නට විය. ටිකින් ටික එය දුරදිග යන්නට විය. අවසානයේ ඔහු ඇය හා යහන් ගතවිය. කිසි දිනක නොලද ඒ අත්දැකීම ඇයගේ සිරුරට සැබෑවටම දැනෙන්නට විය. රාත‍්‍රිය දිගුය ඒ එක්වීම නිමාවක් නැත. ආදරය හැඟීම් මුල් කරගෙන ඇරඹුණ සිහිනය එන්න එන්නම දරුණු වෙයි. දිගින් දිගටම සිදුවන සැබෑ ලිංගික එක්වීමකදී දැනෙන පීඩාව, අපහසුව ඇගේ ශරීරයට තදින් දැනෙන්නට විය. ඇයට දැන් මෙය නවතාගත යුතුය. එහෙත් එය කළ නොහැකිය. සිහිනයෙන් මිදීමට නැතහොත් නින්දෙන් අවදිවීමට ඇය කොතරම් උත්සහ කළද කළ නොහැකිය. ඇය සිහිනෙන්ම විරුද්ධ ලිංගික එක්වීමෙන් මිදීමට උත්සහ දැරුවාය. එය තරුණයාව කුපිත කරවන්නට හේතුවක් විය. අවසානයේ බලහත්කාරයෙන් ඇයට පීඩා කිරීම ඇරඹුවේය. පාසලේ සිටි තරුණයා හැඩි දැඩි රුවකට පරිවර්තනය විය. පාන්දර තුන හතර පසුවන තුරුම මේ සිහිනයෙන් මිදෙන්නට ඇයට නොහැකි විය.
පසුදා උදෑසන අවධි වූ ඇයට ශරීරයේ වේදනාව දරාගත නොහැකි තරම්ය. ශරීරයේ රහස් ප‍්‍රදේශ තැළුම් පහරවලට මෙන් රත් පැහැ වී ඇත. සිදුවූයේ කුමක්ද? සිහිනයේ ස්වභාවය මත කිසිවකුට පැවසීමටද නොහැකිය. ඇය එය රහසක් ලෙස තබා ගත්තාය. දහවල ගෙවී රාත‍්‍රිය උදාවිය. ඇය බියෙන් බියෙන් නින්දට ගියාය. මධ්‍යම රාත‍්‍රිය එළඹෙත්ම පෙර දිනයේ මෙන්ම සිහිනය දකින්නට විය. එදින රැුය පුරාද ඇය ඔහු හා යහන්ගත විය. කැමැත්ත, අකැමැත්ත, පීඩාව ඉක්මවා ගිය සැපීම්, සීරීම්වලටද ඇයට මුහුණ දෙන්නට සිදුවිය.
දිනෙන් දින මෙය සාමාන්‍ය දෙයක් බවට පත්විය. ඇයටද මෙය ඇබ්බැහියක් බවට පත්වූවාය. මේ වනවිට පාසලේ හිත ගිය පිරිමි ළමයා ගැන තිබූ උනන්දුව ඇය තුළින් ගිලිහී ගොස් හමාරය. දැන් ඇයට සැමියකු සිටින්නා හා සමාන හැඟීමක් ඇත. ඇයට එය අවශ්‍ය වුවත් සිහිනයේ අවසන් කාලයේ ඇතිවෙන පීඩාව ඇයට දරාගත නොහැකි විය. ඇයගේ රහස් ප‍්‍රදේශ මෙන්ම කළවා, තට්ටම්වලද සෑම දිනකම සීරීම් පහරවල් මෙන්ම, රත්පැහැ වූ තැළුම් පහරද දක්නට ලැබුණි.
ඒ සියල්ලටම වඩා සෑම දිනකම රාත‍්‍රිය පුරා පිරිමියකු සමග ඔට්ටු අල්ලා හෙම්බත්ව සිටිනා ඇය පසුදා දවසම ගත කළේ හොන්තු මාන්තු ස්වභාවයකිනි. දිනෙන් දින ඇගේ ශරීරයේ පැවති පිරිපුන් බව මැකීයන්නට විය. ඇය තුළ වූ උනන්දුව, කෙළිලොල් බව ඇය වෙතින් ඉවත් වී ගියේය.
කිසිදු දිනක නැටුම් පන්තිය මඟහැර නොගත් ඇය දිනෙන් දින එය මඟ හැර දැමුවාය. බොහෝ විට කාමරයේ ඇඳට වී හිස් හැඟීමෙන් වහලය දෙස බලාගත් වනම සිටින්නට ඇයට අවශ්‍ය විය. ඒ ඇගේ සිත තුළ ඇති වූ හිස්බවයි.
ඉන්දිගේ මවට මෙය මහත් ගැටලූවක් විය. තරුණ ගැහැනු ළමයකුගේ එක්වරම සිදුවන මේ වෙනස හොඳකට නොවන බව ඇයට හැඟී ගියාය.
‘මොකද උඹට වෙලා තියෙන්නේ....?’
‘මට මුකුත් වෙලා නෑ.....’
‘කාමරේටම රිංගන් ඉන්නේ මොකද?’
‘මගේ ඇඟට හරි නෑ.....’
‘ඇයි උඹට මොනාවෙලාද? යමන් බෙහෙත් ටිකක් ගන්න.....’
‘බෙහෙත් ගන්ඩ මට ලෙඩක් නෑ......’
මෙය බලා සිටිය යුතු දෙයක් නොවන බව අවබෝධ කර ගත් ඉන්දිගේ මව ඇගේ කේන්දරය පරීක්‍ෂාකරවා ගැනීමට රැුගෙන ගියාය.
‘මේ ළමයට තදට කළුකුමාර දෝෂය තියෙනවා. ඉක්මනට පිළියමක් යොදන්න. දැන් ඒක ගොඩක් දරුණු වෙලා තියෙන්නේ’
ඉන්දිගේ මව මේ පිළිබඳ ඇයගෙන් විමසුවාය. ඇය කිව හැකි පමණින් ඇයට විස්තර පැවසුවාය.
‘කළු මී හරකෙක් උඩ වාඩිවෙච්ච හැඩි දැඩි කවුද එනවා. එයාට බය වෙනවා’
අවසානයේ ඇයගේ කළුකුමාර දෝෂය ඉවත් කර ගැනීම උදෙසා තොවිලයක් ලකලෑස්ති කෙරුණි. රාත‍්‍රිය එළඹුණි. ගමේ ගැහැනුන් කිහිපදෙනකු හැර වැඩි පිරිසක් තොවිලය බැලීමට පැමිණියේ නැත. එයට හේතුවූයේ කළුකුමාරයාගේ බැල්ම ඉන්දිගෙන් ඉවත් කිරීමත් සමගම වෙන ගැහැනියක එම බැල්මට හසුවේ යැයි යනුවෙන් දුර අතීතයේ සිටම පැවත එන බියයි.
මධ්‍යම රාත‍්‍රිය එළඹෙමින් පැවතුණි. පහන් පැල්වල ආලෝක දල්වා යකැදුරා මතුරමින් සිටියි.
‘ඔය කෙල්ලගේ පැදුර වටේට ඔය තිර ටික ඇදපල්ලා. කිසි කෙනෙක්  ඕකට එබෙනවා එහෙම නෙමෙයි’ යකැදුරා යාතිකාව පටන් ගත්තේය.
‘? හීනෙන් ඇවිත් තම හිමියන් විලසේ
යහනේ සැතපෙමින් - නොයෙක් රස බස් කියා
කාමයෙන් උමතු වී - ඇඟ මත දිගා වෙමිනේ
කම්සැප විඳිමිනේ - රාගයෙන් මත් වෙමින්’
කළුකුමාර දිෂ්ඨිය ඉන්දිගෙන් ඉවත් කිරීමට ප‍්‍රථම අවසන් වරට ඇය හා ලිංගිකව හැසිරීමට කළුකුමාරයාට අවස්ථාව ලැබුණි. තිරවලින් වට කොට ඇති ඉන්දි අසිහියෙන් මෙන් පිරිමියකු හා යහන්ගත වන විට දක්වනු ලබන ප‍්‍රතිචාරයන් දක්වන්නට විය. පැය භාගයක් පමණ මෙය කෙරීගෙන ගියේය. අවසානයේ කළු කිකිළියකගෙන් ගත් බිත්තරයක ඉන්දිගේ ඇඟිල්ලකින් ගත් ලේවලින් කළු කුකුළු පිහාටුවක් පුළුස්සා ඒ අළු අනා එයින් ගැහැනු රුවක් ඇන්දේය. ඉන්දිට වැහී තිබූ කළුකුමාර බැල්ම බිත්තරයට ගෙන එය සොහොනට බාර කළේ ඉන්දිටද සුවය ලබා දෙමිනි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

49 අවන්තිගේ කෙළෙසුණු ආත්මය

 කාමාතුර ඝාතකයන්ගෙන් පලිගනියි



වෙනදා අඳුර වැටීමට පෙර නිවසට පිවිසෙන අවන්ති තවමත් නිවසට නොපැමිණීම පිළිබඳ ඇයගේ මවගේ සිත තුළ ඇතිවූයේ කුකුසකි. ඇය කඩුල්ල අසලට වී වෙල අයිනෙන් වැටී ඇති මාර්ගය දෙස බලා සිටියාය. කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. රාත‍්‍රී අට පසුවන විටත් දියණිය නිවසට නොපැමිණීම ගැන ඇයගේ හිතට මහා ගින්දරක් දැනෙන්නට විය. වැස්සක සේයාවක්වත් නොමැති අහසේ අහේතුකව පාවී ආ අඳුරු වලාකුළු තව තවත් ඇගේ සිත අඳුරු කරන්නට විය. ඒ නිසාම ඇය අසල නිවසේ වූ සුමනාට කතා කළාය.
‘සුමනෝ... කෙලී තාම ආවේ නෑ... වරෙන්කෝ පාර පැත්තට ගිහින් එන්න...’
නිවසට සැතපුම් තුනක් පමණ දුරින් පිහිටි ෆාමසියක සේවය කළ අවන්ති පියකරු තරුණියකි. සවස හයවන විට ෆාමසිය වසා දමා අඳුර වැටීමට පෙර පුරුද්දක් ලෙස ඇය නිවසට පැමිණියාය. බස්රථයෙන් බැස ඇළ ඉවුර දිගේ කිලෝමීටරයක් පමණ දුර ඇයට යෑමට තිබුණි. උපන්දා සිට යන එන මඟ පිළිබඳ ඇයට කිසිදු බියක් සාංකාවක් දැනුණේ නැත.
අවන්තිගේ මව බස්නැවතුමට වී ටික වෙලාවක් බලා සිටියත් ඇය පැමිණියේ නැත.
‘අම්මේ අක්කා තාම ආවේ නැද්ද’ අපි බලලා එන්නම්’
එතැනට පැමිණි අවන්තිගේ එකම සොහොයුරාද සමග යතුරුපැදියක නැගී ෆාමසිය බලා පිටත් වූවේය. එහි හිමිකරුවාගේ නිවස පිහිටියේ ද ෆාමසිය අසලය. අවන්තිගේ සොහොයුරා ෆාමසියේ හිමිකරුගෙන් අවන්ති ගැන විමසූවිට ඇය සුපුරුදු ලෙස සවස හයයි විස්සට පමණ පිටව ගොස් ඇත. එසේනම් සිදුවූයේ කුමක්ද? එදින රාත‍්‍රිය පුරා සොයා බැලූවද ඇය පිළිබඳ කිසිදු තොරතුරු සොයාගත හැකිවූයේ නැත. ගමම ගිනිගත්තාක් මෙන් රාත‍්‍රිය ගෙවී හිරු කිරණ පොළවට පතිත වන්නට විය.
ඇයට සිදුවූයේ කුමක්ද? ඇය තරුණයකු සමග හා ද වී පැන යන්නට ඇතැයි ගමේ අය සිතූහ. එහෙත් ඇයගේ මව වූ වයලට්ට නම් එසේ සිතන්නට හිත ඉඩදුන්නේ නැත. ඇය සිය දියණිය පිළිබඳ හොඳින් දැන සිටියාය. ඇයට කුමක්දෝ මහා ඛේදවාචකයක් පිළිබඳ හැඟීමක් පමණක් හිතට වදදෙන්නට විය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. අවන්තිගේ මතකය කාලයේ වැලිතලාවෙන් වැසී ගියේය.
මේ අතර කිසිවකු නොදත් තවත් එක් සිදුවීමක් විය. සමන්තගේ ත‍්‍රිරෝද රථයට ගොඩවූ නිමල් යෝජනාවක් ඉදිරිපත් කළේය.
‘මචං හවසට අඩියක් ගහමුද?
‘හවස හයර් එකක් තියෙනවා.’
හත විතර වෙනකොට මට එන්ඩ පුළුවන් උඹලා සෙට් වෙයන්’ සමන්ත පෙරළා පිළිතුරු දුන්නේය.
‘එහෙනම් ඉක්මනට ඇළ පාරේ කජු ගහ ළඟ බෝක්කුව ගාවට වරෙන් අපි එතැන ඉන්නවා.’ නිමල් ඔවුන්ගේ ගමටම එපා වූ පිළිලයක් විය. චණ්ඩිකම ඇඟට ගෙන මැරකම් හා කප්පම්වලින් ජීවිතය ගෙවූ කෙනෙකි.
රාත‍්‍රී අඳුර හතරවටින් ගලාගෙන යද්දී නිමල් ඇතුළු ඔහුගේ සගයෝ කජුගහ ළඟ බෝක්කුව අසලට වී බෝතලයක් හිස් කරමින් සිටියහ. වෙලාව රාත‍්‍රී හතයි තිහට පමණ ඇත. සමන්තගේ ත‍්‍රිරෝද රථයේ පැමිණිවේගයට තිරිංග තද කළත් එය නොපෙරළී බේරුණේ අනූ නවයෙනි.
‘මොකද බං...’
‘අරකි... අරකි...’
‘කවුද’
‘වයලට් නැන්දගේ කෙල්ල....’
‘ඉතින් කෙල්ලෙක්ව දැක්කේ අදමද ඔච්චර ගැහෙන්නේ...’
‘නෑ... බං... මම කෙල්ලෙක් තනියම යන හින්දා ඒකි ළඟ ත‍්‍රීවිල් එක නවත්තලා නංගී නගින්න කිව්වා. එතකොටයි මම ඒකිව දැක්කේ.’
‘මම ඇහුවා මෙච්චර කල් කොහෙද හිටියේ කියලා’
‘ඒකි අර රබර් කැලේ පැත්තට අත දික්කරා.... ඊට පස්සේ මම ආයෙ ඒ පැත්තට හැරෙනකොට ඒකි නෙවෙයි හිටියෙ. බලන්න බය හිතෙන මූණක්. ඊට පස්සේ මම පැනලා එන්න ආවා බන්’
වරෙන් යන්ඩ. අපි බලමු.’ ‘මටනම් බෑ... උඹලට  ඕනේනම් ගිහින් බලපං’
නිමල් සහ ඔහුගේ ගෝලයකු ත‍්‍රීරෝද රථයක් ගෙන ඇළ පාර දිගේ මහා පාර ළඟටම ගියද තරුණියක් තියා කිසිවකු දැකගත නොහැකි විය. ඔවුන් යළි ත‍්‍රිරෝද රථය හරවාගෙන පැමිණියේය.
මූට බොන්නත් කලින්ම වෙරිවෙලාද කොහෙද? ගමේ උන්ව බය කරන්ඩ ඔය කතාව එකෙක්ට හරි කියලා තිබ්බොත් මම උඹව මරලා දානව දැන ගනින්’
නිමල් සමන්තට පැවසුවේ තර්ජනයක ස්වරූපයෙනි. කෙසේහෝ එදින ? වන තෙක්ම ඔවුහු බෝතල් දෙක තුනක්ම හිස් කළහ.
ඇළ පාරේදී සමන්ත අවන්තිට බිය වූ ආරංචිය ඔහු ගමේ උදවියට නොපැවසුවත් ඔහුට වැඩි දිනක් සඟවාගෙන සිටිය නොහැකිවිය. ඇළ පාරේ රාත‍්‍රී කාලයේ ගමන් කළ ත‍්‍රිරෝද රථ කිහිපයකම ගමන් කළ තරුණයන් අවන්තිට බියවීමත් සමගම ඒ ආරංචිය ලැව් ගින්නක් සේ ගමපුරා පැතිර ගියේය.
ඇය ඇත්තෙන්ම මිය ගොසින්ද?
නැත්නම් ඇළ ඉවුරේ හොල්මන් කරන්නේ කවුද?
කෙසේ වුවත් ඉන්පසුව රාත‍්‍රී කාලයට ඇළ පාරේ ත‍්‍රිරෝද රථ ගමන් කිරීම නතර විය. එයට හේතුවූයේ ත‍්‍රිරෝද රියක් ඇළට පෙරළී එහි ගමන් ගත් අයකු මිය යෑමයි.
එදින වැසි බර දිනයකි. සුපුරුදු ලෙස හන්දියේ සඟයකු සමග කජු ගස යට බෝක්කුව අසලට වී අරක්කු බෝතලයක් හිස්කළ නිමල් රාත‍්‍රී දහයට පමණ නිවස බලා යෑමට පිටත් විය. එදින ඇළ පාර මීදුමෙන් වැසී තිබුණි. සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන ත‍්‍රිරෝද රථයේ මලානික එළියෙන් මාර්ගය මැද සුදු පැහැති ඡුායාවක් ඇති බව ත‍්‍රිරෝද රථය පැද වූ සුරංග මල්ලී හොඳින්ම දුටුවේය. එහෙත් ඒ ගැන යළි සිතන්නට ද ඔහුට වෙලාවක් නැත. පිහියක් අමෝරාගෙන ලේ පෙරෙමින් ත‍්‍රිරෝද රථය දෙසට එන අවන්තිගේ හොල්මන ඔවුන් දෙදෙනාම හොඳින් දුටුවේය.
‘මචං  ඕකිගෙ ඇඟටම වාහනේ කපපං’
නිමල්ට කිව හැකිවූයේ එපමණකි. සුරංග ති‍්‍රරෝද රිය ඇය දෙසටම කළේය. ඇළේ බැම්මෙන් පෙරළී ගිය ති‍්‍රරෝද රිය වතුරේ ගිලී යන්නට වැඩි වෙලාවක් ගතවූයේ නැත. සුරංග ගොඩට ආවේ කෙසේදැයි කියා හෝ ඔහුට මතක නැත. එහෙත් පරිසරය දෙදරවමින් ඇසුණු ගැහැනියකගේ සිනාහඬ නම් ඔහුට තවමත් මතකය. නිමල් ත‍්‍රිරෝද රිය තුළ සිරවී මියගොස් සිටියේය.
සති කිහිපයක් පමණ ගෙවී ගියේය. පිට ප‍්‍රදේශයක සිට පැමිණි ත‍්‍රිරෝද රථයක් ඇළ පහර අසල නතර විය. ඒ ඔහුගේ ශාරීරික අවශ්‍යතාවයක් උදෙසාය. ඔහු යළි ත‍්‍රිරෝද රථයට පැමිණෙන විට තරුණියක් එහි වාඩිවී සිටියි.
‘අයියේ ඇළ පාරට යන්න පුළුවන්ද?
‘නංගි මම මෙහේ නෙවෙයි’
‘අර ඈත එළිය පේන ගේ ගාවට’
‘පාර හොඳයි ද?’
‘මේ පාර කෙළින්ම යන්නේ එතැනට’
ඔහුට මතක ඔහු එතැනින් පිටවූ මොහොතය. ඔහුට සිහිය එනවිට ඔහු සිටියේ රබර් වත්තක් මැදය. ඔහුගේ වාහනයේ යතුරද නැත. වාහනය එතැනම දමා ඔහු ගමට දිවගියේය. පසුදා උදේ ගමේ මිනිසුන් සමග ඔහු පැමිණියේය. ත‍්‍රිරෝද රිය වූ තැන අලූතෙන් වසා දැමූ පස් ගොඩකි. ඒ මත යතුර ඇත. ගමේ මිනිසුන් වළ හාරා බැලූ කළ එතැන කුණුවී ගිය අවන්තිගේ නිරුවත් මළ සිරුර විය. දඬුවම් හිමිවූයේ ඇයව ¥ෂණය කර මරාදැමූ පුද්ගලයාටද? එය තවමත් අභිරහසකි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

48  ලෝරා හාමුගේ අවතාරය වළව්වත්තට අරක්ගනියි සිටියේය.



වසර ගණනාවක් තිස්සේ තම හිතේ පැවති බලාපොරොත්තුවක් සපුරා ගනිමින් සිරිනාග පරපුරට අයත් මහ වලව්ව සෝමරත්න මිලදී ගත්තේ රුපියල් කෝටි ගණනක් යටකරමිනි. කුඩා කාලයේ දිළිඳු බවින් දැඩිලෙස පීඩාවිඳි සෝමරත්නට වලව්වත්තේ වැටෙන පොල් ඇහිදීමට ගොස් ගුටි කෑ ආකාරය වසර තිස්පහක් ගෙවී ගියද අද ඊයේ මෙන් හොඳින් මතකය. තම පියාගේ බේබදුකමත්, පවුලේ දුප්පත්කමත් ඉවසාගත නොහැකි වූ තැන අවසානයේ වයස අවුරුදු දාහතරේදී නිවසින් පැනයෑමට තීරණය කළේය. ගමේ කැලෑවෙන් හොරෙන් ගස් කපා මොරටුවට ගෙනයන ලොරියක කොට ගොඩ උඩ නැග ගමෙන් මොරටුවට පැමිණෙන සෝමරත්න අද වනවිට කෝටිපති ව්‍යාපාරිකයෙකි.
මහ පරිමාණ ලීමෝල් කිහිපයකම හිමිකරුවෙක් වූ ඔහු ගෙවීගිය වසර තිස්පහ තුළ තම මනසේ රැුඳී පැවති දුප්පත්කමේ වේදනාව හේතුවෙන්ම මුදල් සෙවීමේ යහපත් මාර්ගවලට වඩා ඉක්මනින් මුදල් සෙවීමේ ක‍්‍රම වෙත යොමුවීමට ඔහු උත්සුක විය. මෙහි එක් ප‍්‍රතිඵලයක් ලෙස තම ගමේ වූ මහා වනාන්තරයේ බොහෝ වටිනා ගස්වල ඉරණම විසදුණේ සෝමරත්නගේ ලීමෝල් තුළදීය.
ගමෙන් පැන ආ කොලූ ගැටයකු ලී මඩුවක අත්උදව් දෙන්නකු ලෙස සේවය කර කෙටි කාලයක් තුළ මහා පරිමාණ ව්‍යාපාරිකයකු වන්නට ඔහු තුළ පිනක්ද පැවතිය යුතුය. කෙසේ හෝ සෝමරත්න කුමන උප්පරවැට්ටියක් යොදා හෝ අවසානයේ තම අරමුණ ජයගත්තේය.
කන්ද උඩරට පාරම්පරික වලව්වක් වූ සිරිනාග වලව්වේ ඉතිහාසය වසර දහස් ගණනකට ඈත අතීතයට දිවයයි. ගරා වැටෙමින් තිබූ වලව්ව මිලදීගැනීමෙන් පසු එය නවීකරණය කිරීමටද ලක්ෂ ගණනක් වැයකිරීමට ඔහුට සිදුවිය. නිවස වටා පර්චස් සියයක පමණ ප‍්‍රදේශයක තිබූ ගස් හා කඩා බිඳ වැටුණු ගොඩනැගිලි සියල්ල ඉවත්කර දමා ඉතා අලංකාර උද්‍යානයක් ලෙස සකස් කළේය. පැරණි කබොක් ගලින් බැඳ තිබූ තාප්පය හා ගේට්ටුව ගලවා දමා පැරණි බලකොටුවල ඇති ගල් තාප්ප මෙන් කළුගල් තාප්පයක් ඉදිකර විශාල ලී ගේට්ටු දෙකක් යෙදුවේ ගමේ බලය තමාට හිමිවූවාක්ය යන හැඟීීමෙනි. නිවසට දකුණු පසින් ඉඩමේ කෙළවරට වන්නට පැරණි සොහොන් කොත් කිහිපයක් පැවතියේය. ඒ සිරිනාග පවුලේ පැරණි සොහොන් බිමය. සෝමරත්නගේ නියමයෙන් සොහොන් කොත් බිමට සමතලා වූයේ වලව් පරපුරේ මතකයද ගැමියාගේ සිත් තුළින් මකා දමමිනි.
කාලය කෙමෙන් ගෙවී ගිය අතර සිරිනාග වලව්වේ සියලූ ඉදිකිරීම්වලින් පසු පෞද්ගලික ආරක්‍ෂක අංශයක සේවකයකු හා නිවස බලාකියාගැනීමට පුද්ගලයකුද යෙදවීය. එහෙත් කිසිවකු දින දෙක තුනකට වඩා එහි සේවය කළේ නැත. සමහරු නිවසින් යන්නට ගියේ තමන් යළි නොපැමිණෙන බවද නොකියාමය.
හේමේ නැතහොත් හේමපාල නිවසේ වැඩට පැමිණෙන්නේ මේ අතරතුරය. හේමේ වලව්වට පැමිණෙන විට උදෑසන දහයට පමණ ඇත. මැදිවිය ඉක්මවූ ඔහු කුඩාකල සිටම විවිධ වලව්වල සේවය කර අත්දැකීම් සහිත අයෙකි. ඔහුව මේ නිවසට රැුගෙන ආ පුද්ගලයා පිටව ගිය පසු ඔහු මුලින්ම හොඳින් නා කියා ගත්තේය. ඉන්පසු වලව්වේ එකින් එක කාමරවලට ගමන් කරමින් තමා මින් ඉදිරියට සේවය කළ යුතු සම්පූර්ණ වලව්වම හොඳින් දැකබලා ගත්තේය. වලව්වේ දොරවල් වසා දැමූ හේමේ වත්ත වටා රවුමක් ගමන් කළේය. වත්තේ ස්වභාවය අවබෝධ කරගැනීම ප‍්‍රථමයෙන්ම කළ යුතු යැයි ඔහු සිතුවේය. එය අක්කර සිය ගණනක වත්තකි. තවමත් එහි වගා කටයුතු අරඹා නැත. නිවස අවට ඇත්තේ පොල් ඉඩම්ය. නිවසේ අලූතින් ඉදිකළ උද්‍යානයට එපිටින් පෙනෙන මානයේ පොල්ගස් යට තිබූ කැලෑවද මේ වනවිට සම්පූර්ණයෙන්ම වාගේ එළිපෙහෙළි කොට ඇත.
වත්ත වටා ඇවිද ගිය හේමේ පැයකින් පමණ යළි වලව්වට ගොඩවිය. වලව්වේ මෙන්ම වලව් ඉඩමේද කුමක් හෝ ගුප්ත බවක් පවතින්නේ යැයි පුරුද්දෙන් මෙන් ඔහුට දැනුණි. කෙමෙන් කෙමෙන් මළානික හිරුකිරණ සිරිනාග වලව්වත්තට පතිතවෙමින් පැවතුණි.
හේමේ වලව්වේ සියලූම කාමර වසා යතුරු දැමුවේය. එය ඔහු සෑම වලව්වකදීම පුරුද්දක් ලෙස කළ දෙයකි. වෙන වෙනම තිබූ දොරවල්වල යතුරු එක්කර යතුරු කැරැුල්ලක් ලෙස සාදා ගත් හේමේ එය තමන්ගේ කාමරයේ බිත්තියේ වූ ඇඳුම් එල්ලන බෝල කූඩුවේ එල්ලූවේය. අන්ධකාරයෙන් මුළු වලව් වත්තම වැසීයද්දී, මුර කුටියේ සිටි මුරකරු හා හේමේ ? කෑමෙන් පසුවද පැය කිහිපයක් වලව්වේ ඉස්තෝප්පුවට වී කතා කරමින් සිටියේය. රාත‍්‍රී දහය පසුවෙද්දී ඉස්තෝප්පුවෙන් නැගී සිටි හේමේ නිදාගැනීම සඳහා නිවස තුළට පිවිසියේය. අවසන් වරට දොර ජනේල වසා ඇති බව පසක් කරගත් ඔහු සාලයේ විදුලි බුබුලක් දල්වා තබා කාමරයේ ඇඳට ඇලවුණේය. ගමන් විඩාව නිසාම මොහොතකින් ඔහුට නින්ද ගියේය.
‘දඩාං.......’
නින්දෙන්ම ඇසුණු සද්දයකින් ඔහු උඩ විසිවී ගොස් ඇහැරුණේය. අත ළඟම තිබූ විදුලි පන්දම දල්වා, ඔරලෝසුව දෙස බැලූ විට මධ්‍යම රාත‍්‍රිය පසුවී ඇති බව දුටුවේය.
‘සිලි..... සිලි..... සිලි.....’
දම්වැල් එකින් එක ගැටෙමින් එකට ඇදී යන හඬක් සමගින් ගැහිනියකගේ වියරු සිනා හඬකින් වලව්ව දෝංකාර දෙන්නට විය.
හිහ්..... හිහ්..... හිහ්
හිහ්..... හිහ්..... හිහ්
මෙවර ඒ සිනාහඬ පෙරටත් වඩා වේගවත්ය. හේමේ එවෙලෙහිම නැගීසිටියේ කොට්ටය යට සඟවා තිබූ වක් කැත්තද අතට ගනිමිනි. සිතේ ඇතිවූ තිගැස්ම පසෙකට දැමූ හේමේ විවරව තිබූ කාමරයේ දොරෙන් එළියට පැමිණියේ අවේලාවේ ඇසෙන සිනාහඬ කුමක් විය හැකිද යන කුතුහලයෙන් යුතුවය. කාමරයෙන් එළියට විත් හෙමින් හෙමින් කල්පනාවෙන් සාලය දෙසට ගමන් කරන්නට විය.
සිලි..... සිලි..... සිලි
දම්වැල් හඬ පඩිපෙළ දිගේ ඇදී යන හඬ සමගින් මහ හඬින් හිනාවෙන හඬද යළි ඇසෙන්නට විය.
හිහ්..... හි..... හි.....
හේමේ වේගයෙන් සාලය දෙසට දිව ආවේ සිනා ශබ්දය උඩුමහල දෙසට ඇදී යන බව වැටහීමත් සමගය. සාලයේ දැල්වූ විදුලි පහනේ ආලෝකයෙන් යම් ඡුායාවක් පඩිපෙළ මුදුනෙන් දුටුවද එය ආලෝකයක් යැයි සිතූ ඔහු පඩිපෙළ දිගේ ඉහළට දිවයන්නට වූයේ විදුලි පන්දමද දල්වා ගනිමිනි.
දඩාං.......
උඩුමහලේ කාමරයක දොර ඇරී බිත්තියේ වැදුණු හඬ එකවරම ඇසුණේය. හේමේ ගල් ගැසී නතර විය. තමා යතුරු දමා වැසු කාමරයක් ඇරෙන්නේ කෙසේද? ඔහු මොහොතක් සිතන්නට විය. හිමින් හිමින් ඔහු කාමරය දෙසට පැමිණියේය. කාමරයේ දොර පියන් දෙකම ඇර දමා ඇත. වක්පිහිය තදින් අල්ලා ගත් ඔහු විදුලි පන්දම කාමරය තුළට එල්ල කළේය. කාමරය තුළ කිසිවෙකුත් නැත. ඔහු කාමරය තුළට ඇතුළු වී විදුලි බුබුල දැල්වූවේය. අන්ධකාරය මැදින් කාමරයට ඇතුළුවන විට කාමරයේ දකුණුපස ඇඳක් තබා ඇති බව ඔහු දුටුවේය. විදුලි පහන දැල්වූ පසු ඔහුට එවැන්නක් පෙනෙන්නට නැත. එසේනම් තමා අන්ධකාරයේ දුටුවේ කුමක්ද? කාමරෙ ය් ජනේල දෙකද හැර දමා ඇත. ඔහු ජනේලයෙන් බැල්කනියට පිවිසියේ විදුලි බුබුලද දල්වමිනි. පෙනෙන්නට කිසිවක් නැත. ජනේලයත් දොරත් ඇරුණේ කෙසේද? මෙය තමාට මඟහැරුණු දොරක්ද? ජනේල පියන් තමා වසා තිබූ බැවින් තමන් පිරික්සා නොබැලූමුත් නින්දට පෙර සියලූ දොරවල් වසා යතුරු කැරැුල්ලත් තමා ළඟ තබා ගත් බවත් ඔහුට හොඳින්ම මතකය. ඔහු යළි හැරීගොස් දොර දෙස බැලූවේය. යතුර දොරේ දක්නට නැත. එහෙත් දොර ඇර දමා ඇත. කාමරය එසේම තිබියදී ඔහු බැල්කණියේ සිට මුරකාරයට කතා කළේය.
‘ජිනදාස..... ජිනදාස.....’
කිහිපවරක්ම කතාකළ නමුත් ඔහුගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නැත. ඉහළ මාලයේ ජනේලය වසා දැමූ ඔහු සාලයට පැමිණ වත්තේ විදුලි බුබුළු දල්වා දොර ඇරගෙන මුරකුටිය දෙසට ගමන් කළේය.
‘ජිනදාස මල්ලි.....’
‘කවුද?’
‘මම හේමේ.....’
ඔහු බියෙන් වෙව්ලමින් සිටියි. කිසිවක් නොවුණා සේ හේමේ කතා කළේය.
‘ඇයි..... මල්ලී?’
‘නෑ.... මේ..... මේ..... හොල්මනක්.....’
‘මොකෙක්?’
‘ඇයි අයියා දැක්කේ නැද්ද?’
‘මම මොකෙක්වත් දැක්කේ නෑ’
‘ඇයි ..... සද්දේ ඇහුණෙවත් නැද්ද?’
‘ඇයි මොකක්ද?’
‘නෑ..... සුදු ඇදගත්ත ගෑනියෙක් මහ හයියෙන් හිනාවෙවී අර පැත්තේ ඉදන් දුවගෙන ආවා. ඒ එක්කම දම්වැල් සද්දෙකුත් ආවා. මට මුලින් ඇහුණේ සද්දේ විතරයි. එතකොට මම ගේ පැත්තට ආවා. ඒ ගෑනි වත්ත දිගේ දුවගෙන ගේ පිටිපස්සට ගියා. ඒ එක්කම දොරක් ඇරෙන සද්දයක් ආවා. මට හීන් දාඩියත් දැම්මා. මම මුරකුටියට වෙලා දොර වහාගත්තා......’
තමා එළියට පැමිණියේ ඉදිරි දොරෙනි. එසේනම් උඩුමහලේ දොර මෙන්ම, පිටුපස දොරද ඇරදමා තිිබිය යුතුය.
‘මටත් මේ සද්දයක් ඇහිලා එළියට ආවේ’ එහෙත් ඔහු තමාට ඇසුණු දෙය කියා ජිනදාසව බිය කිරීමට සිතුවේ නැත.
‘මල්ලිට ටිකක් නින්ද යන්ඩ ඇති. බය නොවී ඉන්ඩ.  ඕනේ වෙලාවක මට කතාකරන්න. මම ඉන්නේ පිටිපස්සේ කාමරේ. ජනේලෙ ළඟින් ඇවිත් කතාකරන්න’
ඔහු ඉදිරි දොර වසා දමා නිවසේ පිටුපසට ගමන් කළේය. නිවසේ පිටුපස දොර ඇරදමා ඇත. ඔහු පෙරදින රාත‍්‍රියේ වසා දැමූ දොර ඇරුණේ කෙලෙසද? නිදිවර්ජිතව රාත‍්‍රිය ගෙවීගියේය.
පසුදා උදෑසනින් ගම දෙසට ගමන් කළ හේමේ වලව්ව පිළිබඳ තොරතුරු විපරම් කළ බැලූවේය. තේ කෝප්පයක් බීමට මෙන් කඩයට පිවිසි ඔහු කඬේ මුදලාලි සමග කතාවට වැටුණේය.
‘මුදලාලි අර සිරිනාග වලව්වේ හොල්මන් තියෙනවද?’
‘ඔහේ අලූත් මුරකාරයද?’
‘බංගලාව බලාගන්නේ මම’
‘ඔය එන ගමන්ද?’
‘නෑ ඊයේ ආවේ’
‘එහෙනම් ඔය යන ගමන් වෙන්ඩ ඇති’
‘ඇයි එහෙම කිව්වේ’
‘පසුගිය කාලේම වලව්වේ මුරට ආපු අය දවසයි දෙකයි හිටියේ’
‘ඔය වලව්වේ හොල්මන් තියෙනවා. හැබැයි අලූතෙන් ගේ හැදුවට පස්සේ ඒක ගොඩක් වැඩියි. ඉස්සර මාසෙකට දෙකකට සැරයක් තමයි, ලෝරා හාමුට කවුරු හරි බයවුණේ’
‘කවුද ලෝරා හාමු කියන්නේ’
‘ඔය වලව්වේ අවුරුදු 30-40කට කලින් හිටපු කුමාරිහාමි. එයා දම්වැල් එක්ක දුවනවා දැකපු ගමේ අය  ඕනතරම් ඉන්නවා’
‘ඔහෙත් දැක්කද?’
‘මට ඇහුණා..... ඇයි ඒ?’
‘අපේ තාත්තලාගේ කාලේ ඉඳන් ඔය වලව්වේ හාමුගෙන් ගමට කරදර තිබිලා තියෙනවා. හාමු හරි සෙල්ලක්කාරයෙක්ලූ. හාමුගේ නෝනා වෙච්ච ලෝරා හාමුව එළියේ තියෙන කාමරයක දම්වැල් දාලා බැදලා වෙන වෙන ගෑනුත් එක්ක කාමරයේ නිදාගන්නවලූ. එක දවසක් ලෝරා හාමු කොහොම හරි දම්වැල කඩාගෙන ගිහින් ගෙදර තිබුණු තුවක්කුවෙන් මිනිහට වෙඩි තියලා බැල්කණියට ඇවිත් එයත් වෙඩි තියාගෙන මැරිලා. එදා ඉදන් එයාගේ අවතාරය ඉඩම වටේ කැරකෙනවා. ඒ ගොල්ලන්ගේ සොහොන් තමයි ඔය වත්තේ කෙළවරේ තිබුණේ. ළමයි දෙන්නා ටික කාලයකින් පිටරට පදිංචියට ගියා. වලව්ව ගරාවැටෙන්න ගත්තා. සොහොන් කඩලා දැම්මට පස්සේ ඒ ප‍්‍රශ්නෙ තවත් වැඩියි වගේ’
හේමේට කාරණය පැහැදිලි විය. ඔහු යළි වලව්වට පැමිණියේය. මුරකරු පිටව ගියද, ඔහු වලව්වේම නතර විය. වලව්වල මළගිය ආත්ම පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට තිබුණි. රාත‍්‍රිය කෙමෙන් උදාවිය. ඔහු නිදිවර්ජිතව සිටියේය. වෙලාව රාත‍්‍රී දොළහ පසුවූවා පමණි.
‘දඩාං’
ඔහුගේ කාමරය ඉදිරියෙන් දිවයන සුදු ඇඳුමෙන් සැරසුණ ගැහැනිය හොඳින් දුටුවේය. ඔහු නිසොල්මනේ බලා සිටියේය.


වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

47  සුමනාගේ ආත්මය හොල්මන් වංගුවේදී මිනිසුන් බිලිගනියි

පෙරදා සවස සිට ඇදහැළෙන චුරු චුරු වැස්ස තවමත් නිමාවී නැත. පියල් ඔරලෝසුවේ කටු දෙස බලාගෙන සිටියේ අරමුණකින් තොරවය. පෙරදා රාත‍්‍රියේ එක්වරම ඇති වූ දරුවාගේ උණ ගතිය හේතුවෙන් නිදිවර්ජිතව රැුය පහන් කිරීමට ඔහුට සිදුවිය. යාන්තමට වගේ බිම්කළුවර පහවන තෙක් ඔහු බලා සිටියේ උදේ රැුයින්ම දරුවා වෛද්‍යවරයකු වෙත රැුගෙන යෑමටය.
‘ජීවන්ති පහයි වෙලාව. අපි යමුද?’
‘උදේ වැඩි නැද්ද පියල්’
‘හයට ඩොක්ටර් එනවනේ. දැන්ම ගියොත් අපිට පළවැනි අංකයම ගන්න පුළුවන්’
තිදෙනාම ඔවුන්ගේ රතු පැහැති කාරයට නැගුණහ. පියල් කොළඹ නගරයට ආසන්න ප‍්‍රධාන මාර්ගයක් දිගේ වේගයෙන් වාහනය පදවාගෙන යන්නට වූයේ, මුල් අංකයක් ලබාගැනීමේ බලාපොරොත්තුවත් සමගය. රැුය පුරා පැවති චුරු චුරු වැස්ස හේතුවෙන් තරමක මීදුමකින් මාර්ගය වැසී ගොසිණි. කිසිදා සිතට නොදැනි මොකක්දෝ අමුත්තක් පියල්ගේ හිත තුළ තෙරපෙමින් පැවතුණි. ඒ පෙරදා රැුයේ නිදිවැරීම නිසා ඇති වූ නිදිමත හා දරුවාගේ රෝගී තත්ත්වය නිසායැයි ඔහුට සිතුණේය.
මාර්ගය ඉදිරියෙන් වූ වංගුව හේතුවෙන් වාහනයේ වේගය තරමක් අඩු කළ පියල් වීදුරුවේ බැඳී ඇති ජල වාෂ්ප අතින් පිහිදා දැමුවේ මාර්ගය හොඳින් පෙනෙන ආකරයටයි. වංගුව පසුකර ඔහුට ගමන් කළ හැකිවූයේ ටික දුරකි. තමා දරුවා දෙස බලා නැවත ඉදිරිය බලත්ම පාර මැද මිනිසකු සිටිනු ඔහු දුටුවේය. පියල් එකවරම වේගයෙන් වාහනය දකුණු පසට කැපුවේ මේ නන්නාඳුනන මිනිසා වාහනයේ වැදීම වළකාගනු පිණිසය.
ක්රාස්..... දඩං.......
පියල් දුටුවේ ඉදිරියෙන් දැල්වුණු ආලෝක ධාරා දෙකක් පමණි. ඒ ඔහුගේ අවසන් දැකීමයි. වේගයෙන් පැමිණි නගරාන්තර බසයක් කාරය කුඩු පට්ටම් කරමින් ඇදී ගොස් මාර්ගයෙන් එළියට පැන නතර විය. කාරයේ ගමන්කළ තිදෙනාම මෙලොව ජීවත් වූ අවසන් තත්පර කිහිපය ඒ විය.
ඒ ඉතා මැතකදී සිදුවූ සිදුවිමකි. මීට වසරකට පමණ පෙර එම ස්ථානයේදීම මුහුණ දුන් සිදුවීම් කිහිපයක් එක්වනම මගේ සිතට නැගුණි. වෙලාව රාත‍්‍රී නවයට පමණ ඇත. මාත් මාගේ බිරිඳත් යතුරු පැදියේ නැගී නිවසට පැමිණෙමින් සිටියෙමු. කලින් කී අනතුර සිදුවූ ස්ථානයට තරමක් ඈත තිබියදී වූ එක්වනම
‘නවත්තන්ඩ... නවත්තන්ඩ.. ඉස්සරහ බස් එකක්’ යනුවෙන් බිරිඳ කෑ ගසද්දීම මා හෙමින් ගමන් කරමින් තිබූ බයිසිකලය නතර කර ගත්තෙමි. මා ගමන් කළ දෙසටම ගමන්කළ වායු සමනය කළ අධි සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයේ නවතා ඇත. මා වෙනත් කල්පනාවක පැමිණියේද නැත. එහෙත් මා බස් රථය දුටුවේ ඒ මොහොතේදීමය. සුඛෝපභෝගී බස් රථයට ගෑවෙන නොගෑවෙන ලෙස බයිසිකලය නතර වී ඇත.
‘ඇයි.... ඔයා බස් එක දැක්කේ නැද්ද?’
‘නෑ....’
‘මට හිතුණා, ඒකයි මම කෑගැසුවේ’
දින කිහිපයක් ගෙවී ගියේය. එදින තරමක වැහි පොදයක් පතිත වෙමින් පැවතුණි. මාත් බිරිඳත් සුපුරුදු ලෙස කාර්යාල කටයුතු නිමවී යතුරුපැදියේ නිවසට ගමන් කරමින් සිටියෙමු. මීට පෙර දිනයකදී මගේ යතුරුපැදිය බසයේ හැපීමට ගොස් බේරුණු ස්ථානය පසුවී යතුරුපැදිය ඉදිරියටම ගමන් කරමින් තිබුණි.
‘දඩාං.............’
වේගයෙන් ආ යමක් එක්වනම යතුරු පැදියේ ගැටුණේය.
මා ඉතා තදින් යතුරු පැදියේ හැඬලය අල්ලා ගත්තෙමි. දැඩි වෙහෙසක් දරා නොවැටී බේරුණත් යතුරු පැදිය නතර වූයේ, මාර්ගය අයිනේ වූ කානුව තුළය. මාර්ගයේ කිසිවක් නැත. එසේනම් යතුරු පැදිය වැදුණේ කුමකද? යතුරු පැදියෙන් බැස මා පසුපස බැලූ විට පාර මැද වාඩිවී අප දෙස බලා සිටිනා වඳුරෙක්ගේ ඇස් දෙක ගිනි බෝල දෙකක් මෙන් දිස්වන්නට විය. මම වහා එය බිරිඳට පෙන්වීමට බිරිඳට කතාකර යළි ඒ දෙස බලන විට කලින් දුටු ගිනිබෝල ඇස් ඇති වඳුරා පෙනෙන්නට නැත.
ඇත්තටම ඒ වඳුරෙක්ද? රාත‍්‍රියට වඳුරන් ගමන් නොකරයි. ඌ වඳුරෙක්ම නම් ඇස් රත් පැහැ වූයේ කෙසේද? හිතේ පිරි ප‍්‍රශ්න රැුසක් සමගිින් අපි එතැනින් නික්ම ගියෙමු. ඉන්පසු අප එම සීමාව තුළ ගමන් කරන විට බොහෝ කල්පනාවෙන් ගමන් කිරීමට හුරුවූයෙමු. එදින සෙනසුරාදා දිනයකි. වේලාව සවස හයහමාර පමණ වන්නට ඇත. එදින අප දෙදෙනා ලොකු කතාබහක් පිටම හෙමින් හෙමින්
යතුරුපැදියේ පැමිණෙමින් සිටියෙමු. කලින් පැවසූ වංගුවේ වූ කහ ඉර පසුකරනවාත් සමගම දිග සර්පයකු පාර හරහා ඇදෙනු මම දුටුවෙමි. යතුරු පැදිය නැවැත්වීමට වේලාවක් නැත. යතුරුපැදිය සර්පයාගේ ඇඟ උඩින් යද්දෙන් යැයි සිතා කකුල් ඔසවා ගත්තේ ඉබේටමය.
‘ඇයි’
‘ඔයා දැක්කේ නැද්ද සර්පයෙක්’
‘කොහේද’
‘සයිකලේට අහුවුණා’
‘පිස්සු’
ඇය මට සමච්චලයෙන් මෙන් සිනාසුණාය.
වහාම අපි සයිකලය නවත්වා බැලූවෙමු. කිසිදු සර්පයෙක් නැත. ‘මේ හරියේ මොකක් හරි අමුතු දෙයක් තියෙනවා’ අප ඉදිරියේ වූ තැඹිලි කඩයක් අසල බයිසිකලය නවත්වා කඩයේ මුදලාලි සමග කතාබහට වැටුණෙමු.
‘අයියේ මේ හරියේ වාහන අනතුරු ටිකක් වැඩියි නේද’
‘ඇයි මල්ලී’
මේ ස්ථානයේදී මා මුහුණදුන් සිදුවීම් සියල්ලම මම ඔහුට පැවසුවෙමි.
‘ඔව් මල්ලී, මාසෙකට වාහන හය හතක් හැප්පෙනවාමයි. දවසක් සුමනා කියලා ගෑනු කෙනෙකුයි එයාගේ දරුවයි ඔය කහ ඉරෙන් පාර පනිනකොට, ලොකු වාහනයකින් ඒ දෙන්නා යට කරන් ගියා. එදා ඉ`දන් මෙතැන ඉඳලා හැතැප්මක් විතර සීමාවේ මරණ  ඕන තරම් වුණා.’ ඒ ගෑනු කෙනා මේ වංගුවේ හොල්මන් කරනවා කියලා තමයි හැමෝම කියන්නේ. ඒ නිසා මෙතැනට හොල්මන් වංගුව කියලත් කියනවා.
කෙසේ හෝ ඒ මාරක ඉසව්වේදී තවදුරටත් කුඩා වාහන බොහොමයක් විවිධ සතුන් බේරීමට ගොස් අනතුරුවලට ලක්වී ඇති අතරම, විශාල වාහනවලට මුහුණදීමට සිදුවී ඇත්තේ වෙනස් ආකාරයක සිදුවීමකටය.
වෙලාව රාත‍්‍රී එකොළහට පමණ ඇත. වරායේ ජැටියට ගල් ගෙනයන ලොරියක් වේගයෙන් කොළඹ දෙසට ඇදී එයි. සිරිදාස වසර විස්සක් තිස්සේ ටිපර් රථ රියැදුරකු ලෙස සේවය කළ අයෙකි. ඔහුට රාත‍්‍රී සේවය හොඳින් පුරුදුය. ලොරිය කුඩා කාරයකටත් වඩා හොඳින් දෑතට හුරුය. අප කලින් පැවසූ වංගුව අසල මිනිසකු සිටින අයුරු ඔහු ලොරියේ හෙඞ් ලයිටයෙන් ඈතදීම දුටුවේය. ඒ නන්නාඳුනන මිනිසා වාහනයට අත දිගු කරගෙනම සිටි අතර, එය වාහනය නවත්තන ලෙස කළ ඉල්ලීමක් හා සමානය. වාහනය ළං වන්නට ළං වන්නට මිනිසාගේ උස මෙන්ම, මාර්ගයට දික් කරගෙන ඇති අතද දික් වන්නට විය. ලොරිය ළංවන විට ඔහු ලොරියටත් වඩා උස ගොස් ඇත. මිනිසා හැර යමක් ඔහු දුටුවේ නැත.
වාහනය නැවැත්වීමට තිරිංග පාගන්නට තැත් කළ ඔහුට පෑගුණේ ඇක්සලලේටරයයි. වාහනයේ වේගය එකවරම වැඩි විය.
දඩාං....
ඉදිරියේ නවතා තිබූ ගල් ගෙනයන ලොරියකම ඔහුගේ ලොරිය වැදුණේ අධික වේගයෙනි. රියැදුරු කුටිය කුඩු වී ගියේය. ඔහුට මතක අවසන් වරට දුටු මිනිසාවය. කෙසේ හෝ සිරිදාසගේ ජීවිතය බේරුණි. මිනිසුන් සිරිදාසව එළියට ගත්තේ අලවංගු යොදා දොර කඩා දැමීමෙනි. ඒ තරමටම ඒ අනතුර ප‍්‍රබලවිය.
මේ සියලූ සිදුවීම්වලින් අනතුරුව අද වෙද්දී ගමේ මිනිසුන් එක්ව එම ස්ථානයේ බුදු මැඳුරක් ඉදිකර රාත‍්‍රිය පුරා පිරිත් විකාශය කරන්නට වැඩ කටයුතු යොදා ඇත. එහෙත් සම්පූර්ණයෙන්ම අනතුරු නිමාවී නැත. මෙහි හොල්මන් කරනුයේ කවුරුන්ද? එය තවමත් නොවිසඳුණු ගැටලූවකි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

46  දියේ ගිලි මියගිය විශ්ව මලී සොයා ගමට එයි


රත්පැහැ ගැන්වුණු සැදෑ හිරු කිරණ මහ වෙල්යාය වසාගෙන ඇත.
ටාං..... ටාං.... ටාං.......
ගමේ පන්සලේ හයේ තේවා මුරය වෙනුවෙන් හැඬ වෙන ඝණ්ඨාරයේ නාදය දසත පැතිරෙන්නේ දෝංකාරයද සමගින්මය. වෙල්යායට එපිටින් වූ වන ලැහැබ දෙසින් කෙමෙන් කෙමෙන් අන්ධකාරය ගලා එමින් පැවැතිණි. මලී සුපුරුදු ලෙසින් වෙල අයිනෙන් වැටුණු ගුරු පාර දිගේ පොත් මිටියද තුරුල්ලට ගෙන හෙමින් හෙමින් පියවර මැන්නාය. පාසලෙන් පසු අමතර පන්තියකටද සහභාගි වී ඇය නිවසට පැමිණෙන්නේ මේ වෙලාවටය. ගම ඇයට හොඳින් හුරුය. ඇහැට කනට පෙනෙන පෙනුමකින් යුත් මලී තරමක් දඟකාර යුවතියකි.
ඈතින් එන අන්ධකාරය පිළිබඳ වැඩි කැළඹීමකින් තොරව ඇය සෙමින් සෙමින් ලාලිත්‍යයකට මාවත දිගේ පිය මැන්නේය. ඇයගේ ගමනේ වෙනදාට වඩා යම් රිද්මයක් ඇත. සිතා මතාම ඇය ඇගේ ගමන් රිද්මය වෙනස්කර ගන්නට හේතුවක්ද ඇත. ඒ වෙල අයිනෙන් වැටුණු මාවත කෙළවර පාලම අසල සිටින තරුණයාය. එහි සිටින කෙනා ඈතට නොපෙනුනද කහ පැහැති ටී - ෂර්ට් එක දුටු විට එය කාගේදැයි කියා සිතා ගැනීමට මලීට එතරම් අපහසු නැත. ඒ විශ්ව අයියාගේය.
දුරින් නෑ කමක් තිබුණද නෑ කමට එහා ගිය ළෙන්ගතුකමක් මලී හා විශ්ව තුළ මතුවෙමින් පැවතිණි. මලී තුළ විශ්ව, කෙරෙහි කැමැත්තක් මෝදුවෙමින් පැවතුණි. මාස කිහිපයකට පෙර සාමාන්‍ය පෙළ විභාගය ලියූ විශ්ව උසස් පෙළට සූදානම් වෙමින් සිටියත් තවමත් සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල ලැබී තිබුණේද නැත. ඇය ඔහුට වඩා වසරක් බාලය. විශ්ව ඈත එන මලී දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේය. ඇත්තෙන්ම මලී ලස්සනය.
‘මොනවද බලන්නේ ඔච්චර’
‘ලස්සන......’
‘කාගෙද.....?’
‘සියාතු මාමගේ අලූත් වසු පැටියගේ’
‘යනවා යන්ඩ......’
‘ඇත්තට.... අර ලියද්දේ ඉන්නේ’
‘කතා කරන්ඩ එපා මාත් එක්ක මම යනවා...’
‘ඉන්නවා.... මාත් එනවා’
‘මම හිටියේ මලී එනකම්මයි’
‘ඇයි මාමලගේ ගෙදර ගියේ නැද්ද?’
‘නෑ.... මම අද එහෙ යන්නේ නෑ. ඔයාව බලලා ගෙදර යනවා.’
‘යනවා යන්න බොරු කියන්නැතිව...’
ඔවුන් දෙදෙනා හෙමින් හෙමින් ගුරු පාර දිගේ ඉදිරියට ඇදුනේය. මලීගේ ගමට ගම් දෙකකට පමණ ඈතින් විශ්වගේ නිවස පිහිටියේය. ඔහු සාමාන්‍ය පෙළට පාඩම් කරන කාලයේ නැවතී සිටියේ මලීගේ නිවෙස ආසන්නයේ පිහිටි විශ්වගේ මාමාගේ නිවසේය.
‘දුවන්නැතිව හෙමින් යනවකෝ’
‘මම දුවන්නෑ....’
‘මලී....’
‘මොකද නම පාඩම් කරනවද?’
‘නෑ....’
‘මම දෙයක් අහන්නද?’
‘ඔයා මට කැමැතිද?’
මලී නිහඬය. ඇය විශ්වට කැමැතිය. එහෙත් ගහෙන් ගෙඩි එන්නාසේ ඇසූ දෙයට ඇය තුළ පිළිතුරක් නොවීය.
‘ඇයි උත්තර දෙන්නැත්තේ. අකැමැති හින්දද?’
‘නෑ... මට බයයි’
‘ඒ කියන්නේ ඔයා කැමැතියි’
‘දන්නෑ.....’
ඇය දුවන්නට විය.
‘නංගී.... ඔහොම ඉන්න මම මාමලාගේ ගෙදර යන්නෑ. මම මෙහෙමම යනවා!
ඇය නතර විය.
‘ඔයාව අයිති මට විතරමයි. ගෙදර අය දන්නෑ මම ආවා කියලා. මම යනවා. මම එන්නන් ඔයාව බලන්න’
ඔහු පිටව ගියේය. මලී හෙමින් හෙමින් නිවසට පිය මැන්නේ හද පිරි සතුටිනි. ඒ ඇයගේ පළමු ආදර අත්දැකීමයි. මොහොතින් මොහොත කාලය ගෙවී ගියේය. ඒ රාත‍්‍රිය ඇයගේ දිගුම රාත‍්‍රිය විය. ඒ ආදරණීය හැඟීම් ඇයගේ නින්දද ඇය වෙතින් උදුරාගෙන ඇත.
‘මේ ඇහුණද?’
ඒ මලීගේ තාත්තාගේ කටහඬය. උදේම කඩයට ගොස් ගෙට ගොඩවන විටම තාත්තාගේ කටහඬ ටිකක් උස් හඬින් ඇසීම එතරම් සුබදායී නොවන බව මලී පුරුද්දෙන්ම දනියි.
පෙරදිනේ වූ සිදුවීම ආරංචි වී ඇත්දැයි බියක් ඇයගේ සිතට නැගී ආවේය. ඇය කාමරයෙන් පිටතට නොපැමිණ එලෙසම සිටියේය.
‘අර රත්නේ අයියලාගේ පොඩි පුතා ගෙඟ් ගිහිල්ලා’
‘චාන්දනීලගේ ගෙදර නතර වෙලා හිටපු ළමයද?’
‘ඔව්’
‘කවදද?’
‘ඊයේ උදේ.... තාම මිනිය ලැබිලා නෑ....’
‘හත් දෙයියනේ...’
‘අම්මේ ඔය බොරු.....’ මට ඊයේ හවස විශ්ව අයියව හම්බවුණානේ.’
‘කොහේදිද?’
‘වෙල පාරෙදී, මම පන්ති ගිහින් එනකොට. එයාව හම්බවුණා. එයා මාත් එක්ක කතා කරලත් ගියා’ ඇය සිදුවූ සියල්ල පැවසුවේ නැත. මේ කතා බහ ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. හවස් වන විට විශ්වගේ මිනිය සොයා ගත්තත්. එය සම්පූර්ණයෙන්ම විකෘති වී තිබුණි. මලීට මේ සියල්ල තේරුම්ගත නොහැකි විය. ඇත්තටම ඔහු මිය ගියාද? එදා තමන්ගේ ආදරය විමසුවේ කවුරුන්ද?
කාලය හෙමින් හෙමින් ගෙවීගියේය. ඇගේ පළමු ආදරය වචන ටිකකට පමණක් සීමාවූ අතර ටික දිනකින් ඇගේ සිතින් ඔහු ගැන මතකයද ඉවත්ව ගියේය. උසස් පෙළ සමත්වීමෙන් පසු කොළඹ පෞද්ගලික ආයතනයක රැුකියාවකට පැමිණි ඇය, කොළඹට ආසන්නයේ බෝඩිමක නතර වූවාය. විහඟ ඇය සේවය කළ ආයතනයේම තරුණයෙකි. ඇය පැමිණ දින සිටම ඇය කෙරෙහි වැඩි උනන්දුවක් ඔහු තුළ විය. අවසානයේ ආයතනයට පැමිණ වැඩි දිනක් යන්නට කලින් මලී පෙම්වතියක් වූවාය.
මාස කිහිපයක් ගෙවී ගියේය. ඇය සුපුරුදු ලෙස සෙනසුරාදා වරුවෙන් වැඩ නිමවී ගමේ යෑමට පිටත් විය. ගොම්මන් කළුවර වෙල්යාය වසාගෙන මෝදු වෙමින් පවතියි. මලී දැන් පිරිපුන් තරුණියකි. ඩෙනිම් කලිසමක් ටී - ෂර්ටයක් ඇද ඇඳුම් බෑගය එක් අතකින් ඔසවාගෙන ඇය ගුරුපාර දිගේ පැමිණෙයි. මලී වෙනස් වුවද ගම එතරම්ම වෙනස්වී නැත. ඇයගේ සිත තුළ කුමක්දෝ චංචල හැඟීමක් මතුවෙමින් පැවතුණි. ඇය තරමක් වේගය වැඩි කළාය. වෙල්යාය නිමවන තැන පාලම මත කහ පැහැති ටී - ෂර්ට් එකක් ඇඳි තරුණයකු ඈතට පෙනෙයි. ඇය එක් වනම නතර විය. ඇයගේ හිත වේගයෙන් ගැහෙයි. එක් නිමේෂයකින් වසර තුන හතරකට පෙර ඇය මුහුණ දුන් සිදුවීම ඇගේ මනස තුළ හොල්මන් කරන්නට විය.
පැසී බරවී ඇති කුඹුරුයාය හරහා වේගයෙන් හමා ගිය සුළඟින් වෙල් යායට ඉහළින් වූ ගස් ඇඹරී යන ඇයුරු ඇය දුටුවේය. ඒ මැරුණු විශ්ව අයියාද? නැතහොත් වෙන අයෙක්ද? ඇගේ සිත සැලෙන්නට විය. ඇගේ ඇඟ සීතල වෙන බව ඇයට දැනුණේය. සිහින් දාඩිය ගත නහවා ගලා යන්නට විය. ඇය පසු පස හැරී බැලූවේ කිසිවෙක් හෝ පසුපසින් එයිදැයි දැන ගැනීමටය. කිසිවකුත් නැත. ඇය ටිකින් ටික ඉදිරියට පැමිණියේය.
ඔහු පාලමෙන් එපිට බලාගෙන සිටියි. මලී වේගයෙන් පාලම මඟහැර යෑමට උත්සහ දැරුවේ ඉතිපිසෝ ගාථාවද පවසමිනි.
‘මලී....’
ඒ විශ්වගේ කටහඬමය. ඇය එක්වනම ගල් ගැසී ගියේය. ඇයගේ දෙපා පණ නැතිවී යන බවක් ඇයට දැනෙන්නට විය. ඇය ඒ දෙස හැරී බැලූවේය.
‘බුදු අම්මෝ...’
ඉදිමී ගිය සැරව ගලන විරූපී වූ බැලීමට තරම් අප්පිරිය අයකු තමන් දෙස බලා සිටිනු ඇය දුටුවාය. ඇය දුවන්නට උත්සහ කළාය. එහෙත් ඇය පාලම මැදට ඇද වැටුණේය.
‘උඹව අයිති මට විතරයි. වෙන එකෙක්ට අයිති වෙන්න මම ඉඩ දෙන්නේ නෑ’ ඇයට අවසන් වරට ඇසුණේ එයයි. ඇයගේ මුහුණට එබෙන්න ඒ විරූපී මුහුණ ඇති කළ බිය ඇගේ ශරීරය අප‍්‍රාණික කළේය. ඇයට සිහිය එන විට ඇය සිටියේ ගමේ වෙද මාමාගේ පූජා කුටිය තුළය. ඒ ඇයගේ ප‍්‍රමාදය නිසා ඇය සොයා ආ පියාට ඇය හමුවීමෙන් අනතුරුවය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

45  මැණිකේ මැරූ රත්නෙගේ ආත්මය නිකිණිගෙනුත් පළිගනියි


නිකිණි සුපුරුදු ලෙස මල් වට්ටියද දෝතින් ගෙන පන්සලට පිවිසියාය. ඇය දෙමසකට අධික කාලයක් තිස්සේ දිනපතා පන්සලට පැමිණෙයි. ඒ බෝධි පූජාවක් කිරීමේ අරමුණෙනි. ගෙවීගිය කාලය ඇයගේ ජීවිතයට ගැටලූ පිරි කාලයකි. දිගින්දිගටම මතුව ආ කරදරවලින් ඇය හෙම්බත් වී අවසානය.
ඇගේ ජීවිතයේ අඳුරු යුගය එළඹෙන්නේ මීට වසර එකහමාරකට දෙකකට පමණ පෙරදීය. ඒ පියා හදිසියේ එක්තැන්වීමත් සමගය. තමන්ගේ ඉඩමේ අඹ ගසක අතු කපන්නට ගොස් ගහෙන් බිමට වැටීමෙන් එක්තැන් වන පියා මාස දෙක තුනක්ම උපරිම ලෙස දුක් වින්දේය. අවසානයේ ඔහු සියල්ලන් හැරදා යන්නට ගියේය. නිකිණි අම්මා සහ මල්ලි සමග හුදෙකලා විය. තාත්තා ජීවිතයෙන් සමුගත් දිනය අද මෙන් ඇයට මතකය.
සෙලවෙන්නටවත් නොහැකිව ඇඳ උඩ දිගාවී සිටි පියා ළඟ බොහෝවිට සිටියේ නිකිණිය. මව ජීවන අරගලය සමග පොර බදන්නට විය. එදින අධික වැසි දිනයකි. පියා හවස සිටම තරමක් කලබල ගතියකින් යුතු බව නිකිණිට වැටහුණි. මව සිල්ලර කඩය තරමක් වේලාසනින් වසා දැමුවද වැස්ස ඇයගේ ගමනට බාධා කළාය. පියා අපහසුවෙන් මවට අඬගහන හඬ නිකිණිට ඇසුණි.
‘මැණිකේ........ ආ........ මැණිකේ’
‘ඇයි........... තාත්තේ’
පියාගෙන් පිළිතුරක් නැත. ඔහු වහලය දෙස බලාගෙන අපහසුවෙන් හුස්ම ගනියි.
‘මැණිකේ........ ව.... වතුර’
ඇය ළඟ තිබූ ගුරුලේත්තුවෙන් කෝප්පයට වතුර ටිකක් ගෙන පියාගේ මුවට වැක්කෙරුවාය.
‘අහ්.........හ්හ්.........’
ඒ පියාගේ අවසන් මොහොතය. ඇයගේ දෙනෙත් ඉදිරිපිට පියා සදහටම ඔවුන් හැරදමා ගියේය. ඇගේ විලාපය මහවැසි හඬ යටපත් කරමින් ඇසෙන්නට විය. පියා දෙනෙත් විසල් කරගෙනම ඇඳ උඩ මියගොස් සිටියේය. පියාගේ මරණයෙන් සය මසක් යන්නටත් කලියෙන් මව හිටිහැටියේම ලෙඩ වන්නට විය.
නිවස පිහිටි ඉඩමේම ඉදිරියේ තිබූ කඩය රාත‍්‍රී 8ට පමණ වසා දැමූ නිකිණිගේ මව, ගෙය දෙසට හිමින් හිමින් පැමිණෙමින් සිටියාය. මල් පඳුරු අතරින් වේගයෙන් දිව ආ කළු පූසකු වැනි සතෙකු ඇය අසලින් දිවයන අයුරු ඇය දුටුවාය. ඇය එය එතරම් ගණන් නොගත්තාය. එම පූසා ආ වේගයෙන්ම ඉඩමේ ඇති අඹ ගසට නැග්ගේය.
කලවැද්දකු හෝ හෝතඹුවකු විය හැකි යැයි සිතූ ඇය නිවස දෙසට පිය මැන්නේය. එහෙත් වැඩිදුරක් ඇයට යෑමට ඉඩ ලැබුණේ නැත. අඹ ගහ අසලින් යත්ම අඹ ගසේ අත්තක් ඇය මතට කඩා වැටුණේය. කිසිදු හුළඟක්, කිසිදු වැස්සක් නොමැතිව අමු අත්තක් කඩා වැටීම සියල්ලන්ටම මහත් පුදුමයක් විය. අත්ත කඩා වැටීමෙන් කැඞී ගිය ඉලඇටයක් ඇගේ හදවතේ තැල්මක් ඇති කළාය.
මව දිනෙන් දින රෝගී බවට පත්වන්නට විය. ඇයගේ එතෙක් පැවති නිරෝගී බව ඇය වෙතින් ටිකින් ටික දුරස්ව ගියාය. අවසානයේ ඇයද ඇඳට වැටුණේ නිවසේ සියලූ බර නිකිණි මත පටවමිණි. මාස කිහිපයක් ගෙවී ගියේය. මවගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය තත්ත්වයට පත්විය. ඇය සති කිහිපයක් රෝහල් ගතකර සිටියත් ඇය සුව අතට හැරෙන ලකුණක් හෝ නැත. දොස්තරවරු මවගේ ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තු අතහැර දැමූහ.
ඇයට හොඳින් මතකය. ජුනි මාසයේ සිකුරාදා දිනයකි. මවගේ සිහිකල්පනාව විකල් වී ගියාය. ඇය විකාර කතා බොහොමයක් කියවන්නට විය.
‘එපා....... මාව ගෙනියන්ඩ එපා’
‘මුං මාව කන්න හදනවා’
‘මගේ බෙල්ල මිරිකන්ඩ එපා රත්නේ මං මැරෙයි. මම මුකුත් කළේ නෑ’
ඇයද අවසානයේ දරු දෙදෙනා තනිකර නික්ම ගියාය. නිකිණි පවුලේ බර කරට ගත්තාය. මවගේ මරණයෙන් පසු ඇය පුරුද්දක් ලෙස සෑම පෝයටම සිල් ගත්තාය. සිල් ගෙන සිටිද්දීම සිල් ගන්නා දුප්පත් මවකට සිල් රෙදි පූජාකර තම මවටත් පින් දුන්නාය. ඇය මෙලෙස මාස කිහිපයක් එය දිගින්දිගටම කරගෙන ගියාය. එක් දිනක් රාත‍්‍රියේ සිහිනයෙන් සුදු ඇඳුමකින් සැරසුණු ඇගේ මව ඇය ඉදිරියේ පෙනී සිටියාය.
‘මම මෙච්චර දවසක් ගේ ඉස්සරහා අඹ ගහේ හිටියේ. මට ඇඳුමක්වත් තිබුණේ නෑ. දුව සිල් අරගෙන ඇඳුම් පූජා කරපු එකෙන් මට ඇඳුම් ලැබුණා. ඒ එක්කම මට මගේ ආත්මයෙන් නිදහස් වෙන්න පුළුවන්’
එදින සිට ඇය සෑම දිනකම නිකිණිට පෙනෙන්නට පටන්ගත්තාය. ඒත් සමගම ඇය බොහෝ දේ පැවසුවාය.
‘තාත්තා ඉන්නෙත් ඒ අඹ ගහේමයි. එයාට පින්ගන්න බෑ. එයා මළ යකෙක් වෙලා ඉන්නේ. අපි ඔක්කොම එක්ක තරහෙන්. මාව ලෙඩ කළෙත් එයාමයි. මම රෝහලේ ඉන්න විට එයා ඇවිත් මගේ බෙල්ල මිරිකුවා. එයාගේ වටේ තව ගොඩක් අය හිටියා. මට හුස්මගන්න බැරි වෙනකොට එයා මහා හඬින් හිනාවුණා. පිටිපස්සේ හිටපු අයත් හිනාවුණා. මට ඇතිවෙච්ච තරහට තමයි මම පේ‍්‍රත ආත්මයකට ගියේ. ඒත් මට ඉන් මිදෙන්න පුළුවන් වුණා’
නිකිණිගේ හිතට අහේතුකව ආ සිතුවිල්ලක් මත ඇය දිගින්දිගටම සිල් අරගෙන සිල් රෙදි පූජා කළාය. එය ඇගේ මවගේ ආත්මය නිදහස් කරන්නට තරම් බලවත් වී ඇත. මවගේ ආත්මය ඇය සමග තිබූ සබඳතා ටික දිනකින් නතර විය. ඒ ඇයගේ ආත්මය නිදහස් වීම නිසා බව ඇය සිතුවාය. එහෙත් ඇය පුරුද්දක් ලෙස දිගින්දිගටම සිල් ගැනීමත් සිල් රෙදි පූජා කර මවට සහ පියාට පින් දීමත් සිදුකළාය.
එදින මවගේ අවුරුද්දේ දානය පැවති දිනයයි. දින දෙක තුනක් තිස්සේ වෙහෙස නිසා ඇය ටිකක් කලියෙන් ඇඳට ගියාය. ඇයට යන්තම් නින්ද යාගෙන ආවා පමණි. ඇය ඇඳෙන් බිමට පාවී ගොස් බිම වැටුණාය. එය හරියට ඇඳ රෙද්ද සමගින් කිසිවකු ඇයව ඇඳෙන් බිමට ඇද දැමුවා හා සමාන බව ඇයට සිතුණි. නින්දයත්ම ඇය තිගැස්සී ඇහැරෙන්නට විය. දිනෙන් දින මෙම තත්ත්වය වර්ධනය වන්නට විය. රාත‍්‍රියේ සිහිනයෙන් කිසිවකු ඇගේ ගෙල කිහිපවිටක්ම සිර කළේය. ඇය නැගිටින විට කිසිවකු නැත.
මව සිහිනෙන් පැවසූ දෙය ඇයට සිහිවිය. තම පියාගේ ආත්මය තමාවද බිලිගැනීමට උත්සහ දරන බව ඇයට සිතුණි. ඇය ඇගේ හිතවතකු සමග මළගිය අය ගෙන්වන තැනකට ගියාය. ඇගේ මව ගෙන්වීමට උත්සහ කළද ඉන් ඵලක් වූයේ නැත. මවගේ ආත්මය රත්නපුරය පැත්තේ ඉපදී ඇතැයි දේවාලය පවත්වාගෙන යන මෑණියෝ ඇයට පැවසූහ. එය සත්‍යයක් විය හැකිය. මව සිහිනෙන් පෙනුණු අවසාන දිනවල ඇය ඇයගේ ආත්මයට මිදිය හැකියැයි පැවසුවාය. අවසානයේ තම පියාගේ ආත්මය ගෙන්නුවේය. පියාගේ ආත්මය ගෙන්වීමත් සමගම පියා අවසන් කාලයේ සිටි ලෙස මෑණියෝ උඩුබැලි අතට බිම දිගාවිය. මෑණියන්ගේ උදව්වට ළඟ සිටි අතවැසියා කතා කළේය. මෑණියන් තරමක් අපහසුවෙන් සිටින අයුරු දිස්විය.
‘තමුන් කවුද?’
‘මම රත්නේ.....’
‘මෙයා කවුද?’
අතවැසියා නිකිණි දෙසට අත දිගු කළේය.
‘ඒ මගේ දුව’
‘මොකද දිග ඇදිලා ඉන්නේ’
‘මගේ කොන්ද කැඩුණා’
පැමිණ ඇත්තේ තම පියාගේ ආත්මය බව නිකිණිට හොඳින්ම පැහැදිලි විය. ඒ ආත්මය වෛරයෙන් කැකෑරෙමින් සිටියේය. දත්මිටි කමින් අත් දිගු කරමින් සිටියේය.
‘ඇයි..... දුවගේ බෙල්ල මිරිකන්නේ........’
‘මම පණ අදිනකොට වතුර ඉල්ලූවා...... මේකි දුන්න වතුර මගේ උගුරේ හිරවුණා. ඒ වෙලාවේ මේකිත් එක්ක ආපු තරහත් එක්කයි මම මැරුණේ. මම මැරෙන්ඩ පණ අදින වෙලාවේ ගෑනි මගේ ළඟ හිටියේ නෑ. මම තනියෙන්ම යන්න ගියා’
මම ඒකිවත් මගේ ළඟට ගත්තා. ඒත් මේකි පින් දිලා දීලා ආයිත් ඒකිව මගේ ළඟින් අයින්කළා. ඒ තරහට තමයි මම මේකිගේ බෙල්ල මිරිකන්නේ. මේකිගේ බෙල්ල මිරිකන්න අත තියනකොට මාව පිච්චෙනවා. ඒකයි මේකි තාම බේරිලා ඉන්නේ’
‘ඇයි ඔහේට ඔය ආත්මෙන් නිදහස් වෙන්න බැරිද?’
‘බෑ...... මම ඉන්නේ ගේ ඉස්සරහා අඹ ගහේ. මම නිදහස් වෙන්න නම් මාස 3ක් එක දිගට බෝධියට සුදු මල් පූජා කරලා මට පින් දෙන්න  ඕනේ. ඒත් කවුද ඒක කරන්නේ.....’
නිකිණි තම පියාගේ ආත්මය මුදාගැනීමට පොරොන්දු විය. ඇය දෙමසකට අධික කාලයක් තිස්සේ තවමත් බෝධි පූජාව සිදුකරමින් සිටින්නීය.



වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

44 උපාසක අම්මාගේ මළයක්ෂ ආත්මය දරුවන් මරා දමයි


පන්සලේ ප‍්‍රධාන දායිකාව නිසාම ගමේ සියල්ලෝම ඇයට සැලකුවේ මහත් ගෞරවයෙන්. ඇය එතරම්ම දැහැමි විය. බෝධි පූජාවක්, පහන් පූජාවක්, භාවනා වැඩසටහනක් වැනි  ඕනෑම පින් අතේ කටයුත්තකදී නිතැතින්ම එයට මුල් වූයේ ඇයයි.
‘ලොකු උපාසක මැණියෝ’ යන නමින් ගමේ සියල්ලෝ ඇය අමතන්නට වූයේද මේ නිසාය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය තම සියලූ ඉඩකඩම් තම ¥ දරුවන් අතර බෙදා දුන්නේ සියලූ වගකීම්වලින් නිදහස් විය යුතු යැයි සිතූ නිසාය. තමන් මෙතෙක් ජීවත් වූ මහගෙය තම එකම පිරිමි දරුවාට ලබා දුන් ඇය ජීවිතයේ අවසන් කාලය ලොකු දුවගේ නිවසේ ගත කිරීමට තීරණය කළාය.
මවක ලෙස තම යුතුකම් මැනවින් ඉටු කරමින් සිය ඉඩකඩම් සම සමව දරු තිදෙනාට බෙදා දුන් ඇය ටික දිනක් ඇවෑමෙන් ලොකු දුවගේ නිවසට පැමිණියාය. නිවසට පැමිණි මුල් කාලයේ ලොකු දුවගෙන් ඇයට ලැබුණු සැලකිලි කල් ගතවත්ම ටිකෙන් ටික අඩු වී ගොස් අවසානයේ ලොකු දුව විසින්ම ඇයට පල නොකියා පලා බෙදන්නට වැඩි දවසක් ගත වූයේ නැත. තම දරුවන්ගේ සියලූ කටයුතු අම්මාට පැවරූ ඇය එම කටයුතු මවගෙන් ම`ගහැරෙන විට අම්මාගේ ඇ`ගට කඩාගෙන පැන්නේ, ආවේශ වූ යකින්නියකගේ විලසටය. මේ හේතු හමුවේ මෙතෙක් කල් ඇය සිදු කරගෙන ආ ආගමික කටයුතු සීමා කරන්නට උපාසක මෑණියන්ට සිදුවිය. එහෙත් ඇය අඩදබර කර ගැනීමක් හෝ තම දරුවන්ට වෛර කිරීමට උත්සහ නොගත්තේ සත්‍ය ලෙසම ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරගෙන සිටි නිසාය.
මේ ආකාරයට වසරක කාලයක්වත් ඇයට ලොකු දුවගේ නිවසේ සිටීමට අවස්ථාව සැලසුණේ නැත. ඉන්පසු ඇය පොඩි දුවගේ නිවසට පැමිණියේ හිතේ ඇති වුණු කලකිරීමත් පොදි බැ`දගෙනය. විදුහල්පතිනියක් ලෙස සේවය කළ මේ උපාසක අම්මාට ප‍්‍රමාණවත් විශ‍්‍රාම වැටුපක්ද හිමිවිය. ඇය එම මුදල් බොහෝ විට වැය කළේ පින් අතේ වැඩවලටය. සිය දරුවන් යහපත් ආර්ථික පසුබිමක සිටි නිසා ඔවුන්ට මුදලින් උපකාර කිරීමට තරම් මේ අම්මා කටයුතු කළේ නැත. බාල දියණියට කෙසේ වෙතත්, ඇයගේ සැමියාට නම් මෙය ඉවසිය හැකි කාරණාවක් නොවීය. හවසට මත්වතුර කටගාගෙන ගෙට ගොඩවදින පොඩි බෑණාගේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් වූයේ නැන්දම්මාගේ විශ‍්‍රාම වැටුපය.
‘මේ ගෑනි මෙහේ ලැගගෙන ලෝකෙට සල්ලි බෙදනවා’
‘ඈ යකෝ අපි මෙහේ දන්සලක් දාලද?’
‘ගෙවල් දුන්නේ වෙන එකෙක්ට. හැබැයි අපි තමයි බලා ගන්ඩ  ඕනේ. මේක මාර නීතියක්නේ.’
මෙලෙස ඇරඹි වාදය ටිකෙන් ටික වර්ධනය වෙමින් බෑනණ්ඩිය අවසානයේ සිය නැන්දම්මාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම දක්වා දුරදිග යන්නටද විය.
මේ අපවාද අසා ඉන්නට බැරිම තැන ඇය තම විශ‍්‍රාම වැටුපෙන් වැඩි කොටසක් තම පොඩි දුවට දීමට තීරණය කළාය. එහෙත් බෑණාගෙන් ඇතිවන හිත් පීඩා අඩු කිරීමට මෙය ප‍්‍රමාණවත් වූයේ නැත. අවසානයේ ඇය එම නිවසින්ද නික්ම යෑමට තීරණය කළාය. තම එකම පුතාගේ නිවසට නැතහොත් මහගෙදරට යළි ඇය පැමිණියාය. එහෙත් ලොකු පුතාගේ ලේලිය පිළිබ`ද නම් ඇය තුළ පැවතියේ යහපත් හැ`ගීමක් නොවේ. ඇය මහගෙදරින් පිටව දියණියන් වෙත යෑමට තීරණය කිරීමට හේතු වූයේද මෙයයි. එහෙත් අවසානයේ යළි ලේලිය ළ`ගටම පැමිණීමට ඇයට සිදුවිය. ඇයගේ ලොකු ලේලිය වූ කලී සෙල්ලක්කාර ගති ඇත්තියකි. තම දරුවා රවටමින් සෙල්ලක්කාරී ලෙස ගත කරන ජීවිතයටත් ගම පුරා ඇය පිළිබඳ පැතිර යන කටකතා නිසාත්, මේ අම්මා හසුවූයේ දැඩි කලකිරීමකිනි. නැන්දම්මාගේ යළි පැමිණීම ලේලියගේ ඇෙ`ග් මාළු නටන්නක් බවට පත් වූයේ, නැන්දම්මාගේ පැමිණීමත් සමගම තම නිදහස සීමා වන බව ඇය අත්දැකීමෙන්ම දන්නා නිසාය. ලේලියගේ වෙනස්කම් ඉවසා සිටීම ඇයට ඉතා අපහසු විය. එයට හේතු වූයේ, තමන් මෙතෙක් ජීවත් වූ නිවසේ සිටම ලේලිය ඇයට දිගින් දිගටම පීඩා කිරීමයි. දහවලට ඇය
කුසගින්නේ සිටි දින ගණන ආහාර ගත් දින ගණනට වඩා වැඩි වූයේ ලේලිය තමා ආහාර ගෙන නිම වූ සැණින් භාජනවලට වතුර දමන නිසාය. දහවල් කාලයේ නිවසේ තනි වූයේ නැන්දම්මා හා ලේලිය පමණක් වූ නිසා
ලේලියගෙන් ඇය වෙතට එල්ල වූ පීඩාව තව තවත් ඉහළ ගියේය.
හිත් පීඩා හේතුවෙන් ඇය වේගවත්ව දුර්වලව වන්නට විය. ශාරීරිකව ඉතා දුබල වූ අය රෝගියකු බවට පත්වූවාය. අසනීප වී ලෙඩ ඇ`දට වූ ඇයට ඇප උපස්ථාන කරන්නට ඇයගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකු හෝ ඉදිරිපත් වූයේ නැත. අවසානයේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් ඇය වැඩිහිටි නිවාසයකට ඇතුළත් කෙරිණි. ඇය එන්න එන්නම දුර්වලව අවසානයේ ඇයගේ ජීවිතය ලෙඩ ඇ`දට පමණක්ම සීමා විය. මුල් කාලයේදී මාසයකට වරක් පමණ ඇය බැලීමට වැඩිහිටි නිවාසයට පැමිණි දරුවන් තිදෙනාටද ටිකෙන් ටික ඇය අමතකව ගියේය.
එය සීතල දෙසැම්බරයේ හිමිදිරි උදෑසනකි. ඇයව සෝදා පිරිසුදු කරන වැඩිහිටි නිවාසයේ උපස්ථායිකාව සුපුරුදු ආකාරයට ඇය වෙත පැමිණියේ ඇය සෝදා පිරිසුදු කිරීමටය. වෙනදා සිනාසී තමා පිළිගන්නා මේ වැඩිමහල් අම්මා එදින ඇ`දට වකුටු වී නිදා ගන්නේ මන්දැයි සේවිකාව විමසා බැලූවාය. ඇයගේ ශරීරය දරද`ඩු වී ගොසිණි. ඇත්තටම ඇය මිය ගොස් සිටියාය. මේ ගැන ¥ දරුවන්ට දැනුම් දුන් පසු ඔවුහු එක්ව තම මවගේ දේහය මහ ගෙදරට ගෙන ගොස් මහ ඉහළින් අවසන් කටයුතු සිදු කළහ. කාලය ගෙවී ගියේය. ඇයගේ මරණය සිදු වී තුන් මසක්වත් ගෙවී ගියේ නැත.
ලොකු ලේලිය සුපුරුදු ලෙස දහවල් ආහාරයෙන් පසු ම`දක් විවේක ගැනීමට නිදි යහනට ගොඩ වූවාය. එක්වනම පරිසරය ටිකෙන් ටික අ`දුරු වන බව වැටහුණි. ඒ වැහි බීරමක් විය හැකි බව සිතූ ඇය ඇ`දටම වී සිටියාය. ඒ සමගම ඇය අඩ නින්දකට වැටුණාය.
‘හි......... හි.......... හි’
ඇයගේ කාමරය තුළින්ම නැගුණු වියරු හිනා හ`ඩකින් ඇය තිගැස්සී ගියාය. ඒ සමගම ඇය කලබලයෙන් නැගී සිටින්නට තැත් කළාය. එහෙත් ඇයට නැ`ගී සිටින්නටවත් අවස්ථාවක් ලැබුණේ නැත. කාමරයේ වහළය දෙකට කැඞී උළු කැට ඇයගේ දෙපා ඉදිරිපිටම බිම පතිත වන්නට විය. කිසිවක් සිතාගත නොහැකි වූ ඇය භුමිකම්පාවක් සිදු වන්නේදැයි යන්න සිතා කිසිදු අරමුණකින් තොරව ඇ`ද යටට රිංගීමට උත්සහ ගත්තාය. ඒ වනවිටත් ඇය ප‍්‍රමාද වූවා වැඩිය. වහළයේ වූ විසල් පරාලයක් ඇයගේ කකුල් මතට ඇද වැටුණි. ඇයට මතක එපමණය. යළි සිහිය එන විට ඇය සිටියේ රෝහලේය.
පළමුව නිවස පිටිපස වූ විශාල පොල් ගස ඉදිරි නිවසේ යටලීයද කඩාගෙන නිවසට පතිත වී ඇත. වැස්සක් හෝ හුළ`ගක් නොතිබුණු ගිනි දවාලක මහා ගසක් මුලින් ඉදිරී බිම පතිත වීම සියල්ලන් තුළම ඇති කළේ පුදුමයකි. හදිසියේ සිදු වූ අනතුරින් ලේලියගේ පා දෙකම බිඳී ගොසිණි. මාස කිහිපයකට ඇයට දෙපයින් නැගී සිටීමට නොහැකි බව වෛද්‍ය නිගමනය විය.
මේ අතරතුර දිනක් ලොකු දුවගේ නිවසේ ඉදිරි දොර දෙසින් කිසිවකු හෝ තට්ටු කරන හ`ඩක් ඇසුනේය. ඒ වෙද්දී වෙලාව පස්වරු හතට පමණ ඇත. ඒ මොහොතේ නිවසේ රැු`දී සිටියේ ඇය පමණි. ඇය ඉදිරියට ගොස් දොර හැරියේ පන්ති ගිය තම දරුවා ගෙදර පැමිණ ඇතැයි සිතූ නිසාය. එහෙත් කිසිවෙක් නැත.
ටක්. ටක්. ටක්. යළිත් පිටුපස දොරට තට්ටු කරන හ`ඩ ඇසෙන්නට විය.
‘පුතා... මොකද වෙලා තියෙන්නේ’ ඇය ඉදිරි දොර වසාදමා කුස්සියේ දොර ළ`ගට ගොස් දොර හැරියාය.
‘බුදු අම්මෝ’
ඇය දොර ඇරි වේගයෙන්ම වසා දැමුවාය. දොර අසල සිටියේ කවුද? ඇය කුස්සියෙන් සාලයට වේගයෙන් දිවවිත් පුටුවේ වාඩි වූවාය. හදිසියේම දුටු දසුනින් ඇය කෙතරම් බිය වූවාද යත් ඇය වෙව්ලන්නට වුවාය.
කළු දිග ගවුමකින් සැරසී පහතට කඩා හෙළුෑ දිග කොණ්ඩයකින් හා ගිනි රත් පැහැ ගැන්වුණු ඇස් දෙකකින් යුතුව දොර ළ`ග සිටගෙන හුන් රුව ඇයට මැවි මැවී පෙනෙන්නට විය. එම රුව වෛරයෙන් මෙන් තමා දෙස බලා සිටි අයුරු මතක් වනවිට ඇගේ ශරීරයෙන් ඩහදිය ගලා යන්නට විය.
ටක්. ටක්. ටක්.
යළිත් ඉදිරි දොරට තට්ටු කරන හ`ඩ ඇසෙයි. ඇය දෑතින්ම කන් දෙක වසා ගත්තාය.
ටක්. ටක්. ටක්.
ඇය නැගිට්ටේ නැත.
අම්මේ....... අම්මේ........ ඇයගේ හිතට තරමක සහනයක් දැනුණි. ඒ තම පුතාගේ කටහ`ඩය. ඇය බියෙන් බියෙන් ගොස් දොර හැරියේය. පන්ති ගිය දරුවා පැමිණ සිටියේය. දිනෙන් දින ඇගේ නිවසේ මෙවැනි අද්භූත සිදුවීම් ඉහළ යන්නට විය.
මේ අතරතුර පොඩි දුවගේ සැමියාගේ රස්සාවටද හෙනහුරා හ`ඩන්නට පටන්ගෙන තිබුණි. රැුකියා ස්ථානයේ ඇති වූ මුදල් වංචාවකට මැදි වී ඔහුගේ රස්සාව අහිමි විය. මේ සමගම ඔහුගේ බේබදුකම ඉහළ ගියේය. දවස තිස්සේ නිවසේ අඩ දබර අවසන් වූයේ ගුටි බැට හුවමාරුවකින්ද පසුවය. ඔවුන්ට ගමේ තිබූ තත්ත්වයද දිනෙන් දිනම පිරිහී යන්නට විය. ? එළි වන තෙක් අසාගෙන සිටිය නොහැකි අසභ්‍ය වචන කියනා පොඩි දුවගේ සැමියා ගමටම පිළිලයක් වන්නට වැඩි දිනක් ගත වූයේ නැත.
මේ සියලූ සිදුවීම් එක දිගට සිදුවීම සියල්ලන්ටම මහත් ගැටලූවක් විය. ගමේ අය මෙයට විවිධ කතා කියන්නට විය. දිනෙන් දින පවුල් තුන තුළම ගැටුම් සහගත තත්ත්වයන් මෙන්ම, ආර්ථික ගැටලූද වේගයෙන් වර්ධනය වන්නට වූයේ පවුල් අතර සබ`දතාව බි`ද දමමිණි.
මේ සියලූ කරදර අතරින් ලොකු උපාසක මැණියන්ගේ තුන් මාසේ දානයද ගෙවී ගියේය. එහෙත් දරුවන්
තිදෙනාගෙන් එක් අයකු හෝ තම මව වෙනුවෙන් කුඩාවට හෝ දානයක් දී පිනක් අනුමෝදන් නොකළහ.
ටිකෙන් ටික පවුල් තුන තුළම ප‍්‍රශ්න ඉහළ යමින් පැවතුණි. එක්තැන් වූ ලේලිය දැඩි ලෙස මානසිකව දුර්වල වන්නට වූයේ, වරින් වර ඇසෙනා ආවේකගාරී අද්භූත හිනා හ`ඩ හේතුවෙනි. ඇයට හැර වෙනත් කිසිවකුට මෙය නොඇසීම හේතුවෙන් ඇය අනතුර නිසා කම්පනයට පත්ව ඇතැයි වෛද්‍යවරු සිතූහ.
අවසානයේ ඔවුන් සාස්තරයක් අසන්නට ගියේ මේ කරදර නිමාවක් නැති නිසාය.
‘තමුන්ගේ නෑ කෙනෙක් ළ`ගදී නැති වුණා නේද?’
‘ඔව්’
‘බොහොම පින් කරපු කෙනෙක්. ඒත් තමුන්ලා එක්ක දැඩි වෛරයෙන් ඉන්න මළයකෙක් වෙලා ඉන්නේ. මෙයා පවුල් ඔක්කොම විනාශ කරන්නයි බලන් ඉන්නේ. කවුද ඒ’
‘අම්මා’
‘එයා පිටද හිටියේ’
‘ඔව්’
‘බොහොම දුක් වි`දලා මැරිලා තියෙන්නේ’
ලේලිය නිහ`ඩව බලාගෙන සිටියා විනා කිසිවක් කතා කළේ නැත.
‘උන්දෑ මැරෙන වෙලාවේ අධික තිබහකින් ඉ`දලා තියෙන්නේ, වතුර ටිකක් දෙන්නවත් ළමයෙක් නැති එක ගැන අධික තරහක් ඇති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉඩකඩම් මෙච්චර තිබිලත් අවසානයේ අනාථ නිවාසයක මැරෙන්ඩ වෙච්ච එකන ගැන ලොකු දුකකින් ඉ`දලා තියෙනවා.
ඒ හින්දම මළයක් ආත්මයක් බවට පත් වෙලා එයාව ඉවත් කරන්ඩ ගොඩක් අමාරුවෙයි. එයා ගොඩාක් ප‍්‍රබලයි.
සාස්තරකරුගේ ඒ ප‍්‍රකාශයන් ලොකු දුවගේ ඔළුව අවුල් වී ගියා සේ දැනුණි. ඇය කල්පනා කරමින් මාර්ගයට පැමිණියාය. ඇය සමග තනියට ගිය අසල්වාසී නිවසේ කාන්තාව සමග සිදුවීම පිළිබ`ද කතා කරමින්ම පාර පැන්නේ බසයට ගොඩවීමටය.
...... පීප් ........
...... ක්රාස් .
හැරෙන්නටවත් මොහොතක් ඇයට ලැබුණේ නැත. පස් ගෙනියන විශාල ලොරියක ගැටුණු ඇය විසි වී ගොස් පාර මැද ඇදගෙන වැටුණේ යළි කිසිදු දිනක නොනැගිටිණ ලෙසටය.
දරුවන්ට යුතුකම් ඉටු කළ, දරුවන්ගෙන් යුතුකම් ඉටු නොවුණු මවගේ ආත්මය තවමත් නිවෙස් තුන අතර වරින් වර ගැවසෙමින් දරුවන් කළ වරදට ද`ඩුවම් දෙමින් සිටියි.


වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

43 මළයකුන්ට බන්දනයක්



කපුමහතා විශාල පුහුල් ගෙඩියක ඉතා අලංකාර ලෙස මහසෝනාගේ රුව අඳින අතර, ගෝලයකු මල් බුලත් තටුවක් සාදා නිම කළේය. මහසොහොන් රුවෙන් පසු තැඹිලි ගෙඩියක ඊරියකාගේ රුවද අඳිනු ලැබිණි. ඒ දෙකම මල් බුලත් තටුවේ තැබූ කපු මහතා හොඬල අලයක් ගෙන ඉතා සියුම් අයුරින් මිනිස් රුවක් කපන්නට විය.
තරමක විශාල අළු කෙසෙල් අලයක් ගෙන ඉතා සියුම්ව මිනී පෙට්ටියක් සකස් කළ කපු මහතා එයට ගැළපෙන පියනක් ද අළු කෙසෙල් අලයෙන් සැකසීය. එය දිගින් අඩියකට පමණ ආසන්නය. එය මිනීපෙට්ටියකට සෑම අතින්ම සමානය. වත්තේ අටකොණින් හා නිවසේ අටකොණින් ගත් පස් සියුම්ව හලාගැනීමෙන් පසු එයින් අනාගත් මැටිවලින් මිනී පෙට්ටිය තුළ රූපයක් අඹන්නට විය. රූපය අඩක් නිමකර එහි බඩ ප‍්‍රදේශයට බිත්තරයක් තබා රුව සම්පූර්ණ කරන්නට විය. විවර වූ මුවට එහි ලීවලින් කැපූ දත් හා විහිදාගත් නිය සවි කළේය. එය බියජනක පෙනුමක් සහිත මළපෙරේතයාගේ රුවයි. පර මල්වලින් සකසන ලද මල් තටුවක් මත එම මළපෙරේතයා බහාලූ මිනී පෙට්ටිය තැන්පත් කළේය. එය තැබුවේ නිවසේ මුලූතැන්ගෙය තුළය.
නිවසේ ඉදිරිපස තැබූ මල්තටුව අසල වාඩි වූ කපු මහතා එකදිගට පැය කිහිපයක් මතුරන්නට විය. එය අවසන් වූයේ මුලූතැන්ගෙයි තැබූ මළපෙරේතයාගේ මිනී පෙට්ටියට මැතිරීම ඇරැුඹීමත් සමඟය. ඒ අතරතුර ගෝලයෝ විවිධ හැඩවලට ගොක්කොළ, නෙළුම් කොළ සහ කෙහෙල් පට්ටා උපයෝගී කරගනිමින් අෂ්ට බහිරව තටු සමඟම පහන් පැල් හා තටු වර්ග ලොකු කුඩා ප‍්‍රමාණයෙන් විස්සක් පමණ සකස් කළහ. ගොක්කොළ කැටයම්වලින් මෙම තටු අලංකාර වී තිබුණි.
නිවසේ ප‍්‍රධානියා වූ නොයෙල් හා ඔහුගේ බිරින්දෑ කැදවූ කපු මහතා එක් එක් පූජා තටු ඒ ඒ දෙවිවරුන්ට හා මළගිය ආත්මයන්ට කැපකරමින් ඒවායේ පහන් දල්වන ලෙස පැවැසුවේය. ඉන්පසු මිදුලේ සිටුවන ලද කරු තුනක් සහිත රුක් අත්තන ගසක අඩි හතක් පමණ උසින් හත්මාළුව සහිතව සැකැසූ නොඉඳුල් බතක් නොයෙල්ගේ අතින්ම මුට්ටියකට බෙදා සියලූ කැවිලි පලතුරු ඒ තුළටම දමා, දැල්වෙන පන්දමක් මුට්ටිය මැද්දේ ගසා, ගස මත තැබුවේය. ඉන්පසු දෙවියන්ට ආරාධනාකිරීම්, මල් තටු කැපකිරීම් ආදී දේ පැයක පමණ කාලයක් සිදු විය.
තොවිලයේ දෙවැනි අදියර එළැඹියේ රාත‍්‍රී දහය පසුවීමත් සමඟය. කපු මහතා මෙතෙක් ඇඳගෙන සිටි සුදු ඇඳුම වෙනුවට පහත රට තොවිල් නැට්ටුවකු සේ රතු පැහැති ඇඳුමකින් සැරසි ඉණට ඔතන ලද කහ පැහැති සායක් වැනි ඇඳුමකින් සැරසී පැමිණියේය. ඔහුගේ කකුල් දෙකේ බැඳ ඇති ගෙජ්ජි හඬින් අන්ධකාරයට තවත් ගුප්ත බවක් එක් කළේය. ප‍්‍රධාන පහන් පැල අසලට පැමිණි කපු මහතා පැන් කොතලයක් අතට ගත්තේය. ඉන්පසු ආරූඪයෙන් මතුරමින් ඒ පැන් නිවසටත්, ඉඩමටත් ඉස්සේය.
රාත‍්‍රී දොළහෙන් පසු යක් බෙර හඬ වැඩි වූ අතරම කුකුළෙකු අතට ගෙන එම කුකුළාව මහසෝනාට කැප කරමින් ආවේශ වී නටන්නට විය. ඔහුගේ ස්වරූපය බැලීමට නොහැකි තරම් භයංකාරය. අතේ ඇති කුකුළා මළකුණක් මෙන් ඒ අතට වැනෙමින් ඔහේ සිටියි. කුකුළාව නෙවිල්ගේ ඔළුව උඩ හා ඔහුගේ බිරියගේ ඔළුව උඩ තැබීමෙන් පසු මහසොහොන් තටුව යටට විසිකර දැමුවේ බිල්ල කැප කිරීමෙන් පසුවය.
ගිනිපන්දම් දෙකක් අතට ගත් කපු මහතා පන්දම් කරකවමින් වේගයෙන් කැරකෙමින් ගේ හැම තැනම අහුමුලූවල දුවමින් ගේ ගින්දරින් පවිත‍්‍ර කරන්නට විය. වරින් වර නිවසේ බිත්ති පරාල වෙත ගිනි පන්දමින් දමා ගැසුවේ කපුවාට පෙනෙන මළගිය ඥාතීන්ට බව ගෝලයා පැවැසුවෙව්ය. අඟපුරා ගින්දර අතුල්ලා ගනිමින් පන්දම කටේ දමමින් කළ දෙය ගිනි මහසෝනාගේ පැමිණීම සනිටුහන් කළේය. නෙළුම් කොළ යොදා ත‍්‍රිකෝණ හැඩයට කෙසෙල් පට්ටාවලින් සකසන ලද අෂ්ට බහිරව තටු නිවස මැද අට දිශාවට අනුව තබා බහිරවයාට සිදුකරන පූජාව ඇරැුඹුවේය. එක් එක් තටුව කැපකරමින් දුම්මල ගසන්නට විය. බහිරව පූජාව අවසන් වීමත් සමඟම සමස්ත පූජාවේ උද්වේගකරම අවස්ථාව උදාවිය. කපු මහතා ආරුඪ විය.
”මැරිච්ච උන් පහක් ඉන්නවා”
”පිරිමි තුනයි, ගෑනු දෙකයි”
”එකෙක් ඇර අනිත් උන්ට පිං ගන්ඩ බෑ. අවුරුදු සිය ගණනක් තිස්සේ ඉන්න දරුණු එකෙකුත් ඉන්නවා. සීමා කරනකොට හිටියේ හතරයි. දැන් තව එකෙක් ඇවිත්”
”මොනවද දෙවියෝ අපි කරන්න  ඕනේ” ගෝලයෙක් විමැසුවේය.
”ගැට ගහලා අයින් කරලා දාපන්. හැබැයි උන් ආවම අවුස්ස ගන්න එපා. ටිකක් අමාරුකාරයෝ තුන් දෙනෙක් ඉන්නවා”
ආරූඪය අවසන් විය. නිවසේ සියලූ කාමරවල දොර රෙදි ගලවා දැමිණ.
”මැරිච්ච අය කපු මහත්තයාගේ ඇඟට ආවම කිසිම කෙනෙක් පේන මානේ ඉන්න එපා. ළඟට ආවොත් අහක බලාගන්න. මුණ දිහා බලන්න එපා.” යකුන් ඇල්ලීම ඇරැුඹීමට කලින් උපදෙස් මාලාවක් නිකුත් විය. එහෙත් නිවසේ රැුස්ව සිටි අය කිසිවෙක් එය ගණන් ගත්තේ නැත. කපුමහතා පෙරේත තටුව අසල වාඩිවී සිට එකවරට නැඟිට්ටේය. පන්දම අතට ගෙන වේගයෙන් මුලූතැන්ගෙය දෙසට ගියේය. වැඩිදුරක් යන්නට ලැබුණේ නැත. කපු මහතාගේ ස්වරූපය වෙනස් විය. විශාල බඩක් සහිතව අමාරුවෙන් ගමන් කරනා මිනිසකුගේ ස්වරූපයක් ඔහු තුළින් දිස්වන්නට විය. ඔහු ගමන් කළේ දෙපසට වැනෙමිනි. මිනිසුන් දෙසට හැරුණු ඔහු පන්දමෙන් දමා ගැසුවේය. එහෙත් එය දොරේ උළුවස්සේ වැදී බිම වැටුණි. ඒ ආසන්නයේ මේසය මත තිබූ විශාල වතුර වීදුරුවක් අතට ගත් මළගිය ආත්මය එයින් වේගයෙන් දමාගැසුවේය. ඉදිරියෙන්ම සිටි තරුණයකුගේ පපුවට වැදුණු වීදුරුව බිම පතිත වී කැබලි වී ගියේය. නිවසේ සියල්ලෝම බයෙන් බිරන්තට්ටුව නිවසේ ගේට්ටුවෙන්ද එළියට දිව ගියහ. නිවස තුළ රැුඳුණේ තරුණයන් කිහිප දෙනකු පමණි. මළගිය ආත්මය නිවසේ පිටුපස දොරෙන් ප‍්‍රධාන ගේට්ටුව අසලට පැමිණෙන්නට විය.
තරමක් විශාල පොල් ගසක් අසලට පැමිණි ඔහු වේගයෙන් ගස සොලවන්නට විය. ගස ගලවා ගත නොහැකි බව තේරුම්ගැනීමෙන් පසුව කඳ මැදින් අල්ලා දෙකට නවන්නට විය. වැඩි වේලාවක් ගතවුයේ නැත. පොල් කඳ දෙකට කැඞී ගියේය. නිවසේ සිටි අය මෙන්ම පාරේ සිටි පිරිස්ද බයෙන් බිරාන්තව කෑගසන්නට වූහ. කඩා වැටුණු ගහේ අතු ඇද කඩා පොල් පිතිවලින් පාරේ සිටි මිනිසුන් වෙත දමා ගසන්නට විය. ආරක්ෂා කර ඇති සීමාවෙන් ඔහුට එළියට පැමිණිය නොහැකි හෙයින්, මිනිසුන්ගේ බිය තරමක් අඩුවිය. අනතුරින් විනාශ වුණු වාහනය තිබුණේද ඒ අසලමය. එතැනට ගිය මළගිය ආත්මය ඒ දෙස බලා මහ හඬින් හිනාවෙන්නට විය. එය මහා බියකරු ක‍්‍රෑර සිනහවකි. තමා කළ දෙය ඔහු රස වින්දේය.
දොළ තටුව අසල සිටි කපුමහතා මැතිරීම ඇරැුඹුවේය. යක් බෙරය නාද වන්නට විය. මළගිය ආත්මය වැහුණු ප‍්‍රධාන කපු මහතා ටිකින් ටික ඒ දෙසට ගමන් කරන්නට විය. එය එක්වරම සිදුවූවේ ද නැත. මඟ දෙපස ඇති සියලූ ගහ කොළන් දෙකට තුනට කඩා දැමුවේය. අවසානයේ හෙමින් හෙමින් ගොස් තටුව අසල වාඩි විය. වාඩි වීමත් සමඟ ප‍්‍රධාන කපුවා තම කෙස් වැටියෙන් අල්ලා තම හිස පෙරේත තටුව තුළට එඹුවේය. ඉනපසු මතුරමින් නූලට යොදා තිබූ ගැටය හිර කළේය.
මෙලෙස මළගිය ආත්ම පහම තටුවට හිර කළේය. පිරිමි ආත්ම ප‍්‍රචණ්ඩ ලෙස හැසිරුණු අතර, ගැහැනු ආත්ම නිවසේ අය සමඟ විස්තර කතා කර එකිනෙකාව අඳුනා ගත්තේය. එක් ගැහැනු ආත්මයක් කුස්සිය මුල්ලේ තමා සැඟවූ අටු කොස් පාර්සලයක් සොයන්නට විය. එසේ සියල්ල අවසන් වුයේ පුහුල, තැඹිලි ගෙඩිය, මිනිස් රුව හා පෙරේත රුව කඩුවෙන් කපා දැමීමෙනි.
සියල්ල නිමාවට පත්වී යැයි සිතූ නොයෙල් දිග සුසුමක් හෙළා දිග ඇඳි පුටුවේ දිගෑදුනේය.


වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

42 මළයකුන් වියරු වැටෙති


පැරැුණි පන්නයේ බෙන්ස් කාරයක් පාර්ලිමේන්තු මාවත ඔස්සේ බොරැුල්ල දෙසට ගමන් කරමින් තිබුණි. ඒ තුළ වැඩිහිටි සිවුදෙනකු හා දරුවන් තිදෙනකු විය. පවුලේ ප‍්‍රධානියා වූ නොයෙල් රිය පදවමින් සිටියේය. පැයට කිලෝමීටර් හතළිහකටත් අඩු වේගයකින් පැමිණි කාරය පාර්ලිමේන්තු වටරවුමෙන් කොළඹ දෙසට හැරෙව්වේය. මාර්ගය සිසාරා බලමින් ඔහු වාහනය හැරවූවත් මොහොතක් ගතවනවිට තමා ඉදිරියේ වූ කහ පැහැති ටිපර් රථය දැකීමත් සම`ගම, කළ යුත්තේ කුමක් දැයි තීරණය කරන්නට තරම් හෝ වෙලාවක් නොවීය. ලොරියේ පිටුපස කොටසේ වැදුණු කාරය වටයක් කැරකී ගොස් පදික තීරුවේ වැදී නතර විය.
වාහනයේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, එන්ජිම කඩාගෙන වාහනය තුළට බැස ගොසිනි. වාහනයේ සිටි අයට පොඩි පොඩි තුවාල සිදු වූවා මිස බරපතළ තුවාල කිසිවක් සිදු වූයේ නැත. එහෙත් සියල්ලන් අතරින් නොයෙල්ගේ තත්ත්වය තරමක් අසාධ්‍ය වූයේ ඔහුගේ කකුල බිම තැබිය නොහැකි වූ නිසයි. වාහනය යළි ප‍්‍රතිසංස්කරණය කොට ඵලක් නොවන තරමටම අනතුරින් හානි සිදු වී ඇත. අනතුරත් සම`ගම තමා සති දෙකකට පෙර සිදුකළ ආරක්ෂාවේ ගැටලූවක් ඇතැයි නොයෙල්ගේ සිතට දැනෙන්නට විය. අනතුර සිදුවූයේ ආරක්ෂාව කර හරියටම දාහතරවන දිනයේදී වීම මෙම සැක සහගත සිතුවිල්ල තවදුරටත් වැඩි කළේය.
වසරක පමණ කාලයක සිට එකින්එක පැමිණි කරදරවලින් දැඩි ලෙස හෙම්බත්ව සිටි නොයෙල්ගේ සියලූ ව්‍යාපාරික කටයුතු ටිකෙන්ටික බිඳවැටෙමින් පැවැතුණි. මේ සියලූ ගැටලූවලට හේතුව ඉඩමේ සිටිනා මළයක්ෂයකු යැයි අංජනම්එළිවලින් හා ආරූඪයෙන් සාස්තර බලන්නන් කිහිපදෙනකු විසින් නොයෙල්ට පවසා තිබුණි. එවන් වූ ස්ථානයක තැබූ පූජාවකින් පසු නිවසේ වූ මළගිය ආත්මය, එම ස්ථානයට භාරගත් බව එහි වූ කපුමහතා පැවැසුවේ මසකට පමණ වරක් පැමිණ ඔවුනට පින් දෙන්නට බෝධි පූජාවකට සහභාගි වන ලෙස ද ඉල්ලා සිටිමිනි. බෝධි පූජාවට අවශ්‍ය සියලූ දේ එම ස්ථානයෙන්ම ලබාගත යුතුය. නොයෙල්ද තම ගැටලූවලින් නිදහස් වූවාය යන හැ`ගීමෙන් පූජා කටයුතු සිදුකර ගෙවී ගියේ දෙසතියකි.
අනතුරෙන් පසු තත්ත්වය එන්නඑන්නම දරුණු වන බව නොයෙල්ට වැටහෙන්නට වූයේ තම ව්‍යාපාරික කටයුතු මෙන්ම, තම ශරීර සෞඛ්‍ය ද ශීඝ‍්‍රයෙන් අයහපත් අතට හැරෙමින් පවතින බවයි. තම හිතවතකුගෙන් දැනගත් තොරතුරු මත සූනියම් දේව ආරූඪයෙන් සාස්තර කියන දේවාලයක් වෙත යළිත් යෑමට තීරණය කළේය.
එක් අතකට කුඩා සීනුවක් ගෙන එය වේගයෙන් සොලවමින් ආරූඪය එන තෙක් විනාඩි කිහිපයක් මන්ත‍්‍ර මතුරන එම කපුමහතා, ආරූඪය පැමිණීමත් සම`ගම තම අත උඩ තබා කපුරු දල්වා දෙවියන්ට පූජා කරයි. ඉන්පසු ඔහු දෙස බලන්නට බියවන තරම් දරුණු ස්වරූපයක් ඔහු වෙතින් දිස්වෙයි. තද රත් පැහැයට හැරෙන දිව අ`ගල් 3-4ක් පමණ දික්වෙයි. ස්වරූපය මෙන්ම ඔහුගේ හැසිරීම ද ආවේගශීලී වෙයි. නොයෙල්ගේ වාරය එළඹියේය. බුලත් හුරුල්ල අතට ගත් කපු මහතා, එය සූනියම් පිළිමය ඉදිරියේ තැබුවේය.
‘උඹලා ගෙදර හිටපු මළගියවුන් ටිකක් අවුස්සගෙන නේද? මොකක්ද උඹලා කළේ’
නොයෙල්, කපු මහතාටත් පෙර සිද්ධිය පැවැසුවේය.
‘වැඩක් වෙලා නෑ බොල ඔය ඉන්නේ පිරිමි තුනකුයි ගෑනියකුයි. උඹලගේ මැරිච්ච එකෙක් ඉන්නවද කකුලක් ටිකක් නොණ්ඩි ගගහා ඇවිදින, ලොකු බඩක් තියෙන. ටිකක් අපහසුවෙන් හිටපු එකෙක්.’
‘මොනවගේ එකක්ද ඇඳලා ඉන්නේ’
‘කාකිපාට කෝට් එකක් එක්ක සරමක් ඇඳලා ඉන්නේ’
‘ඒ තාත්තා’
‘එයා තමයි මෙතැන ඉන්න දරුණු කෙනා’ අවුරුදු පනහක් විතර ඉඳලා එයා මළ යකෙක් වෙලා ඉන්නවා. අනිත් තුන්දෙනාම පස්සේ ආපු අය.
‘එතැන ඉන්න ඔක්කොම මේ ඉඩකඩම්වල අයිතිකාරයෝ. ඒ අය දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දේ විකුණලා, දැන් ඉන්න අය සැපවිඳිනවට කැමැති නෑ’
‘කොහොමද කපු මහත්තයා මේ අයව අයින් කරන්නේ’
‘මුන් එකෙක්ටවත් පිං ගන්ඩ බෑ. ඔක්කොම මළ යක්කු අල්ලලා ගැටගහලා අයින් කරලා දැම්මොත් මිසක් ගොඩින් විසඳගන්න බැරිවෙයි.
‘මොකක්ද ඉතින් කරන්ඩ  ඕනේ’
‘මේකට පොඩි පොඩි දේවල් කරලා බැරිවෙයි. මේ මහ මළයකා කාලයක් තිස්සේ හොඳට බලවත් වෙලා. යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩ ගැනත් ටිකක් දන්න දරුණු පහේ එකෙක්, ඔක්කොටම වඩා මේකා ඥාතිකම් කියාගෙන ලංකාව වටේ ඉන්න පරපුරේ උන් ළ`ගට ගිහින් කරදර කරනවා.’
කපු මහතා පැවැසු දෙය සත්‍යයකි. නොයෙල්ගේ දරුවන් සිවු දෙනාගෙන් තිදෙනකුම සිටියේ මහ ගෙවල්වල සිට සැතපුම් 30-40 ඈතින් වුවද, ඔවුනගේ ඉඩකඩම්වලද කාලයක සිට විසඳාගත නොහැකි මේ මළ ගිය දෝෂය පැවැතියේය. ඔවුන්ටද සාස්තර හා අංජනම් එළිවලට පවසා තිබුණේ ද කාකි කෝට් අඳින නොණ්ඩි ගසන දරුණු ගණයේ මළගිය ආත්මයක් පිළිබඳය.
අවසානයේ නොයෙල් තම ඉඩමට අරක්ගත් මළගිය ආත්ම හතර ඉවත්කිරීමේ වගකීම කපු මහතාටම භාර දුන්නේය. එය එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවීය. එය සාම්ප‍්‍රදායික තොවිලයක් ලෙසින්ම සම්පාදනය කළ යුතු විය. කැවිලි, පෙවිලි, පලතුරු, රුක්අත්තන ගස්, කෙසෙල් කොට, මෙන්ම ලී කෝටු පනහක් පමණ මේ සඳහා අවශ්‍ය විය. නෙළුම් මල්, නෙළුම් කොළ, පැදුර, කොට්ට ඇතුළු පෙරේත තටුවට තැබිය යුතු දෑ බොහෝ විය.
එය ඉරිදා දිනයකි. එදින උදෑසනින්ම ප‍්‍රධාන කපුමහතා ඇතුළු හය දෙනකු නොයෙල්ගේ නිවසට පැමිණියේය. ඔවුන්ගේ පළමු කාර්යය වූයේ. නිවසේ හා ඉඩමේ අට කොන ඔවුන් මතුරා රැුගෙන ආ දෙහි වළදමා තාවකාලික සීමා බන්ධන යෙදීමයි. මෙසේ සීමා යෙදීමෙන් පසු මළගිය ආත්මවලට අඬගසනවිට පැමිණෙන කිසිදු ආත්මයකට මායිමෙන් ඇතුළට පැමිණිවිට යළි පිට වී යා නොහැකි වෙයි. මේ හරහා සිදුවනුයේ මළගිය ආත්ම කොටුකිරීමයි.


වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

41 මරා දැමු බිරියගේ ආත්මය මොහොතින් සැමියා මරයි


සමන්ති හැඩකාරය. හැඩකාර බව පරදන දඟකාර බවක් ද ඇය සතු විය. සිනහවෙන් හා සැහැල්ලූවෙන් ගත කළ ඇගේ ජීවිතයට බරක් පතලක් නොවී ය. නිමල් ඇගේ ජීවිතයට ඇතුළු වන්නේ පාසල් කාලයේදීම ය. ඇගේ ආදරය ඉල්ලා පැමිණි කිහිපදෙනකු අතුරින් සමන්තිගේ තෝරා ගැනීම බවට පත් වන්නේ නිමල් ය. නිමල් සෙල්ලක්කාරී තරුණයකු බව සමන්ති දැන ගන්නා විට ඇය බොහෝ සෙයින් ප‍්‍රමාද වී හමාර ය. කෙසේ හෝ වසර කිහිපයක පේ‍්‍රම සබඳතාවකින් පසු නිමල්ගේ හදිසි යෝජනාවකට අනුව නිවෙස්වලට හොරෙන් සමන්ති නිමල් හා පැන යන්නේ ඒ ගැන දෙවරක් හිතා බලා නොවේ.
සමන්ති සමඟ නිමල්ගේ යහළුවකුගේ නිවසේ කාලයක් නැවතීී සිටින අතරතුර රජයේ ඉඩමක කුඩා නිවසක් ඉදි කර ගැනීමට ඔවුනට හැකි වෙයි. මේ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරන්නේ සමන්ති ය.  සමන්තිගේ නිවසින් ලද උදව් උපකාර නොවන්නට ඔවුනගේ ජීවිත දැඩි බිඳවැටීමකට ලක්වන බව සමන්තිගේ මුවින් සැම විටම පිටවුණ වදනකි.
සමන්තිට පළමු දරුවා ලැබෙන කාලය වන විට නිමල්ගේ සැබෑ ජීවිතය පිළිබඳ සිටියේ දැඩි කලකිරීමකිනි. නිමල් බොහෝ විට නිවසට පැමිණෙන්නේ දින කිහිපයකට සැරයකි. ඒ එන අවස්ථාවලදීත් දැඩි ලෙස මත්පැන් පානය කර පැමිණ බොරු හේතු මත සමන්තිට ක‍්‍රෑර ලෙස පහර දෙන්නේ අනුකම්පා විරහිතව ය. නිමල්ට අනියම් සබඳතා කිහිපයක් ම තිබුණු අතර කුලී වැඩවලින් උපයන මුදල ද අනියම් බිරියන් වෙනුවෙන් වියපැහැදම් කළා මිස සමන්තිගේ අඩු පාඩු පිළිබඳ සොයා බැලීමට වත් ඔහුට අවශ්‍ය නොවීය. නිමල් නිවසට පැමිණෙන බොහෝ දිනවල දී තම දරුවාව තම මවගේ ගෙදර නතර කරලීමට සමන්ති උත්සහ දරනුයේ නිමල්ගේ තාඩන පීඩනවලින් දරුවා බේරා ගැනීමට ය.
වෙනදා මෙන් ම සිකුරාදා හවස නිමල් නිවසට පැමිණියේ බමන මතිනි. පැමිණි අවස්ථාවේ සිට සමන්තිගෙන් රුපියල් දෙදහසක් ඉල්ලා සිිටියේ ය. ඒ සෙනසුරාදා යහළුවන් සමඟ විනෝද සවාරියක් යෑම සඳහා ය. සමන්ති ළඟ මුදල් තිබුණේ නැත.  ඇය ජීවිතය ගැටගසා ගන්නේ ද ඉතා අපහසුවෙනි.
තමා ඉල්ලූ මුදල් නොලැබුණු විට ඔහු නිවසේ දොරවල් වසා නිවස තුළ සිර කර ගෙන මුදල් දෙනතුරු ම සමන්තිට පහර දෙන්නට විය. ඔහුට දෙන්නට මුදලක් ඇය සතුව නැත. එහෙත් නිමල් එය පිළිගන්නේ ද නැත. රාත‍්‍රී හතේ සිට පාන්දර දෙක දක්වා ම එක දිගට නොනවත්වා ම සමන්තිට සිදු වූයේ ක‍්‍රෑර ලෙස ගුටිකෑමට ය. සමන්ති කෙතරම් කෑගැසුව ද උදව්වට කිසිවකු හෝ නොපැමිණියේ ගමේ අයට මෙය සාමාන්‍ය සිදුවීමක් වූ නිසා ය. රාත‍්‍රී දෙකට පමණ ඇය සිහිනැතිව ඇදගෙන වැටුණු පසුව ද පහර දීම නතර නොවුණි. අවසානයේ සමන්තිගේ සිරුරින් වෛරී චේතනාවෙන් කැකෑරෙමින් තිබූ ආත්මය පිටව ගියේ ය.
සමන්ති මිය ගිය බව අසල් වැසියන් දැන සිටියේ නැත. ඇය රාත‍්‍රියේ ම තම මවගේ නිවසට යන්නට ඇතැයි අසල්වැසියෝ සිතූහ. නිමල් කිසිත් නොවූවකු සේ උදෑසන නිවසින් පිටව ගියේ ය. යහළුවන් සමඟ සැතපුම් 30-40ක් දුරින් වූ දිය පහරක් වෙත ගමන් ගත් නිමල් විනෝද වෙමින් හොඳ හැටි මත්පැන් පානය කළේ ය. මේ වන විට සමන්තිගේ වෛරී ආත්මය ද නිමල් පසු පසින් ම ගමන් කරමින් තිබුණි. බීමතින් පසු වූ නිමල් ව අවස්ථා කිහිපයකදී ම සමන්තිගේ ආත්මය විසින් ජලයට තල්ලූ කළ ද යහළුවන් විසින් යළි ඔහුව ගොඩට ගත්තේ වෙරි මතින් ජලයට වැටුණු බව සිතා ය. මේ නිසා සමන්තිගේ වෛරී ආත්මය තව තවත් වෛරයෙන් පුපුරන්නට විය.
සියල්ලෝ ම කා බී නිවෙස් බලා යන්නට පිටත්  වූහ. වෑන් රථයට ඉදිරියට යෑමට හැකි වූයේ සැතපුම් කිහිපයක් පමණි. පරිසරයේ මලානික අඩ අඳුරින් වැසී යමින් පැවතුණි. අධික වේගයෙන් පැමිණෙන වෑන් රථයේ ලයිට් එළියෙන් මාර්ගය මැද සිටගෙන සිටින ගැහැනියක් රියැදුරාට දැකගත හැකි විය. ගතවූයේ නිමේෂයකි. ඇයගේ මුහුණේ වූ භයංකාර රෞද්‍ර බව හමුවේ රියැදුරා දැඩි කම්පනයකට පත් විය. පැමිණි වේගයෙන් ම ඔහු වාහනය වම් පසට කැපුවේ ය. මාර්ගයට සමාන්තරව ඉතා පහළට ඇලවී තිබූ පොල් ගසක් දිගේ අඩි 15-20ක් පමණ ඇදී ගිය වෑන් රථය පාරට පෙරළී දිගු දුරක් ඇඳී ගියේ ය. වෑන් රථය පාරට පෙරළෙන අතරතුර නිමල්ගේ හිස කවුළුවකින් එළියට පැමිණියේ ය. සමන්තිගේ අභිප‍්‍රාය වූයේ ද එයයි. ගත වූයේ නිමේෂයකි. මහ මාර්ගයත් වාහනයත් අතර තෙරපුණු හිස කැබලි බවට පත් විය. කුලි රථයේ රියැදුරා හැර නිමල්ගේ සගයන් පස්දෙනා ම එතැනදී ම මිය ගියහ. සමන්තිගේ වෛරී ආත්මය තම අරමුණ ඉටු කර ගත්තේ එලෙසිනි.
මිය යනතුරු ම සිදුවූ පහර දීමත්, කලෙක සිට සිතේ පැවැති වෛරයත් මෙන්ම සිකුරාදා දිනය භූත විද්‍යාවට අනුව කාලි නැතහොත් මළගිය ආත්මයන් ශක්තිමත් වන දිනයක් ද බැවින් ඇය මිය ගිය මොහොතේ ම පළිගැනීමේ අධික චේතනාවෙන් කැකෑරෙන ශක්තිමත් මළ යකින්නක් බවට පත් විය. මොහොතකුදු පමා නොවී ඇය ඇගේ ඝාතකයාගෙන් මෙන් ම ඇගේ මරණයට හේතු වූ විනෝද ගමනට සහභාගී වූවන්ගෙන් ද පලි ගත්තා ය.
නිමල්ගේ අනතුර පිළිබඳ සැල කිරීමට ඔහුගේ යහළුවෝ සමන්ති සොයා නිවසට පැමිණියහ. නිවසේත්, මවගේ නිවසේත් ඇය නැත. අවසානයේ නිවසේ දොර කඩා දැමීමට තීරණය කෙරිණි. සියල්ලන්ට ම දැකගත හැකි වුයේ සාලය මැද වැටී සිටිනා සමන්ති ය. ඇගේ ශරීරය නිල් වී දරදඬු වී ඇත. ඇය මිය ගොස් ය. දරදඬු වී ඇති අයුරින් මිය ගොස් බොහෝ වේලාවක් බව සැමට අවබෝධ විය.
සමන්තිගේ ආත්මය පලිගැනීමෙන් පසුව ද නිදහස් වූයේ නැත. අදට ද ඇගේ ආත්මය තමන් ගොඩනැඟූ නිවසේ සැරිසරමින් සිටියි. පවුල් කිහිපයක් මෙම නිවසේ පදිංචියට පැමිණිය ද සමන්තිගේ ආත්මය විසින් ඔවුන් ව බිය කර පළවා හරින ලදී. කැලයෙන් වැසී ගිය අතහැර දමන ලද මෙම නිවස අදට ද මහියංගනයේ සමන්ති විසූ ගමේ දැකගත හැකි වෙයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474