Monday, May 25, 2015

විවාහයේ අයිතය ඉල්ලන භූත ආත්මය



මම අද දුර්ලභ අත්දැකිමකට මුහුණ දුන්නා.

උදේ ආශ‍්‍රමයට ආපු තරුණයෙක්ට ආත්මියව බලපෑම් ඇතිකල මලගිය ආත්මයක් සම්භන්දයෙන්.

දරුවෙකු සමගින් දියවලකට පැණලා සියදිවි නසා ගත්ත කාන්තා ආත්මයක් මේ තරුණයාගේ විවාහය උදෙසා දැඩි ලෙසින් බලපෑම් කරමින් සිටියා. විවාහය ප‍්‍රමාද කරවීම විතරක් නොවෙයි විවාහයෙන් පසු ගෙනන බිරිදට රෝගී ගති ඇතිකර කසාදය බිදදැමීමයි ඒ මලගිය ආත්මයේ අපේක්ෂාව.......

මම මලගිය ආත්මය මේ තරුණයාට කොතරම් කාලයකට කලින් ඉදන්ද බලපෑම් කරන්නේ කියලා හොයලා බැලූවම මට වැටහී ගියා මේක ආත්ම කිහිපයකට පෙර සිට සිදුවෙන දෙයක් බව.... කියන්නේ මේ සියදිවි නසා ගැනීම වෙලා තියෙන්නේ වසර 146 යකට කලින්........

ඒ කියන්නේ එදා සිට මේ තරුණයාගේ පස්සේන් මේ ආත්මය එනවා..... විවාහයක් කර ගන්න ඉඩ නොදී ඊට පසු ආත්ම දෙකකදීම පිඩාවට පත් කරනවා.....

මේ ආත්මය සියදිවි නසා ගන්න හේතු වෙන්නේ පෙර ආත්මයේදී මේ තරුණයා ගමක ටිකක් ආරච්චි පරම්පරාවකට සම්භන්ද දරුවෙක් ඒ තරුණයාගේන් මේ තරුණියට දරුවෙක් උපදිනවා නමුත් දරුවා ඉපදුනාම මේ දරුවා තමන්ගේ බව මේ තරුණයා පිළිගන්නේ නෑ........

අන්තිමට තරුණයාගේ පියා මේ තරුණියට ගහලා එළවනවා. දරුවා සමගම තරුණියගේ ජිවිතය නතර වෙන්නේ ගමේ තිබුණු දොලෙන්.......

ඒක පොඩි ඇල්ලක් තියෙන නොගැඹුරු වතුර වලක් වගේ තැනක් ......

මම මේ ටික මේ තරුණයට කියලා කිව්වා

‘‘ දන්නවා මේ වතුර වල තියෙන තැන.......’’

‘‘ ඔව් මගේ හිතේ තියෙනවා ඔය වගේ තැනක් එතන ගඹුරු නෑ නමුත් මාව ගිලෙන්න ගිහින් බේර ගත්තේ යහලූවෙක්’’

‘‘ එතන තමයි තැන.......’’

මේ මලගිය ආත්මයෙන් ඔහුට මිදෙන්න පුලූවන් වෙයිද කියන එක ලොකු ගැටලූවක් මොකද මම මලකිය ආත්මයෙන් විමසුවම ඔහුගෙන් මිදෙන්න මොනවද ඔනේ කියලා ඒ ආත්මය ඉල්ලූවේ ලේසියෙන් දෙන්න බැරි දෙයක්.

ඒ තරුණයා විවාහ වෙන දිනයේදි මනමාලිය පලදින අගස්ති මාලය බිරිද අතින්ම ගලවලා තරුණයා අතට දෙන්න ඔනේ .... ඊට පසු එ මාලය ඉස්තොප්පුව කේලවර කනුවක රදවලා තියලා පසුදා ගිහින් අර වතුර වලට දාන්න ඔනේ.....

මේක හිතන තරම් ලේසි නෑ.....

මේ ඉල්ලන්නේ විවාහයේ අයිතිය. මොකද පෙරකාලේ අගස්ති මාලය කියන්නේ පරම්පරා සංකේතයක්.... අමමා විවාහයේදි කරේ දැම්ම අගස්ති මාලය තමයි දුවගේ විවාහයේදී දෙන්නේ.... ඉන්පසු ඒක මිණිබිරියට.... ඔය විදියට එක පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙනවා..... එදා නොලැඹුන විවාහ උරුමය කොහොම හරි ඇය ගන්න හදනවා......

මගේ අත්දැකීම් තුළට ලෙහෙසියෙන් ඉවත් කර ගන්න බැරි මලගිය ආත්මයක් හමුවුන පලමු අවස්ථාව මේකයි




වෛදික ජ්‍යොතිෂවේදි

කාංචන මනමේන්ද්‍ර

0777 96 44 74



































Friday, May 22, 2015

ජින්ජබියර් සෙවු භූත පිසාච ආත්මය

පසුගිය කාලයේ දිනක එක් මනුස්සයෙක් මා හමුවෙන්න ආවා. 


එයාට තිබ්බ ගැටලුව කොතරම් මුදල් ලැබුණත් තමන්ට කියලා නිවසක් ගොඩ නගා ගන්න බැරිකම.

කොහොම  හරි එයාගේ පෙර කර්මයන් ගැන බලලා අවසන් වෙද්දී මම දැක්කා ස්ත‍්‍රී මලගිය ආත්මයක් එයා වටා ගැවසේන බව....

”ඔබට බලපෑම් කරණ යම් වෛරයෙන් පසුවන මලගිය ආත්මයක් තියෙනවා. එයා බොහොම තරහින් ඉන්නේ ඔබ සමග....”

මහත්තයෝ ඒ ඇයි.....
”මෙයා මැරිලා තියෙන්නේ අවුරුද් 12 විතර කලින්”

මම හැඩරුව ඇදන් ඉන්න ඇදුම් ක්ව්වම ඔහු අදුන ගත්තා මේ ඉන්නේ ඔහුගේ මව කියලා...

”කපට් කරපු පාරක් තියෙනවා ඒ පාරේ ලොකු වංගුවක් තියෙනවාග එතන වම් පැත්තේ ලොකු ගල්තලාවක් තියෙනවා. මේහෙම තැනක් මතකද ”

”ඔව්. ඔය අපේ මහ ගෙවල් වලට යන පාර”

”අම්මා ඉන්නේ ඔය ගල් තලාවේ...... ඒක උඩ ලිදක් තියෙනවා අන්න එතනයි ඉන්නේ ”

”මහත්තයෝ එහෙම ලිදක් එතන නෑනේ”

”නෑ.... මට ලිදක් පේනවා. ඔබ ගමේ ගියාම බලන්න”

”මහත්තයෝ අම්මට අමාරුවෙලා ගෙනියද්දි අම්මා නැතිවුනේ ඔය වංගුවෙදි තමයි......ඇයි අම්මා මා එක්ක තරහින් ඉන්නේ”

”එයා ඔබෙන් ජින්ජර් බියර් එකක් බලාපොරොත්තු වෙනවා”

”මහත්තයෝ මාර පුදුමයි අම්මා ඉන්න කොට පොඩි අමාරුවකටත් බිව්වේ ජින්ජ බියර්”

”ඔබ ගිහින් ඔය ළිද ලග ජින්ජ බියර් එක තියන්න...... අම්මාගේ ආත්මය නිදහස් වේවි ”

............................................................................................................................................

ඔහු ටික දිනකට පසු ආශ‍්‍රමයේ අංකයට දුරකථන ඇමතුමක් දුන්නා.....

”මහත්තයෝ මම ගල්තලාවට ආවා මම අවුරුදු 53 ගමේ ඉදලත් මේ ලිද ගැන දන්නේ නෑනේ....... මම එතන ජින්ජ බියර් එක තිබ්බා.... ”

...................................................................................................................................

ඔහු පසු දිනක යළි මා හමුවෙන්න පැමිණියා. ඒ ඔහු මිලදි ගන්න හදන නිවසේ සැලසුමේ සුභ අසුභ බලා ගන්න.

”මහත්තයෝ ඇත්තටම මම ......... ...... ”

ඔහු ප‍්‍රසිද්ධ නඩුකාරයෙක්

පසු සටහන

මලගිය ආත්ම ඉවත් කරන්න. තොවිල් පවිල් බෝධි පුජා අවශ්‍ය වෙන්නේ නෑ. කිසිදු වියදමක් නැතුව එය කරන්න පුලුවන්....

හැබැයි එයා තමන්ට බලපෑම් කරන්නේ ඇයි කියලා වගේම එයා ඉල්ලන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න ඔනේ

වෛදික ජ්‍යොතිෂවේදී
වාස්තු උපදේශක
කාංචන මනමේන්ද‍්‍ර
0777 96 44 74