Tuesday, July 23, 2013



40 සැමියාගෙන් වෙඩි කෑ බිරිය සොර සැමියා සමඟ හොල්මන් කරයි


විමලසූරිය යනු ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහු අළුත් ව්‍යාපාරික කටයුත්තකට අතගැසුවේය. නාවල රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ විශාල නිවස ලොකු මුදලකට විකුණා ගම්පහට ආසන්න නගරයක තෙල් පිරවුම් හලක් මිලදී ගත්තේය. ඒ ආසන්නයේම ඔහුට පදිංචියට නිවසක් සොයා ගත යුතු විය. නිවාස කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබුණ ද ඔහුගේ සිත ගියේ ඉන්දන පිරවුම්හලට සැතපුමක් පමණ දුරින් පිහිටි පාරම්පරික වලව්වකටය. එම වලව්ව විකිණීම උදෙසාම අතරමැදි සමාගමක් විසින් නවීන අංග උපාංග සහිත වලව්ව ප‍්‍රතිසංස්කරණය කර තිබුණි. විමලසූරිය මහතා මිලියන නවයහමාරකට වලව්ව මිලදී ගත්තේය. බිරිඳ, පුතා, දුව හා කාලයක සිට ඔවුන් ළඟ සේවය කළ සේවිකාව හා වත්ත බලාකියා ගත් මැදිවියේ පුද්ගලයා ද සමඟින් විමලසූරිය මහතා වලව්වේ පදිංචියට පැමිණියේය.
විශාල පොල්වත්තක් මැද පිහිටි මෙම වලව්වේ වර්තමාන හිමිකරුවන් විදේශගතව සිටින බැවින් කාලාන්තරයක් තිස්සේ වසා දමා තිබී ඇත. දුව සහ පුතා ඉහළ මහලයේ කාමර දෙකක ද මව සහ පියා පහළ කාමරයක් ද තමන් සඳහා වෙන් කර ගත්තේය. ඉහළ මහලයේ පඩි පෙළ සම්පූර්ණයෙන්ම ඉදිකර පැවතුනේ ඝනකම කුඹුක් ලීවලිනි. ඉහළ මහලට පඩිපෙළ සම්බන්ධ වන ස්ථානයේ ආලින්දයකට භාවිත කළ හැකි ඉඩකඩක් පැවතුණි. එම ස්ථානයේ විශාල ජනේලයක් වූ අතර පුටුවක වාඩි වූ විට ද වත්තේ ඉදිරි කොටස හා මාර්ගය ඉතා දර්ශනීය ලෙස දැකගත හැකි වෙයි.
නිවසේ පදිංචියට පැමිණ ගෙවී ගියේ දින දෙක තුනකි. මධ්‍යම රාත‍්‍රිය පසුවන තෙක් පරිගණකයේ කටයුතු කරමින් සිටි විමලසූරියගේ පුතා වූ නිර්මාල්ට ඉහළ මහලේ ආලින්දය දෙසින් ලී පොළොවේ යමක් පැද්දෙන හඬක් දිගින් දිගටම ඇසෙන්නට විය. ඔහු ටික වේලාවක් එම ශබ්දයට කන් දීගෙන සිටියේය. එම ශබ්දය නොනවත්වාම ඇසෙයි. ශබ්දය කුමක්දැයි සොයා බැලිය යුතු යැයි සිතූ නිර්මාල් ආලින්දය දෙසට යාමට තීරණය කළේය. නිර්මාල්ගේ කාමරයේ දොර විවර වන්නේ කෙලින්ම ආලින්දයටය. වැඩි චකිතයකින් තොරව නිර්මාල් දොර හැරියේය. දුටු දසුනින් ඔහු භිරන්තට්ටු වී ගියේය. ආලින්දයේ ජනේලය අසල එළිය දෙස බලාගෙන ගැහැනු කෙනකු පැද්දෙන පුටුවක වාඩි වී පැද්දෙමින් සිටියි. ඒ ඇසෙනුයේ පුටුවෙන් නැගෙන හඬකි. ලා නිල් පැහැයට හුරු සුදු ආලෝකයක් ඇගේ ශරීරය වටා පවතියි. නිර්මාල් කරන්නේ කුමක්දැයි යන්න අවබෝධයකින් තොරව තත්පර කිහිපයක් බලා සිටියේය. පැද්දෙමින් සිටි කාන්තාව නිර්මාල් දෙසට හැරිණි. ඇගේ ගිනි රත්පැහැ ඇස්දෙක දුටු නිර්මාල් මර හඬ දී කෑ ගැසුවේය. කාමරයට ඇතුළු වී දොර වසා ගත්තේ කෙසේදැයි කියා හෝ ඔහුට මතක නැත. ඔහු අධික ලෙස තැති ගත්තේය. නිර්මාල්ගේ කෑ ගැසීමත් සමඟම නිවසේ සියල්ලෝ උඩුමහලට දිව ආවෝය. නිර්මාල්ගේ දොරට තට්ටු කරණු වෙනුවට දොර ඇරගෙන ඇතුළට ගියේය. දොර ලොක් කර නැත. කට්ටිය ඇතුළට යද්දීත් නිර්මාල් කෑ ගසමින් සිටියේය. ඇඳට ඔහුගේ මුහුණ ඔබාගෙන සිටි නිර්මාල්ගේ පිටට පියා අත තබත්ම නිර්මාල් තවත් ගැස්සී කෑ ගසන්නට විය. නිවසේ සියල්ලෝ පැමිණ කතා කරත්ම ඔහු තරමක් සන්සුන් විය.
ඔහු දුටු දේ පිළිබඳ පැවසුවත් කිසිවකු එය විශ්වාස නොකළේය. නිර්මාල් දැඩි ලෙස තැති ගැන්වී සිටියේය. පසු දා පහන් විය. නිර්මාල්ට හොඳටම උණ ගැනී තිබුණි. පසුදින උදයේ දියණිය වූ හංසිකා පුදුමාකාර කථාවක් පැවසුවේය. නිවසට පැමිණ ගත වූ දින හතරේදීම සෑම දිනකම උදයේ ආලින්දයේ තබා තිබූ සෙටියේ නිර්මාල් පැවසූ තැන තබා ඇති පුටු දෙක ඈත් කර දමා තිබූ බවය. එය තමා විසින් සෑම දිනකම යලි ලංකළ බව ඇය පැවසුවේය. මේ සිදුවීම් සමඟම ඔවුහු උඩු මහළ අත් හැරියේය. නිර්මාල්ට දෙහි කපා ආරක්ෂා නූලක් දැමුණ අතර ඔහු සුවය ලැබීය.
කාලය කෙමෙන් ගෙවී ගියේය. සෑමදාම රාත‍්‍රියේ කිරි කිරි ශබ්දය සැමටම ඇසෙයි. මෙය නිවසේ අයට මහත් වූ හිසරදයක් බවට පත් විය. ඔවුහු මෙම ගැටලූවෙන් මිදෙන්නට මාර්ග සොයන්නට විය. මංග අයියා පිළිබඳ ඔවුන්ට අසන්නට ලැබුණේ මේ අතරතුරය.
විමසූරිය මහතා මංග අයියා හමු වී සියල්ල විස්තර කළේය. කටයුතු සම්පාදනය කිරීමට පෙර දිනක් මංග අයියා පැමිණ නිවසේ නතර විය යුතු යැයි පැවසුවේය. කතාකරගත් පරිදි මංග අයියා පැමිණියේය. ඉහළ මාලයේ නිර්මාල්ගේ කාමරයේ නතර විය. උඩුමහලේ සියලූ ලයිට් නිවා ඔහු නිදා ගත්තේය. වෙහෙසත් සමඟ ඔහුට නින්ද ගියේය. රාත‍්‍රියේ කවුරුන් හෝ කාමරයට පැමිණෙනු දැනී මංග අයියා අවදි විය. ඔහු දුටුවේ මැදිවිය පසු කළ කාන්තාවකි. ඇයගේ කර දෙපැත්තේ උරහිස් වැසෙන ලෙස ගොතන ලද පෙනුම සහිත රෙද්දක් විය. ඇය වටා ලා නිල් පැහැයට හුරු සුදු ආලෝකයක් පවතියි. ඇය කෙලින්ම මංග අසලට පැමිණියේය. මංග බිය වූයේ නැත. ඇයගේ ගිනි පුළුගු වන් ඇස් දෙකට ද මංග බිය වූයේ නැත. යකුන් මෙල්ල කළ මංගට මෙය මහ දෙයක් නොවීය. කිසි අමනුෂ්‍යයකුට මංගගේ ශරීරයට ළංවිය නොහැකි බව ඔහු දනියි.
”උඹ හදන්නේ අපිව එලවන්නද? මේ අපේ වලව්ව.”
”කවුද එහෙම කිව්වේ?” මංග කිසිවක් නොදන්නා සේ ඇසීය.
”උඹ හිතුවේ මං මෝඩයෙක් කියලද? උඹ ආවේ බලාගෙන යන්ඩනේ අපිව එලවන්නේ කොහොමද කියලා. එලවන්ඩ පුළුවන්ද කියලා බලපන්”
යැයි කී එම මළගිය ආත්මය නොපෙනී ගියේය.
ඔහුට පුටුවක හඬක් ඇසුනේ නැත. ඊට වඩා සජීවී අවස්ථාවකට මුහුණ දුන්නේය. මෙවැනි දෙයක් කළ හැක්කේ යම් ශක්තිමත් ආත්මයකට පමණක් බව මංග අත්දැකීමෙන්ම දනියි. අනෙක් කරුණ වූයේ ඒ අවස්ථාවේ ඇයත් සමඟ තවත් කිහිප දෙනකු සිටිය යුතු යැයි ඔහුට අවබෝධ වීමයි. මෙවන් අය ඉවත් කිරීම පහසු නොවන බව මංග අත්දැකීමෙන්ම දනියි. පසුදා උදයේ සිදු වූ සිදුවීම නිවසේ අයට මංග නොපැවසූ අතර ශබ්දය ඇසුණු බව පමණක් පැවසුවේය. ඔහු එසේ කළේ නිවසේ අය එය විශ්වාස නොකරන බැවිණි.
නිවසේ දෝෂය ඉවත් කිරීම සඳහා සති දෙකකට එහා දිනයක් යොදා ගත්තේය. මංග පිටව ගියේය. එදින රාත‍්‍රියේ සිදු වූයේ නොසිතූ දෙයකි. මෙතෙක් පැවති කිරි කිරි ශබ්දය වෙනුවට බර අඩි තබන ශබ්දය, විවිධ භාණ්ඩ පොළොවේ ගැටෙන ශබ්ද රාත‍්‍රිය පුරා ඉහළ මහලයෙන් ඇසෙන්නට විය. පසුදින බලන විට බිම පෙරළුන දෙයක් ද නැත. මෙම ගැටලූව නිසා නිවැස්සෝ හෙම්බත් වී සිටියෝය. මංග පිටවී දෙවැනි රැුයේදී රාත‍්‍රී දහයාමාරට පමණ සියල්ලෝ සාලයේ අසුන්ගෙන සිටියෝය. ඉහළ මාලයේ නිරන්තර ශබ්ද නැෙඟයි. ඔවුන් මේ පිළිබඳ කතා කර කර සිටියේය. එක් වරම බිරිඳ යටි ගිිරියෙන් කෑ ගැසුවේය. ඇය පඩි පෙළ ඉහළ බලාගෙන සිටියේය. විමලසූරිය ද ඒ දසුන දුටුවේය. ළමුන් සිටියේ පඩිපෙළට පිටුපාය. ඔවුන් එය නොදුටුවේය. යම් ඡුායාවන් දෙකක් පඩිපෙළ ඉහළ සිට ඔවුන් දෙස බලා සිටියේය.
නිවසේ සියල්ලෝ රාත‍්‍රියේම නිවසින් පිටවීමට තීරණය කළෝය. පූජාව පැවැත්වෙන දිනය දක්වාම ඔවුහු නිවසට පැමිණියේ නැත. දෙසතියකට පසු පූජාව සූදානම් විය. මලයාලම් පූජා විධි අප දැක ඇති තොවිල් ශාන්ති කර්මවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. සාලයේ බිම තින්නූර් නම් අළුවලින් චක‍්‍ර තුනක් අඳිනු ලබයි. පළමු වැන්න මලයාලම් දේව චක‍්‍රයයි. දෙවැන්න දිශ්ඨි බන්ධනයයි. අනෙක නිවසේ ආරක්ෂාවට අඳින ලද යන්ත‍්‍රය ජීවම් වීමට තබන මණ්ඩල යන්ත‍්‍රයයි.
දේව චක‍්‍රය මධ්‍යයේ පොල්ගෙඩිය හා අඹ කොළ සහිත මුට්ටි 3 තබන අතර බිම අඳින චක‍්‍රය වැසී යන ලෙස පාට පාට මල් දමයි. මල් ඉතා විශාල ප‍්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වෙයි. පලතුරු මල් අතර තබයි. දිශ්ඨි බන්ධනය තුළට රත් මල් හා බැදුම් වර්ග පමණක් භාවිත කරනු ලබයි. පූජාව ආරම්භයත් සමඟම යන්ත‍්‍රය ඉබේ ජීවම් වීම ඇරඹෙයි. මලයාලි ශාස්ත‍්‍රයේ පවතින විශේෂත්වය ද එයයි.
පූජාව ඇරඹීමත් සමඟම මංගගේ ගෝලයකු දිශ්ඨි බන්ධනය තුළ වාඩි කරවීය. ඉන්පසු මන්ත‍්‍ර කිහිපයක් පවසා තින්නූර් ටිකක් ඔහුගේ නළලේ ආලේප කළේය. ටික වේලාවකින් ඔහු සලිත වන්නට විය. බන්ධන චක‍්‍රය යනු නිවසේ සිටින සියලූ මළගිය ආත්ම ගෙන්වා එම කොටුව තුළට ගෙන කොටු කර ගැනීමට අඳිනු ලබන එකකි. ඒ මත පුද්ගලයකු තැබුවේ එම ආත්මයත් සමඟ කතා බහ කිරීමටය. ටික වේලාවකින් ඔහු ගැහැනු හඬකින් මහ හඬින් සිනා සෙන්නට විය. ”උඹ ආයිත් ආවද? බලමු උඹ කොහොමද අපිව එළවන්නේ කියලා. මුලින් සැර දැමූ මළගිය ආත්මය මංග අයියා මතුරන ලද තින්නූර් ආලේප කළ කඩුව අතට ගත්ම සැර බාල කළේය. ඇය, ඇය පිළිබඳ සහ පෙර සිදුවීමක් විස්තර කරන්නට විය. අදින් වසර හැට හැත්තෑවකට පෙර ඉංග‍්‍රීසි හුරුවට හැදුණු යුවළක් වලව්වේ ජීවත් වී ඇත. වතු හිමිකරුවකු වූ ස්වාමියා බිරිඳ පිළිබඳ උනන්දුවක් දක්වා නැත. ස්වාමියාගේ මිතුරකු සමඟ අනියම් සබඳතාවක් ඇති කර ගන්නා ඇය ඔහුව වරින් වර නිවසට ගෙන්වා ගනියි. අවසානයේ සිදු වන්නේ ඉහළ මහලයේ පැද්දෙන පුටුව මතදීම ස්වාමියාගේ වෙඩි පහරකින් ජීවිතයෙන් වන්දි ගෙවීමටය. මිතුරාට ද නිවස තුළම පහරදී මරා දමා ඇත. ඔවුන් දෙදෙනාගේ ආත්මයන් මේ දක්වාම නිවසේ වෙසෙයි. වරින් වර නිවස මිලදී ගන්නා අය ටික දිනකින් නිවස විකුණා දැමීමට සිදුවන සිදුවීම් මේ මළගිය ආත්ම විසින් ඇතිකරනු ලබයි.
සියලූ පූජා අවසානයේ මළගිය ආත්ම යම් බන්ධනයකට ලක් කර ඉවත් කරනු ලබයි. මලයාලි ශාස්ත‍්‍රයට අනුව එම මළගිය ආත්ම ඉන්පසු මලයාලි ඇදුරාගේ සේවයට බන්ධනය වෙයි. මලයාලි ගුරුකමේ අවසන් උද්වේගකර අවස්ථාව වනුයේ දෙදෙනකු කඩුව ඔසවාගෙන සිටින විට එහි කැපෙන පැත්ත මත මලයාලි ඇදුරා සිටගෙන නිවැසියන්ගේ ආරක්ෂාවට නලලේ සින්¥ර් ආලේප කිරීමයි. බොහෝ විට කඩුව මත සිට ගන්නා අවස්ථාවේ ඇදුරාගේ ශරීරයේ සිටින්නේ මලයාලි මහසෝනාය. මොහු ඉතා දරුණුය. කඩුව හරිහැටි අල්ලා ගැනීමට නොහැකි වුවහොත් අත ඇති පන්දමෙන් හෝ අත ඇති දෙයින් පහර කෑමට සිදුවෙයි.
කෙසේ හෝ පූජාව අවසන් විය. නිවසේ දෝෂය ඉවත් විය. ටික කලකින් නිවස සාමාන්‍ය තත්ත්වයට පත් විය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

39 මැරුම් කෑ එඞ්වින් 

සිය ඝාතකයා එල්ලා මරයි 


ගම්මුලාදෑනිකම යනු එකල අසීමිත බලයක් සහිත තනතුරකි. නීතිය ක‍්‍රියාත්මක කරවීම ගම්මුලාදෑනිවරයාගේ කාර්යය වුවත් බොහෝ අය අතින් සිදු වූයේ අහිංසක ගැමියන් පිඩාවට පත් කිරීමයි. ෆෙඞ්රික් ගම්පහට ආසන්න දිළිඳු ග‍්‍රාමයක සිටි ගම්මුලාදෑනිවරයෙකි. තම නිලය බලය කර ගනිමින් ඔහුගේ අතින් සිදු වූ බොහෝ අපරාධ කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. ගමෙන් වැඩි හරියක් ඉඩම්වල හිමිකරුවා වූයේ ෆෙඞ්රික්ගේ පියා ය. ෆෙඞ්රික්ට ගම්මුලාදෑනිකම හිමිවන විට පියා විසින් ඉඩම් බෙදා නොතිබුණි. තම පියාට අයත් ඉඩකඩම් තම සහෝදරයන් දෙදෙනාටත් බෙදීයනවාට ෆෙඞ්රික් කැමැති වූයේ නැත. ඔහුට අව්‍යශ්‍ය වූයේ සියලූ ඉඩම් තනිව භුක්ති විඳීමටය. ඔහු ඒ සඳහා කදිම උපායක් සැකසීය. ඒ ගම්මුලාදෑනිකම ලැබෙන අවස්ථාවේ ඉඩම් අක්කර විශාල ප‍්‍රමාණයක් පෙන්විය යුතු බව පවසා තමාගේ නමට ඉඩම් හරවන ලෙස පියාගෙන් ඉල්ලා සිටීමයි. පියා එයට කැමැති වූයේ නැත. එහෙත් ගම්මුලාදෑනිකම ලැබුණු. සැණින් සහෝදරයන්ට යළි ඉඩම් පවරණ බව පවසා සහෝදරයන් කැමැති කර ගැනීමට අපහසුවකින් තොරව ෆෙඞ්රික්ට හැකි විය. එහෙත් තම පුත‍්‍රයාගේ හැටි දත්් පියා එයට කැමැති වූයේ නැත.
ෆෙඞ්රික් තම අදහස අතහැරියේ නැත. ඔප්පු තිරප්පු සියල්ල සකස් කළේය. නිවසේ පියා පමණක් සිටි අවස්ථාවක ෆෙඞ්රික් කානු දෙකේ තුවක්කුවක් ගෙන පියා හමුවට ගියේය. ජීවිතය හෝ ඉඩකඩම් යන දෙකෙන් රැුකගත යුත්තේ කුමක්ද යනුවෙන් තෝරාගැනීමක් පියාට ඉදිරි පත් කළේය. ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටි පියාට හැඟී ගියේ ජීවිතය රැුක ගැනීම වඩා සුදුසු බවය. ෆෙඞ්රික් තමාගෙන ආ ඔප්පු තිරප්පුවලට පියා සිය අත්සන් යෙදීය. ගම්මුදාලදෑනිිකම ලැබුණ ද තමා පැවැසූ ලෙස තම යුතුකම ඉටුකළේ නැත. තම සහෝදරයන් දෙදෙනාට කිසිදු ඉඩමක් යළි ලබා දුන්නේ නැත. කාලය කෙමෙන් ගෙවී ගියේය. ෆෙඞ්රික්ගේ බාල සහෝදරයා වූ එඞ්වින් දිගින් දිගටම තම අයිතිය වෙනුවෙන් ක‍්‍රියා කරන්නට විය. ඔහු බලහත්කාරයෙන් ඉඩම් කොටසක් අල්ලා ගෙන කොටු කර ගත්තේය. ගෙවීගියේ ටික දිනකි. පොලූවලින් පහර දී මරාදමන ලද බාල සොහොයුරු එඞ්වින්ගේ සිරුර රබර් යායක් මැද වැටී තිබී හමුවිය. එය කළ පුද්ගලයකු හෝ සොයාගත නොහැකි විය.
මේ අතරතුර ෆෙඞ්රික්ගේ පියා මිය ගියේය. තම ඉඩම් බලහත්කාරයෙන් ලියා ගැනීමෙන් පසු ඔහුත් ගමෙන් පිටව ගිය අතර පියාගේ නැඟණියකගේ නිවසේ නතර වී සිටියේය. පියා මියයන කාලය වන විට ෆෙඞ්රික්ට වයස 20කට ආසන්න පුතකු සිටියේය. ඔහු කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා හමුදාවට සම්බන්ධ වී සිටියේය. ෆෙඞ්රික්ගේ පියා මියයෑමෙන් වසර 3 - 4ක් ගෙවී ගියේය.
හමුදාවේ සේවය අතහැර ගමට පැමිණි ෆෙඞ්රික්ගේ පුත් මහින්ද පිස්සකු ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය. මුලින්ම බීමතින් ගමවටා කරක් ගහන්න පටන් ගත්තේය. ඉන්පසු සිදු වූයේ ගමේ ගැහැනු ළමයි කිහිපදෙනකුම ඔහුගේ අතින් සල්ලන් වීමයි. මේ මහින්දගේ සැබෑ ගති නොවීය. ඔහු හොඳ හැදියාවක් සහිත තරුණයෙකි. මේ අතරතුර මහින්ද සිය නිවසට තරුණියක බලෙන් රැුගෙන ආවේය. ෆෙඞ්රික් සුපුරුදු ලෙස තම කටයුතු කරගෙන ගියේය. දිනක් ඔහු රාත‍්‍රී ගමනක් ගොස් නිවසට පැමිණෙමින් සිටියේය. ඔහු පැමිණියේ තම සොයුරාගේ ඝාතනය සිදු වූ රබර්වත්ත අසලිනි. සොයුරා මරා දැමූ හැටි ඔහුට මැවී පෙනෙන්නට විය. පොලූ පහර වැදී මුහුණ පුරා ලේ පෙරෙන සහෝදරයා තමා දෙසට දුව එන්නා සේ පෙනෙන්නට විය. බියට පත් ෆෙඞ්රික් වේගයෙන් නිවස දෙසට දුව ආවේය. ගේට්ටුව ළඟට විත් ගේට්ටුව ඇරියේය. ගේට්ටුව ඇරීමත් සමඟ ම ජීවිතයේ ඔහු එතෙක් දුටු භයංකාර ම දර්ශනය දුටුවේය. ගේට්ටුවට යාර කිහිපයක් ඉදිරියෙන් නිය, දත් විහිදා ගෙන තමා දෙසට අත් දිගු කරගෙන සිටින යකෙක් සිටගෙන සිටියි. පසුපසින් ලේ පෙරාගත් සහෝදරයා දිව එයි. ඔහුට මතක එපමණය ඔහු සිහිසුන්ව ඇද වැටුණේය.
යළි කිසිදිනක ෆෙඞ්රික් දෙපයින් සිට ගත්තේ නැත. ඔහු අංශභාගයට ගොදුරුවිය. අත පය පණ නැතිව බලාගත් වනම ඇද මත වැතිර සිටීම විනා ඔහුට කළ හැකි දෙයක් නොවීය. අංශභාගය වැළඳුන පියාට පුත‍්‍රයා වූ මහින්දගෙන් අනේක කරදර විඳින්ට සිදු විය. සමහර දිනවල පිස්සුවෙන් මෙන් නිවසට පැමිණෙන මහින්ද එක් තැන්වී සිටින පියාට පහර දුන්නේය. සම්පූර්ණයෙන් ම මහින්දගේ ශරීරය කිසියම් වූ ආත්මයක් විසින් පාලනය කරමින් පැවැතුණි.
ගෙවී ගියේ ටික දිනකි. එක් දිනක් රාත‍්‍රියේ තමා සිටි කාමරයේ දොර වේගයෙන් වැසෙන හඬින් ෆෙඞ්රික් අවදි විය. අමාරුවෙන් හිස මදක් හරවා දොර දෙස බැලූ ඔහු තිගැස්සී ගියේ දොර ළඟ එදා ගේට්ටුව ළඟ දී දුටු භයංකාර පෙනුමක් සහිත යක්ෂ රුව දත් විරිත්තමින් තමා දෙස බලා සිටිනු දැකීමෙනි. ටිකින් ටික ඔහු තමා දෙසට එන්නට විය. අත පය පණ නැති ෆෙඞ්රික්ට දිවීමට හෝ කෑ ගැසීමට අවස්ථාවක් නැත. ඔහු ඇඳ දිගේ අතපය ගසමින් ඉහළට ඇදෙන්නට විය. උගුරෙන් අමාරුවෙන් කෑ ගැසුවේය. ෆෙඞ්රික්ගේ ඉහළ ඇඳ විට්ටමට ආසන්නයේ ම ජනේලයක් වෙයි. ඔහු විට්ටම අසලට ම ඇදි ඇදී ගියේය. එක් වනම ඇරුණ ජනේලය අසල හිසින් ලේ පෙරමින් සිටින සහෝදරයාය. ජනේලයෙන් ඇතුළට දෑත් යොමු කළ මළගිය ආත්මය ෆෙඞ්රික් ඇඳ සිටි සරම ගෙලවටා දමා ජනේලයේ කුරූ දිගේ ඉහළට එසෙව්වේය.
ෆෙඞ්රික්ට කළ හැකි කිසිවක් නැත. ගෙල සිරවීමෙන් ඔහු අවසන් ගමන් ගියේය. කාමරයෙන් ඇසුණු ශබ්දයට නිවසේ අය පැමිණෙන විට දොර ඇතුළතින් අගුළු ලා ඇත. කිසිම දිනක සිදු නොවූ දෙයින් තැනිගත් ඔවුන් දොර කඩගෙන ඇතුළට ගියේය. ඔවුන් දුටුවේ නිරුවතින් ජනේලයේ එල්ලී මිය ගොස් සිටින ෆෙඞ්රික් ය.
පියාගේ මරණය සම්බන්ධයෙන් මහින්ද ව පොලීසිය සැක කළ නමුත් එය මිනීමැරුමක් ලෙසින් ඔප්පු කරන්නට පොලීසියට නොහැකි විය. මහින්ද මාස කිහිපයකින් නිදහස් වී නිවසට පැමිණියේය. පිස්සකු ලෙස නිවසේ සියලූ බඩු මුට්ටු විකුණමින් අරක්කු බීම දවස පුරා ඔහුගේ කාර්යය විය. සියලූ ඉඩකඩම් ද කැබැල්ලෙන් කැබැල්ල විකුණා දමන්නට විය. ඒ ඉඩම් මිල දී ගත් කිසිවකුට හෝ හොඳින් දියුණු වී ජීවත් විය නොහැකි තත්ත්වයක් පවතියි. මහින්දට අවසානයේ ඉතිරි වූයේ විකුණ ගත නොහැකි පර්චස් තුනක බිම්කඩක් පමණි. එම බිම්කඬේ බාගෙට හැ¥ කුඩා නිවසක කුලී වැඩකින් ලැබෙන මුදලින් වැඩි හරියක් බීමටම වැය කරමින් ජීවත් වෙයි.
ඉඩම් උදෙසා මරා දැමුණු ෆෙඞ්රික්ගේ සහෝදරයාගේ ආත්මය පියාගේ මරණයත් සමඟම ශක්තිමත් ව පලිගැනීමට පැමිණියා විය හැකිය. පියා දරුණු මළ යකෙක් බවට පත් වන්නට ඇත. ඔහුගේ ශක්තියෙන් මරා දැමුණ තම බාල පුත‍්‍රයාට සාධාරණය ඉටු කරන්නට ඇත. නැතහොත් තම ඉඩම් බලෙන් පැහැර ගැනීමේ වෛරය පිරිමසා ගන්නට ඇත. ෆෙඞ්රික්ගේ මරණයෙන් හෝ මහින්දගේ ජීවිතය විනාශ වීමෙන් පලිගැනීම් හෝ මළගිය ආත්මවල ආශාව නිම වී නැත. මහින්ද විසින් අලෙවි කළ ඉඩම්වල නිවස හදාගෙන පැමිණි කිසිවකුවත් වසර 2 - 3කට වඩා එම නිවාසවල විසීමට නොහැකි විය. අනෙකවිද ප‍්‍රශ්න මත සෑම අයකු ම එම නිවෙස් විකුණා දමා යති. නිවෙස් කිහිපයක් වසා දමා ඇති අතර තිදෙනකු සියදිවි නසාගෙන ඇත. ඉඩම්වල සැබෑ හිමිකරුවන් වූ වෛරී භූත ආත්ම විසින් ඔවුනට අයත් ඉඩම් භූක්ති විඳින්නන්ගෙන් ද පලිගනිමින් සිටිති.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

38 දෙලොවක් අතර ගැවසෙන සෙවණැලි


මරණය යනු සත්‍ය වශයෙන්ම වෙන්වීමක්ද නැතහොත් භෞතික ශරිරයෙන් පමණක් වෙන්වීමක්ද? බුදුදහම මෙන්ම ජ්‍යෙතිෂ්‍යයට අනුව ද ඉපදීම මරණය යනු සසර ගමනේ තාවකාලික නැවැතුමක සිදු වන සිදුවීමක් පමණකි. මරණයෙන් පසු සිදුවන බොහෝ සිදුවිම් අපට තවමත් තේරුම් ගත නොහැකිය. අපේ පියවි ඇසට පෙනෙනුයේ මාන දෙකකි. මාන දහසයක් විශ්වයේ පවතින බව බුදු දහමෙහිද සඳහන් වෙයි. මරණෙන් පසු මිනිසුන් යන්නේ එවන් වූ මානයකට ද? දෙවියන්, යකුන් හෝ වෙනත් මළගිය ආත්ම සඳහා වෙන වෙන ම මානයක් පැවැතිය හැකිද? මැරෙන මිනිසුන්ට යළි පැමිණිය හැකිද? මේවා ඔප්පු කරලිය හැකි කරුණු නොවෙයි. එහෙත් ඒවා පිළිබඳ අත්දැකීම් ඇති මිනිසුන් පවසන කරුණු මත මළගිය ආත්ම පිළිබඳ වැඩි යමක් අවබෝධ කර ගැනීමට හැකි වෙයි.
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ අතර මැද ප‍්‍රධාන මාර්ගයට ආසන්නයේ කුඩා කඳුගැටයක් මත අමල්ගේ නිවස පිහිටා තිබුණි. ප‍්‍රධාන මාර්ගයේ සිට සැ¥ අලංකාර පඩි පෙළකින් වත්තට පිවිසිය යුතුය.
රැුකියාවක් නොමැතිව දැඩි මානසික පීඩනයකින් සිටි අමල්ට අනූව දශකයේ මැද සිකුරාදා දිනක කොළඹ ප‍්‍රධාන පෙළේ බීම සමාගමකින්
රැුකියාවක් සඳහා සම්බුඛ පරීක්ෂණයකට කැඳවීමක් ලැබුණි. එය රියැදුරු රැුකියාවකි. අධ්‍යාපන සුදුසුකම් තිබුණ ද වාහන එලවීමට දැඩි ආශාවක් දැක් වූ අමල්ට සම්මුඛ පරීක්ෂණයට කැඳවීම රැුකියාව ලැබුණ හා සතුටට කරුණක් විය.
සඳුදා පෙරවරුවේ ම තම මෝටර් සයිකලයෙන් කොළඹ පෞද්ගලික ආයතනයේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමේ අරමුණින් ඔහු පැමිණියේය. කැඳවීම තිබුණේ පෙරවරු දහයට වුවත් එයට බොහෝ වෙලාවකට පෙර පැමිණ අසුන් ගෙන බලා සිටියේය. ඔහුට එම ආයතනයේ වෑන් රථයක රැුකියාවක් ලැබුණි. එදින සිට ම සේවය කළ හැකිදැයි ආයතනයෙන් විමසූ අතර අමල් එයට කැමැති වූයේ එක පයිනි. රැුකියාවක අවශ්‍යතාව ඒ තරම් තදින් ඔහුට දැනුණි.
අඟහරුවාදා සුපුරුඳු ලෙස ඔහු සේවයට පැමිණියේය. සේවකයන් පැමිණීම සටහන් කරන පොතේ දෙවැනි දිනයට ද අත්සන් තබා ආයතනයේ රාජකාරී වෙනුවෙන් කොළඹ නගරයේ බොහෝ තැන් වෙත වාහනය රැුගෙන ගියේය. බදාදා සවස තුනට පමණ කාර්යාලයේ සේවය කළ ඉනෝකා නම් ලිපිකාරිනියක් හදිසි රාජකාරි කටයුත්තකට යෑම සඳහා වාහනයේ රියැදුරු වූ අමල් ව සොයන්නට විය. අමල් සිටියේ ඔවුන්ගේ ගබඩාවේ එලා තිබූ කාඞ්බෝඞ් පෙට්ටියක් ඉරා ගත් කොටසක් මත දිග ඇදීය. ඔහුගේ එක් නාසයකින් ලේ ස්වල්පයක් ගලා එයි. මොහොතක් ඔහු දෙස බලා සිටි ඉනෝකා අමල් ට කතා කළේය.
‘‘අමල්’’
අමල් ගැස්සී ඇහැරුණේය.
‘‘නහයේ ලේ ඇයි’’
‘‘පීනසේට වෙන්ඩ ඇති’’ යැයි පවසමින් අමල් අතින් නාසය පිස දැම්මේය.
ගමේ යෑමට නොහැකි වූ බැවින් දින තුන ම අමල් ඇන්දේ එක ම ඇඳුම ය. එය බොහෝ සෙයින් පොඩිවී ගොස් ඇති අතර බදාදා සවස් වන විට ඔහු වෙතින් දිස් වූයේ අපිළිවෙළකි. බදාදා සවස හතර හමාර පමණ වන විට යළි ආයතනයට පැමිණීමට ඉනෝකාට සහ අමල්ට හැකි විය. ගමන යන එනතුරු ඉනෝකා සමඟ බොහෝ දේ අමල් කතාබහ කළේය. යළි ආයතනයට පැමිණි අමල් ව ඉන්පසු කිසිවකු දුටුවේ නැත. බ‍්‍රහස්පතින්දා සේවයට පැමිණියේ ද නැත. සිකුරාදා පෙරවරුවේ ආයතනයෙන් බණ්ඩාරවෙල නිවසට දුරකථන ඇමැතුමක් ගත්තේ ය. ඒ ඉනෝකා මිස්මය.
‘‘අමල් ඉන්නවද?
කවුද කතා කරන්නේ..’’ පිරිමි අයකු අමල්ගේ නිවසේ දුරකථනයට පිළිතුරු සපයන්නට විය.
‘‘මම අමල් වැඩ කරන ආයතනයෙන්...’’
‘‘අමල්... නැති වුණානේ...’’
‘‘නැති වුණා කිව්වේ...’’
‘‘එයාගේ අවසන් කටයුතු කළේ බදාදා..’’
‘‘මොකක්...’’
ආයතනයෙන් දුරකථන ඇමැතුම ගත් ඉනෝකාට එතැනින් එහා කතාකර ගත නොහැකි විය. සිදුව ඇත්තේ කුමක්ද? පැවැසුවේ බොරුවක්ද?
ඉන්පසු ආයතනයේ වෙනත් අයකු අමල්ගේ නිවසට කතාකර විස්තර දැන ගත්තේ ය. සඳුදා හිමිදිරි පාන්දර නිවසින් පිට වූ අමල්ට පැමිණීමට හැකිවී ඇත්තේ බෝ ගහ මඩිත්තේ උළු මෝල අසලට පමණි. මීදුමත් සමඟ පාර හරහට පැමිණි ලොරියක යතුරු පැදිය ගැටීමත් සමඟම උඩින් විසිවුණ අමල් අසල තාප්පයේ වැදී ඇදගෙන වැටුණා. කිසිදු තුවාලයක් නැතත් ඔහු යළි නැඟිට්ටේ නැත. හිසේ අභ්‍යන්තරයේ හි වූ තැලීමකින් ඔහු මියගොස් ඇත. අවසන් කටයුතු සිදු කර ඇත්තේ බදාදා සවස හතර හමාරට පමණය.
බීම සමාගමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණියේ අමල්ගේ ආත්මයද? එහෙත් ගැටලූව එය නොවේ. දින තුනක් පැමිණීමේ ලේඛනයේ අත්සන් තබා ඇත. ආයතනයේ වෑන් රථය දින තුනක් කොළඹ නගරයේ බොහෝ මං මාවත්වල රැුගෙන ගොස් ඇත. බොහෝ සේවකයන් සමඟ කතාබහ කර ඇත. ඉනෝකා නම් තරුණිය අමල්ගේ නාසයෙන් ලේ ගලනු දැක ඇත. අවසන් වරට ඉනෝකා සමඟ කත බහ කරමින් වාහනය පදවා ඇත. මෙය සිදුවූයේ් කෙසේද? කාලයක් තිස්සේ සිතෙහි තෙරපෙමින් තිබූ බලාපොරොත්තුව ආශාව ඉටුකර ගැනීමට අමල්ගේ ආත්මය පැමිණියේද?
මේ එවැනිම වූ තවත් සිදු වීමකි. පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාරයේ එක් කාමරයක යෙහෙළියෝ සිවුදෙනක් නතර වී සිටියහ. මේ විභාග පැවැත්වුණු කාලයකි. එක් සිසුවියක් හදිසියේ නිවෙස් බලා පිටත් වූයේ ඇයගේ මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙනි. ඇය දින කිහිපයකට පසු යළි පැමිණියාය. අනෙක් තිදෙනා පාඩම් කරමින් සිටි අතර, ඇය තට්ටු ඇදේ ඉහළ මාලයට නැඟ නිදාගත්තා ය. ඇය පසුදා උදේ මිතුරියත් සමඟ ඇය විභාග කටයුතුවලට ගියේ නැත. අසනීප ගතියක් පවසා ඇය කාමරයටම වී සිටියේය. එදින සවස හතරට පමණ ඇය හදිසි කටයුත්තකට නේවාසිකාගාරයෙන් පිටව ගියා ය. ඇය ගෙට්ටුවෙන් පිටව යන අයුරුත් නැවත පැමිණෙන අයුරුත් මුරකරු දුටුවේය. එදින සවස අධික වර්ෂාවක් පැවැතුණි. ඇය කිසිදු පැකිලීමකින් තොරව හොඳ හැටි වැස්සේ තෙමෙමින් නේවාසිකාගාරය වෙත පැමිණියා ය. ඇදුම් මාරු කරගෙන වැඩි කතාබහකින් තොරව ඇඳට ගොඩ විය. රාත‍්‍රී නවය පමණ පසුවන විට නින්දට පැමිණි මිතුරියෝ ඇඳවලට ගොඩ වී ලයිට් එක නිවන ලෙස එක් අයකුට පැවැසූහ.
සිදු වූයේ කාමරයේ වූ මිතුරියන් තිදෙනා භීතියෙන් මුසපත් වන සිදුවීමකි. උඩ ඇඳේ සිටි අප කලින් පැවැසූ තරුණිය. ඇඳේ වාඩි වූවාය.
ඇෙඟ් දිව වේගයෙන් දික් වී පැමිණ බිත්තියෙහි වූ ස්විචය නිවා දැමීමයි. මෙය දුටු මිතුරියන් තිදෙනා බිය වී කෑ ගසාගෙන එළියට දිව ගියහ. ඉන්පසු කිසිදු දිනයක යළි ඇය දුටුවේ නැත. පසුව ඇය පිළිබඳ සොයා බලන විට දැනගන්නට ලැබුණේ් පළමු දින නිවසට යද්දී රිය අනතුරකින් ඇය මිය ගොස් ඇති බවයි. ඇය යළි නේවාසිකාගාරයට පැමිණි දිනය වන විට ඇගේ අවසන් කටයුතු නිම වී ඇත.
මේ විශ්වයේ අපට තේරුම් ගත නොහැකි බොහෝ සිදුවීම් සිදු වෙයි. අප අතර ම වෙනස් වූ ආත්මයන්ද වෙනස් වූ ශක්තීන්ද ගැවසේ. අපගේ කාර්ය බහුලත්වය මත ඒවා අවබෝධ කර ගත නොහැකි වෙයි. ආත්මයෙන් ආත්මයට ගමන් කරන සිත තුළ ම ඉපදෙන ඉටු කරගත නොහැකි වූ අරමුණු ඉටු කර ගැනීමට මරණින් පසු ද සිත ක‍්‍රියාත්මක වෙයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

37 මරා දැමූ වත්සලා තම මිනීමරුවා ගැන හෙළිකරයි



අසංක ගමෙන් පිටවූයේ වසර හතරකට පමණ පෙරදී ය. ඒ මැදපෙරදිග රැුකියාවකට යෑම සඳහා ය. රුවන්වැල්ලට ආසන්නයේ වාහනයක් හෝ ගමන් කළ නොහැකි දුෂ්කර ගමක ජීවත් වූ අසංක මාස තුනක නිවාඩුවක් උදෙසා යළි ලංකාවට පැමිණියේ ය. ලංකාවට පැමිණි දිනයේ යහළුවකුගේ නිවසේ නතර වූ ඔහු පසුදා පාන්දරම තම නිවස වෙත යෑමට පිටත්විය.
රුවන්වැල්ලේ සිට සැතපුම් කිහිපයක් ගමන් කළ පසු ඔවුන් පැමිණි වාහනයෙන් බැස පා ගමනින් ගමන් කිරීමට ඔවුනට සිදුවූයේ තම ගමට ඒ වන තුරුත්
මාර්ගයක් සාදා නොතිබීම හේතුවෙනි. ප‍්‍රධාන
මාර්ගයේ සිට ගමට සැතපුම් හතරක පමණ දුෂ්කර ගමන් මාර්ගයක් ගෙවා යා යුතුය. තේ වතු, කඳුගැට මෙන්ම කුඩා දොළ පහරවලින් අතරින් වැටුණු මාර්ගය මනඃකාන්තය. ඒ මනඃකාන්ත බව තුරන් කරමින් ගැමියන්ගේ ජීවිතවල සැඟවුණු අඳුරු සෙවණැලි මෙන් මහා හුදෙකලා බවක් ද තැනින් තැන මතුවෙයි.
අසංක පැමිණියේ තම මිතුරකු ද සමඟිනි. ඔවුන් දෙදෙනා සෙමෙන් සෙමෙන් දුෂ්කර ගමන්මෙඟ් ඉදිරියට ගමන් කරමින් සිටියහ. වසර හතරක් ගෙවී ගොස් ඇතත්, වෙනස් වී ඇත්තේ තම ජීවිත පමණකැයි ඔවුන්ට සිතුණි. ප‍්‍රධාන මාර්ගයෙන් සැතපුම් භාගයක් පමණ ගමන් කළ විට නිවස සීමාව පසුවෙයි. කුඩා
වනරොද පසුවත්ම හමුවන කුඩා දොළ පහරෙන් පසු තේ වත්ත ඇරැුඹෙයි. උදෑසන ආලෝකය පරිසරය වෙළාගනිමින් පැවැතියත් උදැසන සීතලත් මිහිදුමත් පරිසරයේ ගුප්ත බව වැඩි කළේය.
නිවාස සීමාව පසු කරමින් ඉදිරියට ඇදෙන යහළුවන් දෙදෙනාට තරමක ඈතින් ගමන් කරනා තරුණියක් දැකගත හැකි විය. තැඹිලි පැහැයට හුරු සුදු මල් සහිත සරල ගවුමකින් සැරසී සිටි ඇයගේ අතේ කුඩා බෑගයක් ඇත. ඇය වැඩි කලබලයකින් තොරව ගමන් කරයි. අසංකගේත් ඔහුගේ යහළුවාගේත් නෙත් රැුඳී තිබුණේ ඒ දෙසට ය. ඔවුන් තම ගමන වේගවත් කරන්නට වූයේ තරුණියට කිට්ටුවීමේ පරමාර්ථයෙනි. තරුණියට ළංවෙත්ම අසංකගේ යහළුවා ඇයට විහිළුවක් කිරීමේ අදහසින් මුවෙන් ශබ්දයක් නිකුත් කළේ ය. ඒ හඬට ඇය හැරී පසුපස බැලූවා ය. ඒ සැණින් අසංක ඇයව හඳුනාගත්තේ ය.
”මචං මුකුත් කියන්න එපා. අපේ ගමේ කෙල්ලෙක්.
අපේ ගෙවල් කිට්ටුව”
”නංගී කොහොමද?”
”මේ අසංක අයියා නේද?”
වසර හතර තුළ අසංකගේ පෙනුම බොහෝ සෙයින් වෙනස්ව තිබුණත් ඇය ඔහුව එකවරම හඳුනා ගත්තාය.
”අයියා ඊයේ නේද එන්න හිටියේ?”
”ඔව් නංගි, ඊයේ තමයි මම ආවේ. ඒත් එනකොට ටිකක් පරක්කු වුණා. ඒක නිසා යාළුවකුගේ ගෙදර ඉඳලා අද උදේ ආවා.”
තමා පැමිණෙන දිනය ඇය දන්නේ කෙලෙසද? අසංකගේ සිතට ගැටලූවක් මතුවිය. තමා පැමිණෙන බව අක්කාට කියා තිබුණත්, ඇයට ද ස්ථිර දවසක් කීවාදැයි ඔහුට මතක නැත. තමාගේ පැමිණීම පුදුමයක් කිරීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් තමා එන බව තමාට ම කියැවී ඇති බව ඔහු සිතුවේ ය. ඔවුනට හමු වූ තරුණිය නැතහොත් අනුකා තමාගේ පැමිණීම දන්නේ ද ඒ හරහා යැයි ඔහු උපකල්පනය කළේ ය.
”අයියලා හම්බවුණු එක හොඳයි. මම මේ ටික යන්නේ කොහොමද කිය කියා, හිත හිතා හිටියේ”
”නංගි මොනවද කරන්නේ?”
”මොන්ටිසෝරි එකේ උගන්වනවා”
”කොහේ ද?”
”ගමේමයි ...... ආයතනයෙන් දැම්මේ. ඒ ඒකේ ළමයින්ට නොමිලේ උගන්වනවා”
”එතකොට ආදායමක් නැද්ද?”
”නෑ. ඒ අය පඩියක් ගෙවනවා”
”ඇයි මේ, යන්න බයයි කිව්වේ, දැන් මේ පැත්ත වෙනස් වෙලාද?”
”මාස හයකට විතර කලින් තේ වත්තට පස්සේ තියෙන ගල් වැටිය හරියේ ගෑනු ළමයෙක්ව මරලදාලා තිබුණා.
”කාවද?”
”අයියා දන්නේ නෑ. අලූතින් ආපු කට්ටියක්”
”මරපු කෙනාව අහුවුණාද?”
”නෑ”
”ඇයි මරලා තියෙන්නේ?”
”ඒක මහා සහගහන අපරාධයක් අයියේ”
”ඒ ගෑනු ළමයයි, අම්මයි විතරයි ගෙදර හිටියේ. දෙන්නටම දරුණු උණක් හැදුණා. දවස් දෙක තුනක් ම බඩගින්නේ ඉඳලා තියෙනවා. මොකුත් ගෙන්න ගන්න සල්ලි තිබිලත් නෑ. කොහොම හරි අසනීප පිටින් ම මේ ගෑනු ළමයා පාරේ කඬේට ඇවිත් තියෙනවා”
කඩයට පැමිණීමට මේ මාර්ගයේ ම පැමිණ ප‍්‍රධාන පාරට පැමිණිය යුතුයි.
”තනියෙන් ද ඇවිත් තියෙන්නේ?”
”ඔව්. එවන්න කෙනෙක් ඉඳලා නෑ. කඩෙන් පාන් ගෙඩියක් ණයට අරගෙන එනකොට කසිප්පු විකුණන අමරෙයි, උගේ ගෝලයොයි ගල් තලාව උඩදී හම්බවෙලා”
”අමරේ තාම අරක්කු විකුණනවද? තාම ඉස්සර වගේ ද?”
”ඔව්. ඒ ළමයට කරදර කරන්න හදනකොට ඒ ළමයා වැඳ වැටිලා තියෙනවා. ‘මම අසනීපෙන් ඉන්නේ දවස් ගාණකින් කාලා නැතිව ඉන්නේ, මට හිරිහැර කරන්න එපා’ කියලා. ඒ නරුමයෝ දෙන්නා ඒ ළමයව ගල උඩදීම ¥ෂණය කරලා. ඒ ළමයට සිහි නැති වුණාට පස්සේ මැරුණා කියලා හිතලා ඔළුවට ගලක් අත ඇරලා ගල පල්ලටම මිනිය දාලා”
”ඇයි ඉතින් ඒ අයව අල්ලගත්තේ නැත්තේ?”
”ගමම මේ ගැන දන්නවා. ඒත්, කවුරුත් කියන්නෑ”
ඔවුහු කතාවෙන්, කතාවෙන් ගමට පැමිණියහ.
”අයියේ මම යාළුවෙක්ගේ ගෙදරට ගිහින් එන්නම්. අයියලා යන්න”
අසංක නිවසට පැමිණ පසුදා නිවසේ අයගෙන් මේ සිදුවීම පිළිබඳ විමසුවේ ය. මිනීමැරුම සිදු කළේ කවුදැයි ගමේ කිසිවකු දැන සිටියේ නැත. අසංක නිර්නාමිකව පොලීසියට මේ මරණයට වගකිවයුත්තා අමරේ යැයි ඔත්තුවක් දුන්නේ ය. කාලයේ වැලි තලාවෙන් වැසීයන්නට තිබූ මිනීමැරුමක් හෙළිවූයේ එලෙසිනි.
අසංක සමඟ සැතපුම් හතරක් කතා කරමින් පැමිණ තිබුණේ එදා මරා දැමුණු තරුණිය වූ වත්සලා ය, අසංකගේ යහළුවා නොසිටින්නට මෙය කිසිවකුත් විශ්වාස නොකරනු ඇත. අවසානයේ වැරැුදිකරුවෝ නීතිය හමුවේ තම වරද පිළිගත්හ.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

36 හරක් අවතාරයක් මිනී මරයි


‘හූ’ ‘හූ’ වැවට එපිටින් ඇති මහ මූකලාන දෙසින් නරින්ගේ කෑගැසීම වරින් වර ඇසෙයි. නරින්ගේ ‘හූ’ හඬ කන වැකෙත්ම ගමේ බල්ලෝ උඩුබිරීම ආරම්භ කළහ. රාත‍්‍රී අන්ධකාරය දසත වෙළාගෙන පැවතියත් මලානික සඳකිරණින් වැව මැද නිසලව ඇති බෝට්ටුව දැකගත හැකිවෙයි. ඒ නාදන්ගේ බෝට්ටුවයි. පුරුද්දක් ලෙස නාදන් මාළු ඇල්ලීමට දැල් එලීම රාත‍්‍රී කාලයේ සිදුකළේ වැඩිපුර මාළු අල්ලාගැනීමේ අරමුණෙනි. නාදන් මුස්ලිම් ජාතික මුදලාලි කෙනකුගේ ගෝලයකි.
මේ අතරතුර වැව් පිටියේ නිදැල්ලේ ගැවසෙමින් සිටි හරක් රංචුවේ හරකුන් එකා දෙන්නා අඩුවන්නට විය. එහෙත් ගැමියන්ට එය එතරම් නොදැනුණි. එයට හේතු වූයේ එම ගවයන් නිදැල්ලේම සිටීමය.
වැව් බැම්මේ කෙළවරට වන්නට රූස්ස ගසක් විය. වැව් බැම්ම නිමවූයේ කුඩා කඳු ගැටයකිනි. නිදැල්ලේ යන හරක් හැන්දෑ වනවිට මේ ගස යටට පැමිණ ලැඟුම් ගනිති. බොහෝ කාලයක පටන් සිදුවන මේ සිදුවීම් ගමේ ගැමියනට හොඳින් හුරුපුරුදුය. ගවයන්ට එය හොඳ ආරක්‍ෂිත ස්ථානයක් විය.
වැව මැද දැල් එලූ නාදන් හෙමින් සීරුවේ පාරුව පදවාගෙන වැව් කණ්ඩිය දෙසට පැමිණියේය. නාදන් ගොඩට එනතෙක් වැව් කණ්ඩිය අසල රැුදී සිටි පිරිසක්ද විය. ඒ නාදන්ගේ මුදලාලිගේ ගෝලබාලයන් පිරිසයි. ගම දෙසින් ඇසෙනා බල්ලන්ගේ උඩුබිරුම මෙන්ම ඈතින් ඇසෙනා නරින්ගේ කෑ ගැසීම අසුබ සිදුවීමක පෙරනිමිත්තක් බවට වූ ගමේ වැඩිහිටියන්ගේ හඳුනාගැනීම සැබෑවන්නට වැඩි කාලයක් ගතවූයේ නැත.
නාදන් ඇතුළු පිරිස අන්ධකාරය මැදින් හොර රහසේ පැමිණ රූස්ස ගස යට සිටි හරක් තිදෙනෙක් අල්ලා ගත්හ. ඒ සමගම අනෙක් හරක් කලබල වී දසඅතට දිවගියහ. වැව් බැම්මේ කෙළවර කඳුගැටය අසලට රැුගෙන ගිය හරක් තිදෙනා එහි වූ ගසක ගැටගසා පහරදී මරා දැමුණි. ඒ අහිංසක සතුන්ගෙන් පිටවුණු මර ලතෝනිය ගමේ කිසිවකුටත් ඇසුනේ නැත. වහ වහා මස් කෙරුණු එම සතුන් තිදෙනාගේ මස් හොර පාරෙන් ගමෙන් නගරයට ගෙන යන්නටද වැඩි කාලයක් ගත වූයේ නැත.
පසුදා වැවට පැමිණි ගැමියන්ට දැකගත හැකි වූයේ වැවට විසිකර දමා ඇති, මරා දමන ලද ගවයන් තිදෙනකුගේ හිස්ය. එම සිදුවීමෙන් ගමම කම්පාවට පත්විය. කෙමෙන් කෙමෙන් රාත‍්‍රිය එළඹුණි. සඳ ඇති දිනයක් වුවද එදින වලාකුළුවලින් හඳ වැසී ගොස් තිබුණ අතර, මූසල බවක් මුළු ගමම වෙළාගෙන තිබුණි. අන්ධකාරයේ ගුප්ත බව බිඳ දමමින් කිසි දිනක නොවූ ආකාරයට හරක් රංචුවම කෑගසන්නට වූයේ මර ලතෝනි දෙමිනි. රැුය පුරා මෙම විලාපය ඇසෙන්නට විය. ගමේ ගැමියෝ හුළුඅතු දල්වාගෙන පැමිණියේ තවත් හොර හරක් ඝාතනයක් සිදුවන්නේදැයි කියා සොයා බැලීමටය. එහෙත් ගැමියෝ දුටු දෙයින් තුෂ්ණිම්භූත වූහ. සුපුරුදු ආකාරයට ගවයන් ලැග සිටින මහා රූස්ස ගස අසලට රැුස්වූ ගවයෝ උඩ බලාගෙන මහා හඬින් මොරදෙති. කිසිදු ගවයකු පෙර මෙන් එහි නිදි නැත. සියලූ ගවයෝ සිටගෙන සිටිති.
පළමු දිනය ගෙවී ගියේය. දෙවැනි දිනයේදීද එම සිදුවීම ඒ ආකාරයටම සිදුවිණි. තෙවැනි දිනයේ රාත‍්‍රිය උදාවිය. මේ සිදුවීම් පෙළ සමගම මහා භයානක සිදුවීමක් අතළඟ බව ගැමියෝ තේරුම් ගත්හ. ගමේ දරුවන් මෙන්ම ගැහැනුන්ද බියෙන් ගැහෙමින් පැදුරු කඩමාලූවලට වී නිදිවර්ජිතව රාත‍්‍රිය ගත කළහ. නාදන් සුපුරුදු ලෙස පාරුවේ නැගී දැල් ගැසීමට වැව මැදට පාරුව පදවන්නට විය.
හවස් යාමයේ සිට දසතින් ගලා ආ වැහි වලාකුළින් මුළු ගමම ගිලීගොසිනි. එක් වනම මහා වැසි කඳක් කඩා වැටුණි. කිසිදු ඇළක හෝ ජල පහරකින් පෝෂණය නොවුණු වැවේ ජල කඳ නිමේෂයකින් ඉහළ යන්නට විය. වැව මැදට පාරුව පැදි නාදන්ට කර කියා ගත හැකි දෙයක් නොවුණි. පරිසරයම දෙදරවමින් හෙණ ගසන්නට විය. මහා වැසි අතරින් හරකුන්ගේ මර ලතෝනියද වරින් වර මතුවෙයි.
ගතවූයේ නිමේෂයකි. හෙණ හඬ නංවමින් වැව් බැම්මේ රූස්ස ගසත් පස් කන්දත් අතර වේල්ල පුපුරා ගියේය. වේගයෙන් ඉහළ නැගි ජලකඳ පුපුරා ගිය වේල්ලෙන් එළියට පැන පහළින් වූ කුඹුරු යායවල් මෙන්ම ගම්මාන කිහිපයක්ද යටකරමින් දෙගොඩතලා ගියේ මිනිස් ජීවිත අහිමි කරමිනි. ජල පහරට අසුව ගසාගෙන ගිය නාදන්ගේ මිනීයවත් සොයාගත නොහැකි විය.
හරක්ගේ කෑගැසීම ඉන් පසු යළි මතුවූයේ නැත. හරක් ඝාතකයාට දඬුවම් හිමිවිය. දින කිහිපයකට පසු වේල්ල සෑදීමට පැමිණි නිලධාරීන් පිරිස කැඞී ගිය වේල්ල ඈත සිට ඡුායාරූපගත කළෝය. එක දිගට ගත් ඡුායාරූප අතර එක් ඡුායාරූපයක මහා රූස්ස ගස මුදුනේ සිටින ගවයකුගේ රූපයක් දැකගත හැකිවිය. එසේම වැව් බැම්ම පිළිසකර කිරීම සඳහා වැව්බැම්ම හාරන විට රූස්ස ගස අසල කළු ගලක කොටන ලද ගව රූපයක්ද හමුවිය. ඒ වසභ රජුගේ රාජකීය ගවයාගේ සොහොන බවට වූ මතයක් ගැමියන් අතර පවතී.
කෙසේ හෝ වසර සිය ගණනක් තිස්සේ ගවයන්ට ආරක්‍ෂාව සැලසූ කුමන හෝ බලවේගයක් විසින් කළ අපරාධයට පලියගත්තේ එසේය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

35 මහරූ ආ සන්නි යකා ජිනදාසට මරු පෙන්වයි


ජිනදාස උත්සහවන්ත මෙන්ම කඩිසර ගොවියෙකි. උදෑසනම නැඟිට කුඹුරට යන ඔහු පොළොවට කළුවර වැටෙන තෙක්ම කැත්ත, උදැල්ල සමග වෙහෙසෙන්නේ අක්කරයකට ආසන්න කුඹුරේ සියලූ වැඩ කටයුතු සිදුවූයේ ඔහුගේ තනි මහන්සියෙන් වූ නිසාය. දරුවන් තිදෙනකුගේ පියකු වූ ජිනදාස මැදිවිය ඉක්මවා සිටියද පිරිපුන් ශරීරයකින් යුතු පුද්ගලයෙකි.
සමනළගිර පෙනෙන මානයේ ගමක පදිංචිව සිටි ඔහු අවාරයේදී වැටෙන වැසි සමගම ඇළ අමුණු ප‍්‍රචණ්ඩ වන අයුරු පිළිබඳ හොඳින් දැන සිටියේය. තම ශ‍්‍රමය මෙන්ම තම ජීවිතය බඳු වූ කුඹුරුයාය රැුකගැනීම මෙවන් වකවානුවකදී දැඩි වෙහෙසක් දැරිය යුතුය. ඒ නිසාම රාත‍්‍රී නින්දට පෙර නියරවල් කැඞී බිඳී ගොස් ඇතිදැයි කියා බැලීම ඔහු පුරුද්දක් ලෙසින් කළ කාර්යයකි. එදිනද ජිනාදාස රාත‍්‍රී නමයට පමණ කෑලි හතරේ විදුලි පන්දමද ගෙන කුඹුර දෙසට ගමන් කරන්නට විය.
සිහින් සිරිපොදයක් සමඟම පැතිර තිබූ තරමක මිහිදුම, පරිසරයේ ඇති කළේ ගුප්ත බවකි. පොහොය ආසන්නව පැවතියද වැහි වලාකුළු වසාගෙන සඳ කිරණ පොළොවට පතිත වූයේ මළානිකවය. ඔහු සෙමෙන් සෙමෙන් කුඹුර දෙසට ගමන් කරන්නට විය. විදුලි පන්දමක් අත තිබුණද එය දල්වාගෙන යෑමේ පුරුද්දක් ඔහුට නොවුණි. ඔහුට ඒ පාර එතරම්ම හොඳට හුරුපුරුදුය. නිවසේ සිට මීටර් පනහක් පමණ දුරින් කුඹුර පිහිටා ඇත. අඩිපාර නිමවනුයේ මිල්ල ගහ අසල ඒදණ්ඩෙනි. ඒදණ්ඩෙන් එගොඩවත්ම ලියදි දෙකකට පමණ එපිටින් මඩකර වතුර බැඳ ඇති කුඹුරේ නියර මත අඩි දෙක තුනක් උසට කළු පැහැති යමක් ඇතිබව ඔහු ඈතටම දුටුවේය.
ඒ ‘වන සතෙක් විය යුතු යැයි සිතූ ජිනදාස ඒදණ්ඩ අසල නැවතී ශබ්ද නොකර මොහොතක් බලා සිටියේය. සිරිපොද අතරින් වේගයෙන් හමාගිය සුළං පහර කඳු අතර වැදීමෙන් මතු වූ ගුප්ත දෝංකාරයත් සමග ඈතින් ඇසෙන උලමෙකුගේ කෑ ගැසීම පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩි කළේය.
මලානික සඳ කිරණින් නියර මත සිටින්නේ වන සතකු නොවන බව තේරුම්ගැනීමට ජිනදාසට වැඩිවේලාවක් ගතවූයේ නැත. ඒ මිනිස් රුවකට සමාන රුවකි. ඒ රුව නියරේ වාඩිවී යම් දෙයක් අත්දෙකින්ම අල්ලාගෙන කන බවක් ඔහුට තේරුණි. සුළු මොහොතක් ඒ දෙස බලාගෙන සිටි ජිනදාස විදුලි පන්දම දල්වා ඒ දෙසට එල්ල කළේය.
විදුලි පන්දමේ ආලෝකය වැදීමත් සමගම නියරේ වාඩිවී සිටි රුව නැඟී සිටියේය. එසැණින් ජිනදාසගේ සරුවාංගයම සීතල වී ගියේය. ඒ ඔහු ජීවිත කාලයටම දුටු බියජනකම දසුන වූ නිසාය. අවලස්සන ශරීරයක් සහිත විකෘති වී ගිය මිනිසකු වැනි සත්වයකු ඔහු දෙස බලා සිටියේය. විදුලි පන්දමේ ආලෝකයට ඒ අද්භූත මිනිසාගේ ඇස් විශාල වී දිලිසෙන්නට විය. කට අවට රත් පැහැ අමු ලේ බේරෙමින් ඇති අතරම ඔහුගේ අතේ හාවකු හෝ මීමින්නකු වැනි සත්වයකුගේ ශරීරයක කා ඉතිරි වූ අඩක් එල්ලෙමින් පවතියි.
ඇඳුමක් හෝ කිසිදු දෙයකින් ශරීරය ආවරණය කරගෙන නොසිටි මේ අද්භූත සත්වයා එක්වනම යළි හැරී ටික දුරක් දිව ගියේය. ජිනදාසගේ විදුලි පන්දමේ සීමාවෙන් මිදුණු පසු යළි ඔහු දක්නට නොලැබිණි. ජිනදාසගේ සියොළඟම වෙව්ලන්නට විය. තමා දුටුවේ කුමක්ද?
මිනිසෙක්ද? යකෙක්ද? කුඹුරට යෑම පසෙක දැමූ ඔහු යළි හැරී නිවසට පැමිණියේය. නිවසට පැමිණෙන විට ටිකින් ටික ඔහුගේ ශරීරය අප‍්‍රාණික වනබව ඔහුට දැනෙන්නට විය. නිවසට මඳක් ඈතදීම තම බිරිඳට කෑගැසුවේය.
‘මැණිකේ... ඔහුට මතක එපමණය.
ජිනදාසගේ කෑගැසීමට දිව ආ මැණිකේට දැකගත හැකිවූයේ කඩුල්ල ළඟ ඇඳවැටුණු තම සැමියාය. ඔහුව නිවසට ඔසවාගෙන පැමිණි ගමේ පිරිස සමග ජිනදාසව රෝහලට රැුගෙන ගියේය. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහු ක්ෂණිකව මතු වූ අංශභාග තත්ත්වයකට ගොදුරුවී ඇති බවය. දිගින් දිගටම මාස කිහිපයක් වෙදකම් කළද ජිනදාසට සුවයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. අවසානයේදී නිවැසියෝ තොවිලයක් නැටීමට තීරණය කළහ.
යකඳුරාගේ නිගමනය වූයේ ජිනදාසට සන්නියකු හදිකර ඇති බවය. විවිධ ලෙඩ ගෙනෙන සන්නියකුන් දහ අටක් වෙයි. රාත‍්‍රිය උදාවිය. ජිනදාසගේ නිවස ඉදිරිපිට තොරණ් හතක් ඉදිකර ඇත. ඉන් සතරක් දෙවියන් උදෙසාය මංගු, දොළ පත්තිනි, අලූත් පත්තිනි හා සිද්ධි පෙළ දේව සමාගම උදෙසා වූ තොරණින් වෙන්ව ඇති අනෙක් තොරණ යක් තොරණය.
ප‍්‍රධාන කපුමහතා හා තවත් කිහිපදෙනකු ආතුරයා වූ ජිනදාසව ඔසවාගෙන පැමිණ තොරණ්වලට එපිටින් එලා තිබූ ආතුර පන්දල ලෙස හඳුන්වන පැදුරේ තැබීය. ආතුරයාගේ දෙපයට මෝල් ගසක් හා පොල් ගෙඩියක් තැබීම දහ අට සන්නිය නැටීමේදී කරනු ලබන්නකි.
එකකට එකක් වෙනස් මුහුණු පැළඳගෙන යකුන් දහ අට දෙනකුගේ සන්නි නැටවීම නිමවන විට හිරු එළිය පොළොවට පතිත වෙමින් පැවතුණි. භූත, අභූත, අමුක්කු, ගෝත, කෝල ආදී ලෙසින් වූ සන්නි යකුන් ආතුරයාගේ අතින් දොළ ගෙන පිටව යති.
හිරු එළිය පතිතවත්ම සිරස පාද කවි යකඳුරාගේ මුවින් පිටවුයේ ශාන්ති කර්මය අවසන්වන බව දැනුම්දීමටය.
‘වරු තුනක් ආතුරයව තනි කරන්ඩ එපා. වරුතුනක් තොරණවල පහන් දල්වන්න ඕනේ. වරුතුනෙන් ලෙඩා නැගිටියි’ එසේ පැවසූ යකඳුරෝ පිටව ගියහ. මසකට අධික කාලයක් ප‍්‍රතිකාර කළද සුව නොවූ අංශ භාගය දින තුනකදී සුව වූ ජිනදාස අමාරුවෙන් යළි නැගී සිටියේය. එදා වෙලේදී සිදු වූ සිදුවීම ඔහු ගොතගසමින් පැවසුවේ ඉන් අනතුරුවය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

34 නොඉදුල් දැරියගේ මිනියෙන් නයි පිල්ලිය යවයි


ජයනන්ද පාරම්පරික රදළ පෙළපතකින් පැවැත එන්නෙකි. පාරම්පරික ධනවතෙක් වූ ඔහුගේ පියා සුදු පාලකයන්ගෙන් තාන්න මාන්න මෙන්ම වරප‍්‍රසාද ද ලැබූවෙකි. එංගලන්තයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ උගතෙක් වූ ජයනන්ද සතුව තේ වතු මෙන්ම වෙනත් ආදායම් මාර්ග රැුසක් ද විය. ජයනන්දගේ පියාගේ මරණයෙන් පසු පවුලේ එකම දරුවා වූ නිසාම පියාගේ නමින් වූ සියලූ ව්‍යාපාරවල පාලනය ද ඔහුට හිමිවුණි. ඔහු කිසිම දිනක පය නොගැසූ වතු හා වෙනත් කර්මාන්ත හරහා මාස්පතා ව්‍යාපාරයේ ගිණුමට මුදල් බැර කෙරිණි. කාලය කෙමෙන් ගෙවී යමින් පැවැතුණි. බොහෝ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජයනන්දගේ සිතත් දේශපාලනය කෙරෙහි ඇදී යන්නට වූයේ මේ අතර තුරය. ඔහු සිත් ගත් එක් දේශපාලන පක්ෂයක් උදෙසා යහමින් මුදල් වැය කළේය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ තමා සිටි ප‍්‍රදේශයේ ම ප‍්‍රබල දේශපාලනික තනතුරක් ලබා ගැනීම වුවත් ඔහුගේ බලාපොරොත්තුව ඉටු වූයේ නැත. එයට හේතුව වූයේ එම ප‍්‍රදේශයේ සිටි දේශපාලන බලවතා ජයනන්දගේ පියා සමඟ ඇති වූ ගැටලූවක් මත ජයනන්දගේ පරපුර සමඟ දැඩි වෛරයකින් විසීමයි. මේ හේතුවෙන් ජයනන්දගේ බලාපොරොත්තුව දිනෙන් දින බිඳ වැටෙන්නට වූ අතර එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ තම අරමුණ ඉටු කර ගැනීම උදෙසා ජයනන්ද යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පිහිට සොයා යෑමයි. දකුණු ලක එවකට යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩවලට නමක් දිනා සිටි කිහිප දෙනකුගෙන් මේ සම්බන්ධ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කටයුතු කිහිපයක් කර ගත්තත් ඔහුගේ අදහස ඉටු කර ගත නොහැකි විය.
මේ අතරතුර දකුණට ආසන්න නගරයක සිටින ප‍්‍රබල දේශපාලනඥයන් බොහොමයකගේ යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු සිදු කරන ඇදුරකු පිළිබඳ ජයනන්දට දැන ගන්නට ලැබුණි. ජයනන්ද ඔහු සොයා ගොස් තමන්ගේ අවශ්‍යතාව පිළිබඳ ඇදුරාට දැනුම් දුන්නේය. ඇදුරා එම කටයුතු බාරගත්තේ තම ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක පොරොන්දු පිටය. වසර 30 - 40 කට පෙර රුපියල් ලක්ෂයක් යනු ඉතා විශාල මුදලකි. පසු දිනම පොරොන්දු වූ ආකාරයට පනස් දහසක මුදලක් ඇදුරා අත තැබීය.
එම පූජාව කළ යුතු දිනය කළ යුතු ආකාරය දැනගැනීම උදෙසාද පූජාවක් පැවැත්විය. එයට සහභාගි වූයේ ඇදුරා, ජයනන්ද හා ඇදුරාගේ අතවැසියන් පමණි. රාත‍්‍රිය උදාවිය. පහන් දැල්විණි. පංචෝපකාර සහිතව දේව ආරාධනා ඇරඹුණි. ඇදුරා පරල විය. අවශ්‍ය පූජා ද්‍රව්‍ය එකින් එක කියද්දී අතවැසියා ඒවා ලියා ගන්නට ද විය. එහි දී පූජාවට අවශ්‍යයයි පැවැසූ දෙයකින් ජයනන්ද හොල්මන් විය. ඇදුරා පැවැසූයේ වයස අවුරුදු 12ට අඩු නොඉඳුල් දැරිවියකගේ මළ මිනියක් ද පූජාවට අවශ්‍ය බවය. ඔහුට අනුව මිය ගොස් දින හතක් ඇතුළත මිනිය ලබාගෙන පූජාව තැබිය යුතු විය. අනතුරුව ඇදුරා දිගින් දිගටම කතා කරන්නට විය. ඇදුරාගේ ශරීරයට ආරූඪ වී තිබුණේ සොහොන් කාලි මෑණියන්ය. ඇදුරා ගේ දිව බොහෝ සෙයින් එළියට ඇදී ඇත. ‘‘උඹට පුළුවන් ද පූජා බඩු ටික දෙන්න’’
‘‘මිනිය ඇර අනිත් ඔක්කොම දෙන්න පුළුවන්.’’
‘‘ඈ යකෝ තෝ දන්නැද්ද. මම කන්නේ මිනී කියලා. උඹ මට මිනියක් දෙන්න බෑ කියන්නේ.’’
‘‘ මෑණියෝ තියෙන තැන කියනව නම් ගෙනත් දෙන්නම්’’ ඇදුරා කලින් කියා තිබූ ආකාරයෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නය ජයනන්ද ඇසීය.
‘‘අදින් පස්සේ එන තුන් වන මාස පෝය දවසේ අල්ලපු ගමේ පැඟිරියෙක් කනත්තට ගෙනෙයි. ඒක මට ගෙනත් දීපං. ඒක දුන්නොත් උඹේ වැඬේ කෙරෙයි.
මිනිය ගෙනත් දීමේ වගකීම ජයනන්ද භාර ගත්තේය. එය ඉතා රහසිගතව කළ යුතු කාර්යයක් විය. එසේම මිනිය ගොඩගත් බව කිසිවකු නොදැනගත යුතු විය. තෙවන මාස පෝය උදාවීමට ඇත්තේ දින දෙකකි. අසළ ගමක හදිසියේ රෝගාතුර වූ දැරිවියක් මිය ගියාය. ජයනන්දගේ ගෝලයෝ මේ සිදුවීම ඇස ගසා ගෙන සිටියහ. මාසේ පෝය දිනයේ සාමාන්‍යයෙන් මිනී වළදමන්නේ නැති වුවත් කුමන හේතුවක් මත හෝ එදින දැරියගේ මිනිය භූමදානය කෙරිණි. එදින රාත‍්‍රියේ ඉතා සූක්ෂමව ජයනන්දගේ ගෝලයෝ මිනිය
ගොඩගැනීමට කටයුතු සූදානම් කළහ. මිය ගිය දැරිය පෙට්ටියෙන් එලියට ගෙන පැදුරක දමා ඔතා ගැට ගැසුවේය. ඉන් සු මිනී වළ යළි තිබූ ආකාරයටම වසා දැමුවේය. මේ අතරතුර ඇදුරා තම නිවස අසල කැලය තුළ සිට මැතිරීම් කටයුතු අරඹා තිබුණි. පන්දම් හතරක් හතරකොණෙහි ගසා මැද පූජා තටුවක් සාදා ඒවාට දොළ වර්ග පුදා ඇත. බිලි දීමට ගෙන ආ කුකුළන් තිදෙනකු එකට ගැට ගසා කොටුව තුළ දමා ඇත. සුදු සරමක් ඇඳ රතු රෙද්දක් ඒ මතින් ඇඳ රතු රෙද්දක් කරට දමාගෙන ඇදුරා ආරූඪයෙන් දිගින් දිගටම මතුරයි. මාස පෝය දිනයේ පරිසරයේ ඇති ගන ඇඳුර මැදින් දැල්වෙන පන්දම්වලින් මතු වූයේ පරිසරය තුළ තව තවත් බියංකරභාවයකි. කතා කරගත් ආකාරයට මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය පූජාව කරන තැනට රැුගෙන ආ යුතු ය. මධ්‍යම රාත‍්‍රිය ක‍්‍රම ක‍්‍රමයෙන් ළං වෙත්ම ඇදුරාගේ මුහුණ ද ක‍්‍රම ක‍්‍රමයෙන් රෞද්‍ර වන හැටි ජයනන්දට පෙනෙයි. ඒ සමඟම ජයනන්දගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. එයට හේතුව වූයේ මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය නොලැබුණහොත් යන සිතුවිල්ලයි. මධ්‍යම රාත‍්‍රිය එළඹෙත්ම පූජාව කරන ස්ථානයට මිනිය රැුගෙන එන්නට ඔහුට හැකි විය. ඇදුරාගේ ගෝලයෝ මිනිය කෙලින් සිටින සේ අතපය විහිදුවා මැස්සට තබා ගැට ගැසුවේ මිනියේ තිබූ ඇඳුම් පවා ඉවත් කිරීමෙන් අනතුරුව ය. ඉන්පසු කහ දියරෙන් මිනිය හොඳින් සේදීමෙන් පසු රතු මල් දමක් කරේ හා ඉණේ පැළැඳුවේ ය. ගෝලයෝ මිනියට සුවඳ දුම් අල්ලද්දී ඇදුරා මැතිරීම පටන්ගත්තේ ය. පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩිකරමින් නරින්ගේ හූ හඬ ඈතින් ඇසෙන්නට විය. ඇදුරා කුකුළකු අතට ගෙන මිනියේ හිස මත තබා සැනෙකින් කුකුළා බිලි දුන්නේ ය. කුකුළාගෙන් වැගිරෙන ලේවලින් පූජාව වෙනුවෙන් සකස් කළ ගොටු විසි එකක් පුරවා ගත්තේ ය. මෙලෙස කුකුළන් තිදෙනාම බිලි දුන් අතර එකතු කර ගන්නා ලේවලින් මිනිය නෑවීමට කටයුතු කළේ ය. දැරියගේ මිනිය රත් පැහැ වී ඇත. දැඩි අඳුර බිඳලමින් දැල්වෙන පන්දම්වලින් නිකුත් වන රත් පැහැ ආලෝකයෙන් ලේවලින් රත් පැහැවූ සිරුර දකිනා ජයනන්දගේ ලොමුදැහැගැන් වී ඇත. මෙය මෙතරම් සංකීර්ණ දෙයක් බව ඔහු කලින් නොසිතුවේ ය.ඇදුරා දිගින් දිගට මිනියට මතුරන්නට විය. කෙමෙන් කෙමෙන් මිනියේ ස්වරූපය වෙනස් වන්නට විය. දැන් දැන් මිනිය පිච්චෙන්නා සේ හැඟීමක් ජයනන්දට ඇති විය. ඇදුරු අතවැසියා විසින් පන්දම් මධ්‍යයේ කුඩා ගිනි මැලයක් අවුළනු ලැබුවේ ය. මිනියේ පපු පෙදෙස ගිනි මැලයට හසුවන පරිදි මිනිය බැඳි මැස්ස ගිනි මැලයට පහත් කර මුක්කු දෙකක් සවි කළේ ය. ඇයගේ මුහුණ කෙළින් බිම තබා බඳුනක් තැබුවේ ය. ඇදුරා දිගින් දිගට මතුරන්නට විය. පපුවට ගින්දර වැදුණ මිනිය පිලිස්සීමක් නැත. මිනියේ දිව ටිකින් ටික දික් වන්නට විය. ඇදුරා වේගයෙන් මතුරයි. පරිසරයේ ගස් අඹරවමින් වේගයෙන් සුළං හමන්නට විය. ඒ අතරතුර මිනියේ දිව අඩියක් පමණ දික් වී ඇත. දිව දිගේ ගලාගෙන එන මිනී තෙල් බිංදුවෙන් බිංදුව තඹ බඳුනට වැටෙයි.
මෙලෙස ලබාගත් මිනී තෙල් යනු සියලූ දිෂ්ටි කැටි වුණු විනාශකාරී දෙයක් බව ඇදුරා අත්දැකීමෙන්ම දනියි. මිනිය භාරගන්නා යක්ෂ ආත්මයන් මිනී තෙල් තුළ කැටි වී ඇත. ඇදුරා විසින් තමා රැුගෙන ආ නයි පෙට්ටියක් ගෙන එම තෙල් බඳුන නයි පෙට්ටි අසලින් තැබුවේ ය. ඉන්පසු පියන ඉවත් කළේ ය. එක් වරම නයා ආවේශ වූවකු මෙන් තෙල් බඳුනට හිස දමා එම තෙල් බොන්නට පටන් ගත්තේ ය. තෙල් බී අවසන් වූ සැණින් යළි වේගයෙන් මිනිය උඩට ඇදී වට කිහිපයක් මිනියේ එතෙමින් සිට කැලය තුළට ඇදී ගියේ ය. නයා පිටවූ සැණින් ගෝලබාලයන් එක්ව කලින් කපා තිබූ වළට මිනිය හා සියලූ පූජා ද්‍රව්‍ය දමා වැසුවෝ ය.
නයි පිල්ලිය සකස් කළේ එලෙස ය. එම නයා තුළ ඇති දිෂ්ටියට ඉන් පසු භාර වූයේ මරා දැමීමට සැලසුම් කළ ශරීරයයි. නයා තුළින් ගමන් කරන්නේ එම දිෂ්ටියයි. නයා පිටවූ සැනින් මිනිය වළලන්නේ එම දිෂ්ටිය යළි මෙම සිරුරට ඇතුළුවීම වැලැක්වීමට යි. අවසානයේ ඔවුහු සිය පූජාව සාර්ථක කරමින් ජයනන්දගේ සතුරා වෙත නයි පිල්ලිය ගමන් කරවූහ.
ජයනන්දගේ විරුද්ධවාදියා පසු දින උදෑසන අවදි වූයේ නැත. සැමියා නැඟිටීමට ප‍්‍රමාද වන්නේ ඇයි දැයි බැලීමට සැමියාගේ කාමරයට ගිය බිරිඳට දැකගත හැකි වූයේ ඇස් දෙක විසල් කරගෙන තිගැස්මෙන් මිය ගොස් සිටින තම සැමියා ය. ජයනන්ද තම අභිප‍්‍රාය කෙලෙසින් හෝ ඉටු කර ගත්තේ ය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

33 පියාගේ ආත්මය පුතු මරණයෙන් ගලවා ගනියි 


පළිගැනීමේ සිතුවිල්ල හිතට නැඟුණ විට තම තත්ත්වය හෝ හොඳ නරක කුමක් ද කියා හෝ මිනිසුන්ට සිහිවන්නේ නැත. ඔවුහු තම සිතේ ඇති වූ පළිගැනීමේ චේතනාව කෙසේ හෝ ඉටු කර ගැනීමට විවිධ උපා යොදති. එය ඉටුකර ගැනීමට චණ්්ඩිකම්, නීතිය දේශපාලන බලය ආදී සියලූ මාර්ගවලින් උත්සහ කළත් නොහැකි වූ තැන අවසානයේ ගුප්ත ක‍්‍රමවේද සොයා යන්නට ද මිනිස්සු පෙලඹෙති. හදිහූනියම්, කොඩිවින ආදී ගුප්ත බලවේග මඟින් පළිගැනීම් ද දියුණු සමාජයක පවා ඉවත්ව නොගොසින් ඇත්තේ එබැවිනි.
දකුණු ලක මහ පරිමාණයෙන් තේ වගා කළ පවුල් දෙකක් විය. මොවුහු පාරම්පරික වෛරක්කාරයෝ වූහ. ඇදී ආ මෙම වෛරයට හේතු වී තිබුණේ, ඉඩම් බෙදීමේ දී ඇති වූ ආරවුලකි. එකම පවුලේ අයියා මලෝ වූ විල්සන් හා සැම්සන් ට තම පියාගේ දේපල හිමිවන්නේ පියාගේ මරණයෙන් පසුව ය. එයට හේතුවන්නේ පියා හදිසියේ මිය යෑමයි. එහෙත් පියා ලියා තැබූ අන්තිම කැමැති පත‍්‍රයට අනුව දෙදෙනාට ඉඩ කඩම් බෙදී ගියේ ය.
පවුලේ වැඩිමලා වූ විල්සන් ට අන්තිම කැමැති පත‍්‍රයට අනුව හිමි වූයේ අඩු ඉඩම් ප‍්‍රමාණයකි. එහෙත් පියාට අයත්ව තිබූ අක්කර දහයක පහළොවක කුඩා කඳු ගැටයක අයිති ය හිමි විය යුත්තේ කාටද යන්න අන්තිම කැමැති පත‍්‍රයේ සඳහන්ව නොතිබිණි.
සහෝදරයන් දෙදෙනාගේ විරසකයට පදනම වැටෙන්නේ ද මේ කඳු ගැටයෙනි. ඉඩම් අඩුවෙන් හිමි වූ වැඩිමලා එය තමාට තනිවම හිමි විය යුතු බව කියා සිටියේ ය. සැම්සන් එයට එකඟ වූයේ නැත. ඔහුට ද එම කන්දෙන් අඩක් අවශ්‍ය විය. පර්චස් එක්දහස් එකසිය අතහරින්නට ඔහුට හිත දුන්නේ නැත. උපන්දා සිටම ව්‍යාපාරික පවුලක හැදී වැඩුණු දෙදෙනාටම තේ අක්කරයකින් ලැබිය හැකි ආදායම ගැන තිබු අවබෝධය නිසාම ඔවුන් තම තමන්ගේ මතවලම එල්බගෙන සිටියේය.
එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ දෙදෙනා ඉඩම් නඩුවකට පැටලීමයි. වසර ගණනාවක් පුරා ඇදීගිය නඩුවේ අවසාන තීන්දුව සැම්සන්ට අවාසිදායක වන බව පෙනෙන්නට විය. එයට හේතු වූයේ විල්සන්ගේ නීතිඥයාගේ දක්ෂතාවයි. ඔහු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරමින් පියාගේ අවසන් කැමැති පත‍්‍රය ව්‍යාජ එකක් බවට ඔප්පු කිරීමට උත්සහ ගැනීමයි. අවසානයේ පියා සතු සියලූ ඉඩම් දෙකට බෙදීමට සිදු වන බව සැම්සන්ට තේරුම් ගියේ ය.
මේ තීරණය වෙනස් කිරීමට නොහැකි බව දත් සැම්සන් ඊට විසඳුමක් ලෙස තම සහෝදරයා ඝාතනය කිරීමට තීරණය කළේ ය. එහෙත් ඊට තමන් නොගෑවී ඉතා සූක්ෂම ලෙස මෙය ක‍්‍රියාත්මක කළ යුතු බව ද ඔහු දැන සිටියේ ය. වසර 35-40කට පෙර කළුතර ප‍්‍රදේශයේ මැර වැඩවලට නමක් දරා සිටි අයකුට සැම්සන් කොන්ත‍්‍රාත්තුව බාර දුන්නේ ය.
සීතල උඳුවප් මහේ එක් සෙනසුරාදාවක විල්සන් සුපුරුදු ලෙස තම යහළුවන් හමුවී කා බී විනෝද වීමට ටවුමේ වූ සමාජ ශාලාවකට ගියේ ය. සෑම සෙනසුරාදාවකම විල්සන් මෙම ස්ථානයට පැමිණෙන බව සැම්සන් දැන සිටියේ ය. සැම්සන් එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගත්තේ ය.
කළුතර ජිංතු අයියා නම් අයකුට ඔහු කොන්ත‍්‍රාත්තුව භාර දුන්නේ ය. ඔහු ඉතා සුක්ෂම උපායක් සැලසුම් කළේ ය. එදිනද සුපුරුදු පරිදි සිය මොරිස් මයිනර් රථයෙන් විල්සන් සමාජ ශාලාවට පැමිණියේ ය. රාත‍්‍රී හතට පමණ පැමිණෙන විල්සන් යළි එළියට බසින්නේ රාත‍්‍රී එකොළහට පමණ ය. මේ අතරතුර ජිංතු අයියා රැුගෙන කාර්මිකයා ලවා මොරිස් මයිනරයේ බ්රේක් බුරුල් කරන්නට ඔහු කටයුතු කළේ ය. විල්සන්ට ගමන් කිරීමට තිබුණේ කඳු පල්ලම්වලින් ගහන මාර්ගයක ය. සුපුරුදු ලෙස රාත‍්‍රී එකොළහට පමණ විල්සන් පිටතට පැමිණියේ යළි නිවස බලා යාමට ය. මොරිස් මයිනර් රථයේ රියැදුරු අසුනේ වාඩි වූ විල්සන්ට වාහනයේ වෙනසක් දැනුණේ නැත. විල්සන් මාර්ගයේ වංගු සහිත ප‍්‍රදේශයකට පැමිණෙමින් සිටියේ ය. පරිසරයේ පැවැතියේ දැඩි සීතලකි. මීදුමින් කඳු හෙල් වැසී ගොසිණි. මීදුම හා රාත‍්‍රී පින්න හේතුවෙන් විල්සන් තම රථය පැදවූයේ ඉතා කල්පනාවෙනි.විල්සන් වාහනයට නඟින්නට පැමිණෙන විට සිදු වූ සිදුවීමක් පිළිබඳ සිතමින් විල්සන් රිය ධාවනය කළේ ය. ඔහු වාහනය අසලට පැමිණෙන විට සුදු පැහැති සරමකින් සහ කමිසයකින් සැරසුණු වයසක මිනිසකු වාහනය අසල සිටියේ ය. එම පුද්ගලයා වෙනදාටත් එම සමාජශාලාව අසල සිටි බවට විල්සන්ට මතකයක් නැත. විල්සන් වාහනයේ දොර හරිත්ම එම පුද්ගලයා එතනට පැමිණියේ ය.
”මහත්තයා අද මීදුම වැඩියි. මහත්තයා අද නොගිහින් හෙට උදේ යන්න.” විල්සන් ඔහු කී දෑ ගණන් ගත්තේ නැත. ශත පණහේ කාසියක් වයසක මිනිසාට දුන් විල්සන් වාහනය තුළට නැග්ගේය. වයසක මිනිසා තම උත්සහය අතහැරියේ නැත. එවර ඔහු විල්සන්ගේ නමින්ම ඇමතුවේ ය.
”විල්සන් මහත්තයෝ, මහත්තයා එහෙනම් ක්ලිෆඞ් මහත්තයගේ වාහනේ යන්න. ක්ලිෆඞ් මහත්තයත් ඒ පැත්තටම යනවනේ. අනිත් එක දෙනියාය පාරේ කාර් එකක් පෙරළිලා තුන් දෙනෙක් මැරිලා”
විල්සන් වාහනය පණ ගන්වා, එතැනින් නික්ම ආවේ වයසක පුද්ගලයා කි දේවල් ගණන් නොගනිමිනි. ටික දුරක් එත්ම ඔහුගේ මනසේ ප‍්‍රශ්න රැුසක් මතුවන්නට විය. වයසක පුද්ගලයාගේ කටහඬ ඔහුට හොඳට හුරු ය. ඔහු ඒ කටහඬ කාගේදැයි මතක් කර ගැනීමට උත්සහ ගත්තේ ය. වයසක මිනිසා තමාගේ නම දැනගත්තේ කෙසේද? තමා එන විට නොදුටු රිය අනතුරක් පිළිබඳ වයසක මිනිසා දැනගත්තේ කෙසේද? ක්ලිෆඞ් පදිංචි තමාගේ වතු ආසන්නයේ ම බව වයසක මිනිසා දැන ගැනීමද ඔහුට මහත් ගැටලූවක් විය. ක්ලිෆඞ් ද ඒ ප‍්‍රදේශයේ ම සිටි වතු හිමිකරුවෙකි. කඳු හෙල් මාර්ගයට පිවිසීමට ඇත්තේ මීටර් දෙසීයක පමණ දුරකි. මාර්ගයේ වූ වංගුවක් ගනිත්ම සුදු පැහැ ඇඳුමෙන් සැරසී මාර්ගය මැද සිටගෙන සිටිනා පුද්ගලයකුව විල්සන් දුටුවේ ය. මීදුම අතරින් එම ඡුායාව නොසැලී සිටිනු විල්සන් ට පෙනෙන්නට විය. ඔහු තම වාහනයේ නලාව නාඳ කළේ ය. වාහනය ළංවත්ම ඔහු දුටුවේ මාර්ගය මැද සිටගෙන සිටින තම පියාය. ඔහු තදින් තිරිංගය පෑගුවේ ය. වාහනය නතර නොවිණි. ඔහු වාහනය වමට කැපුවේ ය. අසල වූ වැටක කණුවක් කඩාගෙන මාන ගාලක් දිගේ ඉදිරියට ඇදී ගිය වාහනය ගසක වැදී නතර විය. විල්සන්ට කිසිදු තුවාලයක් හෝ සිදු නොවුණි. ඔහු යළි මාර්ගයට පැමිණියේ ය. ඒ තමා දුටු ඡුායාව පිළිබඳ සොයා බැලීමට ය. තමා ඇත්තෙන්ම එවැනි රුවක් දුටුවා ද ? නැතහොත් එය මායාවක් ද? ඒ පියාගේ අවතාරයක් ද?
විල්සන්ට වයසක මිනිසාව යළි සිහියට නැඟුනේ ය. වයසක මිනිසාගේ කටහඬ තම පියාගේ කටහඬට සමාන බව ඔහුට සිතුණි. ක්ලිෆඞ් ගැන දන්නේ ද පියාය. එසේ නම් තමාව යම් අනතුරකින් ගැලවීමට පියා පැමිණියේ ද? මේ පිළිබඳ කිසිවකුට හෝ දැනුම් දීමට ද ඔහුට හැකියාවක් නැති නිසා විල්සන්ට මාර්ගයේ පැයක් පමණ බලා සිටීමට සිදු විය. මේ අතරතුරේ සමාජශාලාවේ සිට පැමිණෙන ක්ලිෆඞ්ගේ වාහනය පැමිණි අතර විල්සන් එහි නැඟී නිවසට පැමිණියේ ය.
සියලූ සිදුවීම්වල සුල මුල එළි වූයේ පසුදිනයේ ය. විල්සන්ගේ වාහනයේ තිරිංග බුරුල් කිරීමට පුද්ගලයන් රැුගෙන ගොස් ඇත්තේ සැම්සන්ගේ ෆෝඞ් රථයෙනි. තිරිංග බුරුල් කිරීමෙන් පසු සැම්සන් ඇතුළු පිරිස මත්පැන් බෝතලයක් ද හිස් කර දමා සැම්සන්ගේ නිවස බලා පිටත්ව ඇත. එහෙත් ඔවුනට නිවසට පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඔවුන් ගමන් කළ වාහනය අඩි හාරසියක් පමණ ගැඹුරු ප‍්‍රපාතයකට පෙරළී සැම්සන් ඇතුළු පිරිසගේ මළ සිරුරු සොයා ගත්තේ ඊට පසුදින පෙරවරුවේ ය.
පොලිස් පරීක්ෂණවලට අනුව විල්සන්ගේ වාහනයේ තිරිංග බුරුල් කර තිබූ බවත් ඊට සැම්සන්, පිංතු හා ඔහුගේ සඟයා හවුල් වූ බවටත් කරුණු හෙළි විණි. එහෙත් අවසානයේ ඒ පිරිසටම එහි ප‍්‍රතිවිපාක ලැබුණි.
මේ සියලූ සිදුවීම් තම පියාගේ ආත්මය විසින් කරන ලද්දක් බැව් දැන් විල්සන්ට පැහැදිලි ය. සැම්සන් විවාහකව නොසිටි බැවින් අවසානයේ සියලූ ඉඩකඩම් විල්සන්ට ම හිමි විය.
විල්සන්ගේ පියා තමා අතින් සිදු වූ වරද නිවැරැුදි කිරීමට පැමිණියේ ද, නැතහොත් තම වැඩිමහල් දරුවාගේ ජීවිතය බේරීමට පැමිණියේ ද? සැම්සන් ප‍්‍රපාතයට යවන්නට ඇත්තේත් තමාව බේරූ අයුරින්ම බව සැම්සන්ට සැකයකින් තොරව පිළිගත හැකි ය. එහි සැක කරන්නටද දෙයක් ඉතිරිව නැත.





වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474


32 ගුණේරිස්ගේ අවතාරය 

මැණිකාට පිහිට වෙයි


ගුණේ රිස්ලා පාරම්පරික ඉඩම් හිමිකරුවෝය. සය දෙනකුගෙන් යුත් පවුලේ බාලයාවූ ඔහුට මහගෙදර හිමිකාරිත්වය මෙන්ම අක්කර පහ හයක ඉඩම් ද හිමි වී තිබුණි. කාලය කෙමෙන් ගෙවී ගියේය. නන්දාවතී උස් මහත් වූ යුවතියක වෙද්දී මෙතෙක් කල් පැවති මාමා සහ දියණියගේ සෙනහස නොදැනුවත්වම ආදරයක් දක්වා දුර දිග ගොස් තිබුණේ කිසිවකු හෝ නොදැනුවත්වමය.
කුඩාකල සිටම පවුලේ අය මෙන්ම ගමේ හිතවතුන්ද ‘මුන් දෙන්නා හරියට ගෑනියි මිනිහයි වගේනේ’ යනුවෙන් විහිළුතහළු කරන්නට වූයේද මොවුන් දෙදෙනා අතර පැවති සමීපත්වය හේතුවෙන්මය. නන්දාවතීගේ පියා මෙම සබඳතාවට දැඩි ලෙසම විරුද්ධ විය. නන්දාවතීට වයස දහසය පසුවත්ම සිය අක්කාගේ දියණිය පිළිබඳ බලාපොරොත්තු රඳවාගත් ගුණේරිස් නන්දාවතී නෑකමට තම දියණිය බව පවා අමතක කරමින් ඇය පිළිබඳ විවාහ යෝජනාවක් තම සහෝදරිය වෙත කළේය. එහෙත් එය එක්වරම ප‍්‍රතික්ෂේප වූයේ ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙසය.
ගුණේරිස්ගේ මේ අයුතු යෝජනාවට දැඩි සේ විරුද්ධ වූ නන්දාවතීගේ පියා මේ අතරතුර නන්දාවතීය විවාහ යෝජනාවක් ගෙන ආවේය. කෙසේ හෝ අවසානයේදී උපන්දා සිට ඇයට පෙම්කළ ගුණේරිස්ව අමතක කරදමා වෙනත් විවාහයක් කරගැනීමට ඇයට සිදුවුණි. නන්දාවතීගේ විවාහයත් සමගම ගුණේරිස් ගම හැර දා ගියේ ඔහුගේ සිතේ ඇති වූ කම්පනය දරාගත නොහැකිවමය.
විවාහයෙන් පසු කාලය ගෙවී ගියේ නන්දාවතී දෙදරු මවක් බවට පත්කරලමිනි. ගම හැරදා ගිය ගුණේරිස් නන්දාවතීගේ විවාහයෙන් වසර දහයකට පසු පිටගමකදී රෝගාතුරව මියගිය බව දැනගන්නට ලැබුණි. නෑදෑයන් මිනිය රැුගෙන ඒමට යන විටත් ගුණේරිස්ගේ දේහය රෝහලෙන් භූමිදානය කර තිබුණේ ඔහුට භාරකරුවකු නොවූ නිසාය. ගුණේරිස්ගේ ඉඩකඩම් සියල්ල නන්දාවතීගේ වැඩිමහල් අ ය ි ය ා ෙ ග ් පාලනයට පත්විය. එයට හේතු වූයේ එම ඉඩම් සියල්ලම ගුණේරිස් ඔහුට ලියා තිබීමය.
නන්දාවතී තම පියාගෙන් ලැබුණු ඉඩමේ නිවසක් තනා එහි පදිංචිවී සිටියාය. නන්දාවතීව ගමෙන් එළවා ගැනීමට ඇයගේ වැඩිමහල් සොහොයුරාගේ බිරින්දෑට ප‍්‍රබල අවශ්‍යතාවක් පැවතියේය. එක් දිනක් රාත‍්‍රියේ ඇයට තදින් නින්ද ගොස් තිබුණි. එදින සිහිනෙන් ඇය වෙතට ගුණේරිස් පැමිණියේය.
‘මැණිකේ.... මැණිකේ’
මැණිකේ යනු ගුණේරිස් ඇයව ඇමතූ නමය.
‘ඉක්මනට ළිඳ දිහා බලන්න’
සිහිනෙන් මෙන් ඇසුණු ඒ හඬින් ඇය තිගැස්සී ඇහැරුණි. ඒ හඬ පැවසූ දෙය ඇයට හොඳින් මතකය. ඇය අරමුණකින් තොරව නැඟිට කුස්සියට ගොස් කුස්සියේ ජන්ලයෙන් ළිඳ දෙස බැලූවාය. දුටු දෙයින් ඇය තිගැස්සී ගියාය. වේලාව රාත‍්‍රී දෙකට පමණ ඇත. අඳුරු ඡුායාවක් ළිඳ දෙසට ගමන් කරන අයුරු ඇය දුටුවාය. ඇය තිගැස්සුණද ශබ්ද නොකරම ඒ දෙස බලාගෙන සිටියාය. ළිඳ ළඟට පැමිණි අඳුරු ඡුායාව ළිඳට යමක් දමා වේගයෙන් නොපෙනී ගියේය.
නිවැසියන්ට මේ ගැන පැවසූ ඇය පසුදින ළිඳ පරීක්ෂා කිරිමේදී ළිඳට වස දමා ඇති බව දැනගන්නට ලැබිණි. නිවැසියන්ගේ ජීවිත බේරුණේ අනූනමයෙකි. ඉන්පසු දිගින් දිගටම බොහෝ තාඩන පීඩන නන්දාවතීට එල්ල වූ අතර නොයෙකුත් හදිහූනියම්, මිනී අළු ඉසීම් මෙන්ම මළයක්ෂ බන්දනවලින්ද ඇයටත් නිවැසියන්ටත් නොයෙක් පීඩා විඳින්නට සිදුවිය. මේ සියල්ලම ඇයගේ ලොකු නෑනණ්ඩියගේ අමනාපකම් මත සිදු කළ ක‍්‍රියාවන්ය.
එක්දිනයක හදිසියේම දහවල නන්දාවතීගේ නිවසේ ඉදිරි දොරට තට්ටුකරන හඬ ඇසුණු අතර, ඒ මොහොතේ නිවසේ කිසිවකුත් සිටියේ නැත. කිසිවකු හෝ නිවසට පැමිණ ඇතැයි සිතූ ඇය නිවසේ දොර හැරියාය. හිඟන්නකුගේ පෙනුම ඇති මිනිසකු දොර අසල සිටගෙන සිටියි.
‘පොඩි මැණිකේ මට මොනව හරි කන්ඩ දෙනවාද?’
ඇය දෙවරක් සිතුවේ නැත. ඇයට සිහිවූයේ ගුණේරිස්වය. ඇය හිඟන්නාව මේසයේ වාඩිකර ඔහුට හොඳින් සංග‍්‍රහ කළාය. හිඟන්නා පිටව යෑමට පෙර ඇයට පින් දුන්නේය.
‘ අ නේ පොඩි මැණිකේ මට සමාවෙන්න. මම ආවේ හිඟා කන්න නෙමෙයි. මට උඩහගෙදර නෝනා මේ ඇසිඞ් එක දුන්නා මැණිකෙට ගහන්න කියලා. මම මේ ඉඩමට ඇතුළු වුණාම මගේ හිත වෙනස් වුණා’ යැයි පැවසූ හිඟන්නා රෙදි කඩක ඔතන ලද ඇසිඞ් පිරවූ බිත්තරය මිදුලට විසිකර පිටව ගියේය.
එදින රාත‍්‍රියේ සිහිනෙන් ගුණේරිස් පැමිණියේය. මැණිකේ උඹව මම අදත් බේරුවා. මේක ඉවරයක් වෙන්න ඕනේ. මම මගේ ඉඩම් ඔක්කොම ලියුවේ උඹට. අයියට නෙමෙයි. අම්මයි, අයියයි එකතුවෙලා හදපු හොර ඔප්පුවක් ඔය පෙන්නන්නේ. උඹ හෙට මහ ගෙදර ගිහින් අම්මගේ ඇඳුම් අල්මාරියේ යටම තට්ටුවේ ඇඳුම් යට තියෙන ඔප්පුව ගනින්. ඒක හරි ඔප්පුව. ඒක අතට ගන්නකන් කිසිම කෙනකුට කියන්න එපා. ඊට පස්සේ සතියකට පස්සේ මනුස්සයෙක් එයි, ඉඩමක් ඉල්ලගෙන. මේ ඉඩම් ටිකයි, ඒ ඉඩම් ටිකයි ඔක්කොම විකුණලා ගමෙන් පිට වෙන්න. ඉඩම් ටික විකුණුවට පස්සේ අම්මා පිළිගනියි එයා වැරැුද්දක් කළා කියලා. ඊට පස්සේ ප‍්‍රශ්නේ විසදෙයි’
එසේ පැවසූ ගුණේරිස් නොපෙනී ගියේය.
පසුදින නන්දාවතී මවගේ අල්මාරියේ තිබූ ඔප්පුව අතට ගත්තාය. ඉඩම් ටික විකිණීමත් සමගම ඇති වූ ගැටලූ අවසන් වූයේ පොලීසියේදීය. නන්දාවතීගේ මව තම පුතා කළ වංචාව පිළිගත්තේ කිසිවකු විසින් ඇය මෙහෙයවන්නා සේය. නන්දාවතීගේ සහෝදරයාට හොර ඔප්පු සෑදීමේ වරදට දඬුවම් විඳීමට ඇයට සිදු විය.
මියගිය ගුණේරිස් තම ජීවිතකාලය පුරාම ආදරය කළ මැණිකාට හිමිවිය යුතු උරුමය යළි රැුගෙන දුන්නේ එලෙසය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

31 ප‍්‍රසව වේදනාවෙන් මියගිය සොපිනෝනා සැමියාගේ පරපුරම වනසයි


සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත හොරණට ආසන්නයේ පිහිටි වලව්වක තරුණයකු සමග දීගයන්නට ඇයට සිදුවූයේ ඇයගේ දැඩි අකැමැත්ත මතය. ඒ අදින් වසර හැටඅටකට පමණ පෙරදීය. මඟුල් කපුවා මනමාලයා ගැන කියූ සියලූ යහගුණ බොරු බව ඇය තේරුම් ගත්තේ විවාහ වී දින කිහිපයක් ගතවෙද්දීය. බේබදුකමත්, සල්ලාලකමත් මුළු ජීවිතයම කරගත් මිනිසකුට අයත්, අභාවයට යන ඉපැරැුණි වලව්වක් තුළ මුළු දිවියම ගෙවා දමන්නට ඇයට සිදුවූයේ අවාසනාවන්ත ආකාරයටය.
ඇය තුළ පැවති වලව් මාන්නය හේතුවෙන් විවාහය බිඳදමාගෙන යළි ගෙදර යන්නටද කැමැත්තක් ඇය තුළ නැත. දවසපුරා අධික ලෙස මත්වතුර පානය කරන සැමියාගෙන් ඇයට දවස පුරාම හිමිවූයේ, අනේකවිධ වධහිංසා පමණි. අලූත විවාහ වූ යුවළක් තුළ ඇති ආදරය, සෙනෙහස ඇයට විඳින්නට හැකිවූයේ නැත. ඒ වෙනුවට අසභ්‍ය ආකාරයේ බැණ වැදීම්, පහරකෑම් හා හිත්වේදනාවන් ඇයට නොඅඩුව ලැබුණි.
ඔහුට සොපිනෝනා අවශ්‍ය වූයේ සිය කායික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔහු තමා ළඟට පැමිණෙනවාටවත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. විවාහ වූ මුල් කාලයේ ඇය බියට පත්කර තම අවශ්‍යතා ඉටුකර ගත් සැමියා කල්ගත වෙද්දී බලහත්කාරයෙන්ම ඇය හා යහන්ගත වන්නට පුරුදු විය. සොපිනෝනාට මෙය මහත් පීඩාවක් වූ අතර මත්වතුර පානය කොට වෙරිමතින් සිහියක් කටක් නොමැති මිනිසකු හා යහන්ගත වීම ඇයට දැඩි පිළිකුල් සහගත අත්දැකීමක් විය. ඒ සියල්ලටම වඩා මත්වතුරින් විකෘති වූ මනසකින් හෙබි, කිසිදු ආදර හැඟීමක් නොමැති මිනිසකුගේ පීඩාකාරී හැසිරීම් රටාව දරාගැනීමට තරම් හැකියාවක් ඇයට තිබුණේ නැත.සොපිනෝනා ගැබ්ගන්නේ මේ කාලයේදීය. ඒ ඇයගේ බේබදු සැමියාගෙන්මය. එවන් පරිසරයක් තුළ වුවද ඔහුගේ බේබදුකම හෝ සොපිනෝනා විඳි පීඩාවන් කිසිදු අයුරකින් අඩුවූයේ නැත. දරුවා කුස තුළ දරාගෙන වුවත් ඔහුගේ පීඩාකාරී ශරීර අවශ්‍යතා ඉටුකරදීමට ඇයට සිදුවිය. අවසානයේ ඇය දැඩි තීරණයක් ගනිමින් ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය කාමරයට වී දොරගුළු දමා ගැනීමට ඇය හුරුවූවාය. මුල් දින කිහිපයේ ඇයගේ කාමරයේ දොරට ගසමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ඇයගේ සැමියා ඊළඟට කළේ කිසිදු ලෙසකින් හෝ ඇය නොසිතූ දෙයකි. ඇය කාමරයේ සිටියදීම නිවසේ මෙහෙකාර තරුණියට ඔහු අතවර කළේ හිත්පිත් නොමැත්තකු විලසිනි. එදින සිදුවීමෙන් පසු ඔහු ඇය ගැන සොයමින් ඈ සමග ලිංගික සබඳතා නොපැවැත්වීය. සොපිනෝනාගේ ඇස් ඉදිරිපිට ඔහු දිගින් දිගටම මෙහෙකාර තරුණියට බලහත්කාරකම් කරමින් සිය කායික අවශ්‍යතා ඉටු කරගත්තේය.
මේ සියලූ සිදුවීම් මැද තම කුසට ආ දරුවා කෙරෙහිද සොපිනෝනා තුළ වූයේ දැඩි වෛරයකි. යහපත් විවාහ සබඳතාවක් හරහා උපන් දරුවකුට වඩා එම දරුවා තමාට සිදු වූ බලහත්කාරකමකින් උපන් දරුවකු යැයි යන හැඟීම ඇය තුළ විය. ඒ හේතුවෙන් තම දරුවාට දැඩි ලෙස වෛර කළ සොපිනෝනා ඉන් නොනැවතී එම වලව් පරපුරේ සියල්ලන්ටම දැඩි ලෙස වෛර කළාය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියෙන් ඇයගේ දරු ප‍්‍රසූතිය සිදුවීමට නියමිත කාලයද පැමිණියේය. ඇයට විළිරුදාව සෑදෙන මොහොතේද කිසිදු වගකීමකින් තොරව ඇයගේ සැමියා අධික බීමතින් පසුවිය.
ඉනුත් නොනැවතී වින්නඹු මාතාව නිවසට පැමිණෙන විටද ඇය කාත් කවුරුන් හෝ නොමැතිව දරුවා බිහිකර අවසන්ය. ඇයගේ පැමිණීම ඒ ප‍්‍රමාද බව හඟවමින් ඒ වනවිටත් සොපිනෝනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අතර, කොතෙකුත් ප‍්‍රතිකාර කළද සොපිනෝනා දරුවා ඉපදී සුළු මොහොතකින් මෙලොව හැරදමා ගියාය. සොපිනෝනාගේ මව දරුවා රැුගෙන ගියේ මෙතෙක් සිය දියණිය විඳි දුක් කරදර සියල්ල ඔවුන්ට මළගෙදරදී දැනගැනීමට ලැබීමත් සමගය.
සොපිනෝනා මියගොස් ගෙවීගියේ තුන්මසකි. ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරිය වූ ශ‍්‍රියාලතා පදිංචිව සිටියේ අළුත්ග මට ආසන්නයේ වූ අතර ඇය දරුවකු ලැබීමට ආසන්න කාලයේ පසුවූවාය. එක් දිනක් හවස හයට පමණ ඔවුන්ගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. නිවසේ කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැත. ඇය ‘කවුද’ යැයි හඬ නගමින් ඇසුවද කිසිවකු උත්තර දුන්නේද නැත. මඳ වේලාවක් නිහඬව සිටිමින් නිවසේ දොර විවර කළ ඇය දුටුවේ කිසිලෙසකවත් බලාපොරොත්තු නොවූ දෙයකි. දොරට තරමක් ඉදිරියෙන් සුදු ඇඳුමකින් සැරසී කොණ්ඩය අවුල් වී ගිය ගැහැනියක් සිටගෙන සිටියාය. දොර විවර කළ සැණින් දුටු මේ දසුනින් ශ‍්‍රියාලතා දැඩි ලෙස බියපත් වූවාය. ඇයට ඉබේටම මෙන් කෑගැසුණි. පැමිණ සිටි අමුත්තියගේ මුහුණ දුටුවිට ඇය තව තවත් බියට පත් වූවාය. ඒ අන් කිසිවකු නොව මියගිය සොපිනෝනාය. මළගිය ආත්මය තමා දෙසට අත් දිගු කළ බව මතකය. එසැණින් ඇය සිහිසුන්ව ඇද වැටුණාය.
අසල්වැසියන් ඇය රෝහල්ගත කර තිබූ අතර ඇයට ඇතිවූ අධික කම්පනය හේතුවෙන් ඇයට දරුගැබ පවා අහිමි විය. ඇයගේ ජීවිතය බේරුණේද දැඩි අවදානම් සහගත තත්ත්වයක් මැද්දේ සති කිහිපයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.
ඒ ආකාරයට සොපිනෝනා සිය සැමියාගේ සහෝදරියගෙන් ඇරැුඹූ පලිගැනීම අද දක්වාම ක‍්‍රියාත්මක වෙමින් පවතී. එම පවුලේ එවකට සිටි දරුවන්ට පසු අලූතින් කිසිදු දරුවකුට මෙලොව එළිය දැකීමට සොපිනෝනාගේ ආත්මය ඉඩ දුන්නේ නැත. ඒ සියලූ දරුවන් කුස තුළදීම විනාශ කර දමන්නට තරම් ඇය වෛරයෙන් කටයුතු කළාය.
සොපිනෝනා මියයනවිට ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරයාට වයස අවුරුදු පහක් පමණ පිරිමි දරුවකු විය. සොපිනෝනාගේ මරණයත් සමග දිගින් දිගටම හොරණ සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔහුගේ සිය පවුලම කොළඹ පදිංචියට පැමිණියේ තම දරුවා හෝ මේ අනතුරුවලින් බේරාගැනීමේ ප‍්‍රධාන අරමුණද සහිතවය. කාලය කෙමෙන් ගෙවී ගියේය. සොපිනෝනා මියගිය වලව්වේ එකල සිටි සැමියා, සේවිකාව මෙන්ම සැමියාගේ මවද අකාලයේ මියගියේය. වලව්ව ගරා වැටෙමින් වල් වැදී ගිය අතර, එය භූත බංගලාවක් යැයි ගමපුරා රාවයක් පැතිර ගියේ රාත‍්‍රී කාලයේ වේදනාවෙන් කෑ ගසන ගැහැනියකගේ හඬ නිවස දෙසින් ඇසුණු බොහෝ පිරිසක් ගමේ සිටි නිසාය. අප පෙර කී සොපිනෝනාගේ සැමියාගේ වැඩිමහල් සොහොයුරාගේ දරුවා විවාහ වූයේ ඇය මියගොස් වසර තිහකට පමණ පසුවය. ඔහු සේවය කළේ ප‍්‍රසිද්ධ සමාගමක නීති උපදේශකයකු ලෙසින් වූ අතර ඔහුගේ බිරිඳද එම ආයතනයේම උසස් තනතුරක් දරන්නියකි. විවාහ වී වසර කිහිපයකට පසු ඇය ගැබ් ගත්තාය. මාස හයකට පමණ පසු එක් දිනක් ඇය රැුකියාවට නොගොස් නිවසේ නතර වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාය.
අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඇඳේ හාන්සි වී සිටියාය. නොදැනීම ඇය නින්දට වැටුණු අතර ඇය සිහිනයක් දුටුවාය. ඒ සිහිනය සැබෑ සිදුවීම් මාලාවක් මෙන්ය. ඇයගේ සැමියා හදිසියේ නිවසට පැමිණෙයි. ඔවුන්ගේ ගේට්ටුව අසල සිටි සුදු හැඳගත් ගැහැනියක් එක්වරම ඔහුට පොල්ලකින් පහර දෙන්නට පටන් ගනියි. පොලූ පහර වැදී ඔහු බිම ඇද වැටුණු පසුද ඇය නොනවත්වාම පහර දෙන්නට වූවාය. ඉන්පසු වියරුවෙන් මෙන් ඇය සිනාසුණාය. සැමියා ලේ විලක් මැද වැටී සිටින අයුරු ඇය දුටුවාය.
ඒ සැණින් අවදි වූ ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන නිවසේ දොරද වේගයෙන් හැර ගේට්ටුව දෙසට දිවගියාය. ඒ සිය සැමියා සොයන්නටය. ඇයගේ කකුල පැටලී ගේට්ටුව දක්වා ඇති ගල් ඇල්ලූ මාර්ගයේ ඇය ඇදගෙන වැටුණි. ඇයට මතක එපමණය. සිහිය එනවිට ඇය සිටියේ රෝහලේය. ඇයගේ පළමු දරුවා කුස තුළදීම මිය ගොස් තිබුණි. එම සිදුවීමෙන් වසර අටක් ගෙවී ගියද තවම ඔවුනට දරුවකු නැත. සොපිනෝනා සැමියාගෙන්, ඇය විඳි දුක් කන්දරාව ඔහුගේ පරපුරටම දී පරපුරද විනාශකර දැමුවේ එලෙසිනි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

Friday, July 19, 2013

30 කොටි තරුණියගේ දිහ්ඨිය හමුදා සෙබලා නොමරා මරයි


‘බූම්’...... එක දිගට ඇසෙන වෙඩි හඬට අතුරින් මොහොතින් මොහොත මහා පිපිරුම් ශබ්දයෙන් පරිසරය වෙළීයයි. එකදිගට හිසට උඩින් පියඹා යන මල්ටි බැරල් රොකට් වෙඩි හා කාලතුවක්කු ප‍්‍රහාර හමුවේ කිලිනොච්චි නගරය අල්ලාගැනීමේ අවසන් බාධාව ලෙසින් පවතින ආරක්‍ෂක බැම්මේ තැන් කිහිපයක් පුපුරායන අයුරු සමන්ත දුටුවේය.

වසර දහයකට පමණ පෙර යුද හමුදා සේවයට බැඳුණු සමන්තට යුද්ධ කිරීම එතරම් දෙයක් නොවීය. කිලිනොච්චිය දක්වාම අභීතව ඔහු සටනේ යෙදුණි. සමන්ත ඇතුළු පිරිසට පැවරුණු විශේෂ කාර්යයක් විය. ඒ කාලතුවක්කු හා මල්ටි බැරල් ප‍්‍රහාර හමුවේ දුර්වල වන කොටි

ත‍්‍රස්තවාදීන්ගෙන් අවසන් පස්බැම්ම අත්පත් කර ගැනීමයි. වැලි පිර වූ බැරලයකට මුවා වූ සමන්ත හා ඔහුගේ බඩියා එය තල්ලූ කරමින් ටිකෙන් ටික පස් බැම්ම වෙත ළඟාවීමට උත්සහ ගත්හ. තම සගයන් එකා දෙන්නා මැරි මැරී වැටෙද්දිත් ඔවුන් උත්සහ ගත්තේ තම අරමුණ ජයගැනීම උදෙසාය. කෙසේ හෝ රාත‍්‍රිය ගෙවී ආලෝකය පොළොවට පතිත වනවිට පස් බැම්ම අල්ලා ගැනීමට යුද විරුවනට හැකිවිය.

තැන තැන වැටී ඇති කොටි මළ සිරුරු අතරින් හිමින් සීරුවේ ඉදිරියට ඇදුණු පිරිසට වෙඩි වැදී මරණාසන්නව සිටි කොටි සෙබළියක දැකගත හැකි වූහ.

‘උදවි පන්නංගල්......’

ඇය උදව් ඉල්ලා කෙඳිරිගායි. සමන්ත වහා ඇය අසලට ගියේ ඇය බේරාගත හැකිදැයි බැලීමටය.

‘උදවි පන්නංගල්’

(උදව්කරන්න*

වහ වහා ඇයට ප‍්‍රථමාධාර දීමට උත්සහ කළද ඵලක් නොවන බව තම පිරිසට තේරුම් ගියේ ඇගේ තුවාල බොහෝ සෙයින් දරුණු වූ නිසාය. සමන්ත මොහොතක් ඇය අසල නතර විය.

‘නීර්....’

දමිළ බස දන්නා සමන්තට ඇය ඉල්ලා සිටින්නේ ජලය බව තේරුම්ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඔහු වහ වහා තම ඉනේ තිබූ ජල බෝතලය ගෙන ඇගේ හිස මඳක් ඔසවා ජලය ස්වල්පයක් මුවට වත් කළේය. ඇය අධික පිපාසයෙන් මෙන් එය ගිල දැම්මාය. ඇය තව මොන මොනවදෝ දෙමළෙන් කියාගෙන ගියාය. ඒත් ඒ මොහොතකටය. අවසානයේ සමන්තගේ මුහුණ දෙස බලාගෙනම ඈ අවසන් ගමන් ගියාය.

යුද බිමේ මෙවන් බොහෝ සිදුවීම්වලට මුහුණ දී සිටි සමන්තට එය එතරම් පීඩනයක් ඇති කළ දෙයක් නොවීය. ඒ ඔහුට සිතුණු හැටිය. ඔවුහු තව තවත් ඉදිරියට ගමන් කළහ. මොහොතින් මොහොත ගෙවීයද්දී ඇගේ මුහුණ ඔහු ඉදිරියේ මැවි මැවී පෙනෙන්නට විය. ජීවිතය රැුකගැනීමට පණ යදින ඒ මුහුණ ඔහුගේ සිත අවුල් කළේය. තම නැගණියකටත් වඩා අනුකම්පාවක් සමන්තගේ සිත තුළ මොහොතකට ඇතිවිය, යුද්ධය වෙඩි හඬ මෝටාර් අතරින් ඔහුගේ දෙසවන තුළ වරින් වර

‘උදවි පන්නංගල්......’

යන්න දෝංකාර දෙන්නට විය. මෙම පීඩනය සමන්තට දරාගත නොහැකි පීඩනයක් බවට පත්විය. පස්බැම්ම අල්ලා ගැනීමත් සමගම ඔවුන්ට දිනක විවේකයක් උදෙසා පසුපසට පැමිණීමට අවස්ථාව උදාවිය. එහෙත් එය සමන්තගේ හිත හැදීමට සමත්වූයේ නැත. ක‍්‍රමයෙන් අන්ධකාරය දසතින් ගලාගෙන ආවේය. ඔහු අරමුණකින් තොරව පස්බැම්ම වෙත යළි ගමන් කළේය. තවමත් වෙඩි වැදුණු කොටි මළ සිරුරු තැන තැන වැටී ඇත. ඔහුගේ ගමන නතරවූයේ තම සිත පීඩාවට පත්කරන කොටි සෙබළියගේ මියැදුණු සිරුර අසලය. ඔහු එතැන කොපමණ වෙලා බලා සිටියාදැයි කියා ඔහුට මතක නැත. තම හිතවත් හමුදා සෙබළකුගෙන් පිටට වැදුණු පහරකින් ඔහු මොහොතකට පියවි ලෝකයට පැමිණියේය. ටිකෙන් ටික රාත‍්‍රිය උදාවිය. සමන්තට තම ශරීරයේ කුමක් හෝ ගැටලූවක් පවතින බව දැනෙන්නට විය. කිසිදා නොතිබුණු බියක් ඔහුගේ සිතට දැනෙයි. තම සොයුරන් තුළින් ඔහුට නුහුරු බවක් දැනෙයි. මධ්‍යම රාත‍්‍රිය එළඹීමත් සමගම ඔහුගේ හිස ඔසවාගෙන සිටින්නට නොහැකි බව ඔහුට වැටහුණි. ඔහු අත තිබූ ආයුධය පසෙකින් තබා ගසක් මුල වාඩි විය. ටික වේලාවක් ගතවිය. ඔහු සිහිසුන්ව බිම ඇදගෙන වැටුණි.

සහෝදර සෙබළුන්ගේ මැදිහත්වීමෙන් ඔහුව සටන් බිමේ පසුපසට එවීය. අධික වෙහෙස හා මානසික පීඩනය මත ඔහු රෝගී වී ඇති බව සිතූ නිලධාරීහු ඔහුට දින පහළොවක නිවාඩුවක් ලබා දී ගමට එවීය.

ඔහු ගමට පැමිණියේය. දින කිහිපයක් ගෙවී ගියේය. ඔහු තුළ වෙන දා නොපැවති ගැටලූවක් ඇති බව මාපියන්ට ටිකින් ටික තේරුම් යන්නට විය. එක් දිනක් රාත‍්‍රියේ සමන්තගේ කාමරය දෙසින් ඇසුණු කෑගැසීමේ හඬකින් නිවසේ සියල්ලෝම ඇහැරී ඒ දෙසට දිව ආහ. සමන්ත ඇඳේ මුල්ලට වී දෙමළෙන් මොන මොනවදෝ කියා කෑගැසුවේය. ඔහු කියන්නේ කුමක්දැයි කියා හෝ නිවැසියන්ට තේරුම්ගත නොහැකි වූයේ ඔහුගේ මුවින් පිටවූ භාෂාව තේරුම්ගත නොහැකි වූ නිසාය. කාමරයේ විදුලිබුබුළු දැල්වීමත් සමග සමන්තගේ හැසිරීම වෙනස්විය. ඔහුට ඔහු මෙතෙක් වේලා හැසිරුණු ආකාරය මතක නැත.

සමන්තට නිවැසියන් සියල්ලම තුළ ආගන්තුක බවක් දැනෙයි. මෙතෙක් කලක් රණබිමේ දස්කම් දැක් වූ ඔහුට මේ දින කිහිපය වසරක් සේ දැනෙන්නට විය. පසුදින රාත‍්‍රියේ නිවසේ සියල්ලන්ම රූපවාහිනිය නරඹමින් සිටියේය. ප‍්‍රවෘත්ති විකාශයේ උතුරු යුද බිමේ දර්ශන දකිත්ම සමන්ත යළිත් කලබල වූවේය. ඔහු දෙමළෙන් කෑගසන්නට වූයේ දරුණු ලෙසය. ඉන්පසු වේගයෙන් දිව ගොස් ඇඳයට සැඟවී සිටියේය. ඔහු යම් මානසික කම්පනයකට ලක්ව ඇතැයි මාපියෝ සිතූහ. ඔහුව කිසිලෙසකවත් එළියට ගැනීමට හැකිවූයේ නැත. ගෙදර අය ඇඳ ඔසවා පැත්තකට තැබීමත් සමගම ඔහු ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නට විය. ඇඳේ ගැලවී තිබූ ඇඳ පොල්ලක් අතට ගත් ඔහු නිවැසියන්ට එය පෙන්නමින් දමිළ බසින් තර්ජනය කරන්නට විය. කිසිවකු ඔහුට ළංවූයේ නැත. ඔහු කාමරයේම එලෙස සිටි අතර පැය 2-3කට පසුව තරමක් සන්සුන් බවට පත්විය. රාත‍්‍රී නින්දෙන් පසු ඔහු පියවි තත්ත්වයට පත්විය.

ඔහුට පසුදා පෙරවරුවේ දෙහි ටිකක් කපා නූලක් දැම්මෙව්වේය. එහෙත් ඉන් ප‍්‍රතිඵලයක් නොමැතිවිය. වරින් වර සමන්තගේ හැසිරීම් වෙනස් වන්නට විය. මේ පිළිබඳ මාපියෝ යම් නිලධාරියකුට දැනුම් දුන්හ. අනතුරුව නිලධාරීන් පිරිසක් නිවසට පැමිණියහ. හමුදා වාහනය මිදුලේ නතරවත්ම සමන්ත දැඩි ලෙස කලබලයට පත්විය. එයින් හමුදා නිලධාරීන් බිමට බැස නිවස දෙසට පැමිණෙත්ම සමන්ත නිවසේ පිටුපසින් එළියට පැන දුවන්නට විය. එසේ දිවගිය සමන්තව සොයාගැනීමට බොහෝ අසීරුවිය. අවසානයේ හවස්වන විට ගමේ පාළු ඉඩමක පඳුරු අතර සැඟවී සිටි සමන්තව සොයාගත හැකිවිය.

එතැන් පටන් සමන්තගේ හැසිරීම තවදුරටත් ප‍්‍රචණ්ඩ වූ අතර ඔහු බොහෝවිට හැසිරෙන්නට පටන් ගත්තේ දරුණු කාන්තාවක පරිද්දෙනි. නින්දෙන් අවදි වූ නොයෙක් විට ඔහු ප‍්‍රචණ්ඩකාරීව හැසිරුණු අතර නිවසේ කිසිවෙකුටත් ඔහුව පාලනය කිරීමට අපහසු විය. මේ අතර ඇතැම්විටෙක හිටිවනම නින්දෙන් මහ ? අවදිවන ඔහු සිමෙන්ති පොළොවේ වැතිර කාමරය වටේ බඩ ගා යයි. පොළොව පුරා පෙරළෙයි. ඇඳ යට රිංගයි. ඒ අතර මහත් උනන්දුවෙන් වටපිට බලයි. එසැණින් දිවගොස් හැංගෙයි. මේ අයුරින් ඔහුගේ සිරුර ඩහදියෙන් නැහැවී යනතෙක්ම විවිධ ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කිරීමට සමන්ත පුරුදු වූ අතර, එය දිනෙන් දිනම වැඩි වූවා මිසක කිසිදු අඩුවීමක් දක්නට නොලැබිණි.

එපමණක් නොව දිනක් සමන්තගේ රෝගී තත්ත්වය විමසීමට පැමිණි හමුදා සෙබළුන් පිරිසකට පහරදීමට තැත්කළ සමන්ත විටෙක ඔවුන් දැක බියෙන් පළායෑමටද තැත් කළේය. හමුදා සෙබළු දුටු විගස නිවසේ මුල්ලකට වී දමිළ බසින් අපැහැදිලි වචන මාලාවක්ද ඔහුගේ මුවින් නික්මිණි. වෙනදා බොහෝ සෙයින් සන්සුන් චරිතයක් වූ සමන්තට මේ හිටිහැටියේම කුමක් සිදු වූයේද යන්න ඒ වනවිටත් කිසිවෙකුට හෝ තේරුම් ගත නොහැකිවිය.

තත්ත්වය බොහෝ සෙයින් බැරූරුම් බව නිවැසියෝ මෙන්ම නිලධාරීහුද තේරුම්ගත්හ. වෛද්‍ය ප‍්‍රතිකාරවලට අමතරව යකැදුරකුගේ පිහිට සෙවීමටද නිවැසියෝ තීරණය කළහ. මේ අතරතුර වැලිමඩ ප‍්‍රදේශයේ සිටිනා ස්වාමි කෙනකු පිළිබඳ ඔවුන්ට තොරතුරු ලැබුණි. ඔහු තරමක් වෙනස් ආකාරයේ පුද්ගලයෙකි. විශේෂිත ශක්තියක් හරහා කටයුතු කරන ඔහුට සමන්තට සිදුවී ඇත්තේ කුමක්දැයි කියා තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

යම් මළගිය ආත්මයක් සමන්තව පාලනය කරන බව ඔහුට වැටහුණි. ඔහු මළගිය ආත්මය හා මනසින් සම්බන්ධවීමට උත්සහ කළද එම ආත්මය ශක්තිමත් මෙන්ම තරමක දරුණු ආත්මයක් බව ඔහුට තේරුණි.

හින්දු කෝවිලක් තුළදී මෙම ආත්මයේ බලය පාලනය කළ හැකි බව අදාළ ස්වාමීට වැටහුණි. ඔහු සමන්තව ජනප‍්‍රිය කෝවිලක් වෙත රැුගෙන එන ලෙස පැවසීය. සමන්තගේ සමීප හිතවතුන් කිහිපදෙනකුද ඔහු සමග පැමිණියහ. කෝවිලට ඇතුළු වූ සැණින් සමන්ත ගොස් කාලි මැණියන් ඉදිරියේ වැඳ වැටුණේය. කිසිම දිනක කෝවිලකට ගොස් දෙවියන් වැඳ නැති ඔහු පුරුදුකාරයකු ලෙස සින්¥ර් තැටියෙන් සින්¥ර් ටිකක් ගෙන මොට්ටුවක් තබා ගත්තේය.

කෝවිලේ එක් තැනක විශේෂ පූජාවක් සකස් වෙමින් පැවැතුණි. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ අප කලින් හැඳින්වූ ස්වාමීය. සමන්තව ළඟට කැඳවා එතැනින් වාඩිකර ගත් ස්වාමි, කිහිපදෙනකුට ඔහුව අල්ලා ගැනීමට සූදානමින් සිටින ලෙස පවසා තිබුණි. ඉන්පසු මතුරන ලද කපුරු ස්වල්පයක් ඇඟිල්ලකට ගෙන ඇඟිල්ල සමන්තගේ නළල මත තබාගෙන මතුරන්නට විය. ටිකින් ටික සමන්ත දරුණු ආකාරයෙන් හැසිරෙන්නට විය. ඔහුව අල්ලාගැනීමට සිදුවූයේ ඔහු නැඟිට දිවයෑමට උත්සහ කළ හෙයිනි. ස්වාමි මැතිරීම නතර කළේ නැත. හතරදෙනකු එක්ව සමන්තව අල්ලාගෙන සිටීම පහසු කාර්යයක් වූයේ නැත. අවසානයේ ඔහු සන්සුන් විය. ස්වාමි සමන්ත තුළ වූ ආත්මය සමග කතාකරන්නට විය. (දෙමළ භාෂාවෙන් වූ සංවාදය අපි සිංහලෙන් පළකරමු*

‘උඹ කවුද’

‘කාඩර් කෙනෙක්’

‘කාඩර් කෙනෙක් කියන්නේ කවුද’

‘එල්ටීටීඊ කාඩර් කෙනෙක්’

‘ඇයි මේ ඇඟට රිංගුවේ’

‘මෙයා විතරයි මං ගැන හිතුවේ’

‘ඒ කොහොමද’

‘මම වෙඩි වැදිලා මැරෙන්ඩ පණ අදිනකොට මෙයා විතරයි මං ළඟ නතර වුණේ. මං ගැන බැලූවේ’

‘ඒ කිවුවේ’

‘මෙයා විතරයි මං මැරෙන්න පණ අදිනකොට මට වතුර උගුරක් දුන්නේ. අපේ අය මාව දාලා ගියා. මං තනිවෙලා හිටියේ’

‘ඒත් ඇයි මෙයාගේම ඇඟට රිංගුවේ’

‘මම අපේ අයට බයයි. ඒ අය මාව යුද්දෙට ඇඳගෙන ආවේ බලෙන්. මම එතකොට ඉස්කෝලෙ යන ගමන් හිටියේ. එක දවසක් අපේ ගෙදරට කඩා පැන්නා. උන් මාත් මගේ සහෝදරයොත් යුද්දෙට අරන් ගියා. එදා ඉඳලා මම කළේ යුද්ධ කරපු එක විතරයි. ඔය අතරෙ මගේ සහෝදරයත් වෙඩි වැදිලා මැරුණා’

‘ඉතින් ඇයි උඹ මේ ඇඟට රිංගුවේ’

‘මෙයා මාව බේරගනියි කියලා හිතුණා. අපිට කියලා තිබුණේ හමුදාවේ උන්ට හිතක් පපුවක් නෑ කියලයි. ඒත් මෙයා ඒක වෙනස් කළා. මෙයා මාව බේරගත්තා’

අවසානයේ ඇයගේ ආත්මය ඉතා අපහසුවෙන් ඔහුගේ ශරීරයෙන් ඉවත්වීමට පොරොන්දු කරවා ගත් අතර, ඇය ඊට කැමැති වූයේ ඇයගේ ආත්මය මුදවාලීමේ පොරොන්දුව පිටය. මේ යුද්ධයෙන් මිය ගිය තවත් එක් අසරණ එල්ටීටීඊ කාන්තාවකගේ ඉරණම පමණි

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

29 මරා දැමූ සොයුරියගේ ආත්මයෙන් ශරීර බන්ධනයක්


චන්ද්‍රාවතී සහෝදර සහෝදරියන් විශාල පිරිසක් සිටි පවුලක තෙවැනියාය. කුඩා කල සිටම අන් අයට ඉහළින් වැජඹීමේ වුවමනාවක් ඇය තුළ විය. මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වූවා මිස කිසි
ලෙසකින් වත් අඩු වූයේ නැත. පවුලේ සහෝදර සහෝදරියන් විවාහ වී ගේ දොර සාදාගෙන සිටිනු දැකීම ඇයට කිසිවිටක රිස්සුවේ නැහැ. ඇය වරින් වර තම සහෝදර සහෝදරියන්ට විවිධ ගැටලූ ඇති කරමින් ඔවුනගේ දියුණුව අඩපණ කිරීමට සැලසුම් සකස් කළාය. විවාහයෙන් පසු ඇයගේ ආර්ථිකය එතරම් යහපත් නොවීම මේ තත්ත්වය තව තවත් වර්ධනය කරවන්නට උපකාරී විය.
සතියෙන් වැඩි දවසක් ඇයගේ කාලය ගතවූයේ දේවාලවලය. පවුලේ අයට යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරමින් සහෝදර සහෝදරියන්ගේ විනාශය බලාපොරොත්තුවෙන් ඇය බොහෝ දේ කළාය. මේ අතර තුර හ`දුනාගත නොහැකි වූ රෝගයකින් ඇගේ නැගණියක් මිය ගියාය. මෙයට හේතුවූයේ ද චන්ද්‍රාවතීම බව පවුලේ අය හො`දින් දැන සිටියහ.
මේ අතරතුර චන්ද්‍රාවතී නිතර යන දේවාලයක කපු මහතෙක් ඇයට අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ නංගිගේ ආත්මය චන්ද්‍රාවතීගේ සිරුරේ
ගැටගසාගෙන ඇයට අවශ්‍ය පරිදි පාලනය කිරීමයි. ඇයද එක් වරම එම යෝජනාවට එක`ග වූවාය. හදිහූනියම් වැනි දෝෂයන් හරහා මියයන මිනිස්සු බොහෝ විට මළ යක්ෂ ආත්ම බවට පත්වෙති. එයට හේතු වනුයේ මෙම මිනිසුන් අකාලයේ මිය යෑමයි. එලෙසම මරණාසන්න මොහොතේ අඩු වයසින් මෙලොව හැරයෑම සහ තම ¥ දරුවන් හෝ සැමියා පිළිබ`ද ඇති වන ආශාවයි.
මරණයෙන් පසු යළි ආත්මයක් ලැබීමට ගතවන කාලය තුළ ගන්ධබ්භයකු ලෙස ගත කරන අවස්ථාවේදී තමාට සිදුවුයේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට හා දැකගැනීමට හැකිවන නිසා මෙම ආත්මයන් වෛරී සහගත ආත්මයන් බවට පත්වෙයි. මෙහි අවසන් ප‍්‍රතිඵලයවන්නේ එම ආත්ම මළ යක්ෂ ආත්මයන්වල ඉපදීමයි.
කපු මහතා චන්ද්‍රාවතීගේ නංගිගේ ආත්මය බන්ධනය කිරීමේ පූජාව සැලසුම් කළේය. මළගිය ආත්මයක් යම් භූමියකට බන්ධනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එය තරමක් සංකීර්ණ කාර්යයකි.
එදින රාත‍්‍රී දහය පමණ වන විට පූජා කටයුතු ලැහැස්ති වූයේ චන්ද්‍රාවතීගේ නිවසේය. දොළ තටුවක් සකසා ඒ තුළට බැ`දුම් වර්ග, කැවිලි වර්ග මෙන්ම හත්මාළු, විසි එක් මාළු වැනි දේ ද බෙදා ඇත. විශේෂයෙන්ම සකස් කළ ඉ`දිආප්ප සම`ග කුකුළු මස් කරිය ද දොළ තටුව මත තබා ඇත. ඉ`දිආප්ප සම`ග කුකුළු මස් චන්ද්‍රාවතීගේ නැගණියගේ ප‍්‍රියතම ආහාරයක් වීම නිසා ඇයගේ ආත්මය ගෙන්වා ගැනීමට මෙවැනි දෑ බොහෝ සෙයින් උපකාරී වෙයි. දොළ තටුවේ සිට ගැටගසන ලද කපු නූල් හත්පොට අල්ලාගෙන චන්ද්‍රාවතී දොළ තටුව අසල වාඩි වී සිටියි. කපු මහතා දිගින්දිගටම මතුරයි. එසේ මතුරාගෙන යනවිට එකවරම ‘‘ඔය නූල දොළ තටුවට දාන්න’’ යැයි කපුමහතා පැවැසුවේය.
දොළ තටුවේ නූල අතහරින්නේ දොළ තටුවට මළගිය ආත්මයන් සියල්ලම ඇතුළු වූ බව කපු මහතා තීරණය කළ විටය.
මෙසේ දොළ තටුවට කොටුකරගත් චන්ද්‍රවතීගේ නංගීගේ මිනී අළු හා එකට කවලම් කළ එළ අබ බ`දුනකට බන්ධනය කළේය. එළ අබවලින් කෙරෙන්නේ සීමා මායිම් නැතහොත් බන්ධනය කරන ඉඩම් මළගිය ආත්මයට හ`දුන්වාදීමයි. මෙසේ රාත‍්‍රිය පුරා සිදු කළ පූජාව අවසන් වූයේ පාන්දර හතරට පමණ චන්ද්‍රාවතීගේ සහෝදර සහෝදරියන්ගේ ඉඩම්වලට මිනී අළු සම`ග කවලම් කළ එළ අබ ඉසීමෙනි.
මිනී අළු ජීවම් කිරීමෙන් එය ඉසින භූමි පාළුවීම හා මළගිය ආත්මවලට නිදහසේ තමාට පැවැරූ කාර්ය ඉෂ්ට කරගත හැකිවෙයි.
සතුරකුගේ ග‍්‍රහණයට අසුවන මළගිය ආත්මයක් යම් ඉඩමකට හෝ පුද්ගලයකු විනාශ කර දැමීම උදෙසා බන්ධනය කළ විට දැඩි වෛරයෙන් එම කාර්යය ක‍්‍රියාත්මක කිරීමට උත්සහ දරයි. එයට හේතුවනුයේ ආත්මයට තමාට පැවැරූ කාර්යය නිමවන තුරු නිදහස් විය නොහැකි වීමයි.
චන්ද්‍රාවතීගේ නැගණියම මෙම කාර්යයට යොදා ගැනීමට විශේෂ හේතුවක් ද වෙයි. නෑකමක් සහිත ආත්මයකට එම පරපුරේ භූමි වෙත කිසි`දු බාධාවකින් තොරව ඇතුළු විය හැකිවීමයි. එහිදී භූමි ආරක්ෂාවලින් ලෙහෙසියෙන් බේරී ඇතුළු විමේ හැකියාව එවන් ආත්මයන්ට ලැබෙන්නේ ලේ ඥාතීත්වය මතය. මෙලෙස සිදුකළ භූමිපාළුව හා මළයක් බන්ධනය හේතුවෙන් චන්ද්‍රාවතී අපේක්ෂා කළ ලෙසම තම සහෝදර සහෝදරියන් දැඩි ගැටලූවලට ලක් වන්නට වූ අතර දෙපිරිසක් තම නිවෙස් විකුණා දමා ගමෙන් පිට වීම ද සිදුවිය.
ඉන් ටික කලකට පසු චන්ද්‍රාවතීගේ පුතණුවන්ගේ විවාහය සිදුවූයේ ගමේ ඉඩකඩම් පැවැති පවුලක තරුණියක් සම`ගය. එම විවාහයට පදනම වැටුණේ ද වශී ගුරුකමක් හරහා එම තරුණියගේ සිත වශී කර ගැනීමෙනි. කෙසේ හෝ විවාහයෙන් පසු තරුණියගේ ඉඩමක ඇයගේ මුදල්වලින් විශාල නිවසක් ඉදිකරමින් පැවැතුණි. තම සහෝදර සහෝදරියන්ට සිදුකළ හදි හූනියම් පිළිබ`ද දන්නා චන්ද්‍රාවතී නිවස ඉදිකර අවසන්වන තුරුම රැුයක් දවාලක් නොමැතිව තම අලූත් නිවස ආරක්ෂා කළේය. නිවස ඉදිකර අවසන්වත්ම තමන් දැනට සිටි නිවස විකුණා දැමූ චන්ද්‍රාවතී එම මුදල් ද නව නිවසේ ඉදිකිරීම් වෙනුවෙන්ම වැය කළාය. නිවසේ සියලූ ඉදිකිරීම් අවසන් කර සියල්ලෝම නව නිවසට ගෙවැදීමට දින යොදාගත්හ. නිවස ඉදිකර තිබුණේ වෙලක් ආසන්නයේ ය.
චන්ද්‍රාවතී නිවසට ගෙවැදීමට සැලසුම් සකස් කරමින් සිටියදී සහෝදර සහෝදරියෝ තමන්ට කර ඇති ගුරුකම හොර රහසේම කපා ඉවත් කර ගැනීමට දක්ෂ කපු මහතකු සොයාගෙන ලක ලැහැස්ති වෙමින් සිටියහ. චන්ද්‍රාවතීගේ නැකත් දිනයට දින හතකට පෙර පූජා පවත්වා ඔවුනට කර තිබූ බන්ධනයන් කපා දැමුවෝය. එහෙත් බන්ධනය කර තිබූ ආත්මය අතහැරියේ නැත. මළගිය ආත්මය සොහොයුරික වුවත් දින හතක් තිස්සේ විවිධ අයුරින් එම ආත්මය කපු මහතා විසින් පීඩාවට පත් කරන ලද අතර, එසේ සිදු කරනුයේ තමා මෙම බන්ධනයට ලක් කළ පුද්ගලයා කෙරෙහි දැඩි වෛරයක් හා දැඩි පලිගැනීමේ චේතනාවක් ඇති කරවීම උදෙසාය. ඒ හරහා එම මළගිය ආත්මය ශක්තිමත් වන අතර ආත්මය එවූ පුද්ගලයා කුමන ජාතියේ ආරක්ෂක සුර භාවිත කළ ද ඒවායේ බල පුපුරවාගෙන ඔහු වෙත යෑමේ හැකියාව ඇතිවෙයි. මෙලෙස දින හතක් පීඩාවට ලක් කළ ආත්මය චන්ද්‍රාවතී ගෙට ගෙවැදුණු දිනයේ අතහැර දැමූ අතර, එදින රාත‍්‍රියේ චන්ද්‍රාවතීගේ නව නිවසේ භෝජන සංග‍්‍රහයකි. මස්, මාළු, තෙල් බැ`දුම් හැදෙන පරිසරයක මළගිය ආත්මයට තම කටයුත්ත උදෙසා අවශ්‍ය පරිසරය නිතැතින්ම සකස් කරමින් පැවැතුණි.
කපු මහතා අතහැරි සැණින් චන්ද්‍රාවතී සොයාගෙන පැමිණි ආත්මය ඇගේ දරුවාගේ ශරීරයට ඇතුළු වූයේ පළිගැනීමට එය වඩා සුදුසු ක‍්‍රමය නිසා විය යුතුය. එතෙක් වේලා යහළුවන් සම`ග මත්වතුර තොලගාමීන් සිටි ඔහු යකෙක් වැහැණු විට මෙන් සියල්ලන්ටම බැණ වදිමින් කලහ කරන්නට පටන්ගත්තේය. යහළුවන් ටික වේලාවකින් පිටව ගිය අතර, ඉන්පසු නිවසේ බඩු මුට්ටු පොඩි කරමින් කිසි දිනක නැති අයුරින් ඔහු නිවසේ සියල්ලන්ටම පහර දෙන්නට විය. ප‍්‍රථමයෙන් ම මවටත්, පියාටත් පොල්ලක් කැඩෙන තුරු පහරදී නිවසින් එළවා දැමුවේය. මේ අතරතුර ඔහුගේ බිරි`ද ළමයාත් රැුගෙන ඇයගේ මහ ගෙදරට ගියාය. ඉන්පසු ගැටුම ඇතිවූයේ බිරි`දගේ ඥාතීන් සම`ගය. බිරි`දගේ ඥාතීන් සම`ග ඇවුළුණු ගුටි කෙළියෙන් බිරි`දගේ බාල සොහොයුරා බරපතළ තුවාල සහිතව රෝහල්ගත කෙරුණු අතර චන්ද්‍රාවතීගේ පුතාට ද රෝහල්ගත වීමට සිදුවිය.
අවසානයේ නිවස අත හැර දමා කුඩා නිවසක් කුලියට ගෙන පදිංචියට යන්නට චන්ද්‍රාවතීට හා පවුලේ අයට සිදුවූයේ එම ඉඩමට පය ගැසීමට පුතාගේ බිරි`දගේ සහෝදරයෝ ඉඩ නොදුන් නිසාය. එදා යකෙකු ලෙස හැසිරෙන්නට පටන්ගත් පුතා වසර තුන හතරක් ගෙවී ගොස් ඇතත් එලෙසමය. රාත‍්‍රියට යකෙකු ලෙස අසභ්‍ය වචනයෙන් කෑ ගසමින් නිවැසියන්ට ගසා නිවසෙන් එළවා දමයි. චන්ද්‍රාවතීට තම සැමියා සම`ග බොහෝ දිනවල රාත‍්‍රිය ගත කරන්නට සිදුවූයේ ගස් ගල් යට ය. මෙම බන්ධනය කැපීමට කිසිදු දේවාලයකට හැකි වූයේ නැත. අතේ තිබූ මුදල් නිකරුණේ වැය වීම මිස සහනයක් හිමි වූයේ නැත.
චන්ද්‍රාවතී කළ බන්ධනය කැපීමට නොහැකි වූයේ බන්ධනය සිරකළ මිනී ඇට කැබැල්ල ඇගේ වත්ත කෙළවර වූ ගිනිසපු ගසේ උඩම අත්තේ ගැටගසා තිබූ නිසාය. සුළ`ගට සෙලවෙමින් පවතින බන්ධනයන් හා ජලයේ පාවෙමින් ඇති බන්ධන කපා ඉවත් කළ නොහැකිය. පවුල් කිහිපයක් පීඩාවට පත් කළ චන්ද්‍රාවතීගේ ජීවිතය ඇයගේ අනිසි ක‍්‍රියාවන් නිසා විනාශ වී ගියේ ඒ ආකාරයෙනි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

28 අග්නි මහසෝනා 

ජිතේන්දුට මරු පෙන්වයි


උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුවත් දිගින් දිගටම උසස් අධ්‍යාපන කටයුතුවල නියැළීමේ උනන්දුවක් ජිතේන්ද්‍ර තුළ නොපැවතුණි. එයට හේතු වූයේ ඔහු

මුහුණපෑ ආර්ථික දුෂ්කරතාවන්ය. දකුණු පළාතෙන් සරසවියට පිවිසීමට වරම් ලැබූවන් අතරින් ඉහළම ලකුණු ලැබූ කිහිපදෙනා අතර ඔහුගේ නමද සටහන්වී පැවතුණි. එහෙත් දෛවය ඔහුට සරදම් කරමින් සිටියේය. දැඩි ආර්ථික දුෂ්කරතාවන්ගෙන් වෙළී සිටි ඔහුගේ මවුපියන්ට තම පුතාව සරසවියට යවා ඉගැන්වීමට තරම් වත්කමක් නොවීය.

උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙන්නටත් පෙර ජිතේන්ද්‍ර ඉගෙනීමේ ආශාව අතහැර දමා කොළඹට පැමිණියේ මේ හේතූන් නිසාය. අතරමං වූවකු සේ කොළඹට පැමිණ හෝමාගම ප‍්‍රදේශයේ කර්මාන්තශාලාවක කම්කරුවකු ලෙස සේවයට එක්වන ඔහු හෝමාගමට ආසන්නයෙන්ම කුලී කාමරයක නවාතැන් ගත්තේය.

එය පැරණි වලව් පන්නයේ නිවසකි. එළියෙන් දොරවල් යොදා තිබූ ඉදිරි කාමරයේ ජිතේන්ද්‍ර හා එම ආයතනයේ තවත් ලිපිකරුවකු නවාතැන් ගෙන සිටියහ. චේතනා එම නිවසේ දියණියයි. වසර පහකට පමණ පෙර චේතනාගේ පියා මියයාමත් සමගම තම මව හා එකම සොහොයුරිය සමග නිවසේ හුදෙකලා වීමට ඇයට සිදුවිය. ‘ගීතා අම්මා’ යනු ඔවුන්ගේ කුස්සි අම්මාය. ඇයද ඉතා වයස්ගත තැනැත්තියකි. ඔවුන් පාරම්පරිකව පොල් වතුවල උරුමක්කාරයන් වූ බැවින් පියාගේ මරණයෙන් පසුවද එතරම් ආර්ථික දුෂ්කරතාවක් ඔවුන්ට නොවීය.

පිරිමි ළමයකු නිවසේ නතර කරගැනීමේ මූලික අවශ්‍යතාව ලෙස ඔවුනට මතුවූ ගැටලූව වූයේ හදිසියකදී හෝ පිරිමි පුළුටක් නොමැති නිවසේ අඩුව මකාගැනීමය. මුදලක් උපයාගැනීමේ අවශ්‍යතාවක් ඔවුන් තුළ නොවීය. බෝඩින්කරයකු තෝරාගැනීමේදී ගුණගරුකභාවය මෙන්ම යහපත් බවද ඔවුන් දැඩි ලෙසම අපේක්ෂා කළේ ගැහැනු ළමුන් දෙදෙනකුගේ ආරක්ෂාව පිළිබඳ සිතිය යුතු නිසාය.

ඉවසීම, තැන්පත්කම මෙන්ම තමා කතා කරන කාගේ වුවද හිත දිනාගැනීමේ හැකියාවක් ජිතේන්ද්‍රට විය. වැඩි දිනක් යන්නට කලියෙන් ඔහු බෝඩින්කාරයකුට වඩා එම පවුලේ සමීප හිතවතකු බවට පත් විය. විවේක ලැබෙන අවස්ථාවලදී නිවසේ ගැහැනු ළමුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලට උපකාර කිරීමද ඔහු අතින් සිදුවිය.

මේ අතර උසස් පෙළ ප‍්‍රතිඵල පැමිණ ඇති බව දැනගැනීමත් සමගම ගමට යන ජිතේන්ද්‍ර යළි පැමිණෙන්නේ බිඳුණු සිතින් යුතුවය. ඒ තමා උසස් ලෙස විභාගය සමත් වුවත් සරසවි පිවිසීමට තමන්ට ආර්ථිකය හරස්වී තිබීමය. බෝඩිමට පැමිණීමත් සමගම ජිතේන්ද්‍රගේ හිත් වේදනාව චේතනාගේ පවුලේ අයගේ වේදනාවක් බවට පත්වන්නට තරම්ම ඔහු එම පවුලේ හිත දිනාගෙන තිබුණි.

මේ අතර චේතනාගේ හිත තුළ ජිතේන්ද්‍ර කෙරෙහි කැමැත්තක් ටිකින් ටික මෝදුවෙමින් පැවතුණි. ඔහු සරසවි පිවිසීමට තරම් උසස් ලෙස සමත් වී තිබීම එම සතුට තව තවත් වර්ධනය කරන්නට හේතු විය. ඇය තම මවට අපූර්ව යෝජනාවක් ඉදිරිපත් කළාය.

‘අම්මා, අපි ජිතේන්ද්‍ර අයියට ඉගෙනගන්න උදව් කරමු’

‘එයා රස්සාවක් කරනවනේ’

‘ඒත් එයා ඉගෙනගන්න දක්ෂයි. සල්ලි නැති නිසානේ කැම්පස් යන්නේ නැත්තේ.’

‘ඉතින් එයා රස්සාව නතර කරයිද?’

‘අම්මා අහලා බලන්ඩ.... තාත්තාට පිනක් සිද්ධ වෙන්ඩ කියලා හිතාගෙන අපි එයාට ඉගෙනගන්න උදව් කරමු. එයා නරක කෙනෙක් නෙමෙයිනේ...’

‘මම අහන්නම්’

පසුදා සවස චේතනාගේ මව ඔහු හා කතා කළාය.

‘පුතා ඔයා කැම්පස් යනවද?’

‘නැහැ ඇන්ටි’

‘ඇයි පුතා ඒ?’

‘තාත්තාට මට වියදම් කරන්ඩ විදියක් නෑ. ඒ අය ජීවත් වෙන්නෙත් අමාරුවෙන්’

‘ඔයා කැම්පස් යන්න. ඔයාට අපි වියදම් කරන්නම්’

‘එතකොට රස්සාව නතර කරන්න වෙනවනේ’

‘ඔව් ඔයා රස්සාව නතර කරන්න. ඔයාට මෙහෙම නතර වෙන්න පුළුවන්. බෝඩින් ගාස්තු අවශ්‍ය නෑ, මහපොළත් ඔයාට ලැබෙයිනේ. ඉතිරි වියදම් අපි දරන්නම්’

ජිතේන්ද්‍රට ඇති වූ සතුට අප‍්‍රමාණ විය. ඉන් පසු ඔහු කොළඹ සරසවියට පිවිසියේය. ඔහු තව තවත් පවුලේ අයකු බවට පත්වන්නට විය. චේතනාගේ කැමැත්ත ආදරයකට පෙරළුණේ ගින්දරයි, පුළුණුයි එකට තැබිය නොහැකිය යන කියමන සනාථ කරමින්ය. මොවුන් දෙදෙනාගේ ආදර සබඳතාවට කිසිවකුගෙන් බලපෑමක් පැමිණියේද නැත.

තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවුලේ ළඟම ඥාතියෙක් මෙන් චේතනා හා ඇගේ මව කරන උපකාර මතක් වන වාරයක් පාසා ජිතේන්ද්‍රගේ ඇස් කෙවෙණි තෙත් වූයේ තමන්ගේම අසරණකම මතක්විමෙනි.

අනික් අතට තමන් වෙනුවෙන් ඇඳුම් පැළඳුම්වල සිට එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් පවා ලබාදෙන චේතනා වෙනුවෙන් තම ජීවිතය වුවත් පූජා කිරීමට කැමැති වන ආකාරයේ මානසිකත්වයක් ඔහු තුළ විය.

කාලය ක‍්‍රමක‍්‍රමයෙන් ගතවිය. සමවයසේ තරුණ තරුණියන් සමග කෙළිදෙළෙන් සරසවියේ කාලය ගතකරන ජිතේන්ද්‍රගේ සිතට තවත් තරුණියක් පිළිබඳ අදහසක්

ඇතිවන්නේ මේ අතරතුරදීය.

උපාධියෙන් පසු විවාහවීමේ බලාපොරොත්තුවෙන් සිටි චේතනාට ඔහු පිළිබඳ කිසිදු අයුරකින් සැකයක් නොවිය. ඔවුන් නිවසේ තනිවූ අවස්ථාවල ඔවුනගේ සබඳතාව ආදරයෙන් බැහැරව බොහෝ දුර ගොස් තිබුණි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ජිතෙන්ද්‍ර උපාධිය ලබා සරසවියෙන් පිටවිය. පෞද්ගලික ආයතනයක ඉහළ

රැුකියාවක් ලැබුණු නිසා නුවර ප‍්‍රදේශයට යෑමට ඔහුට සිදු විය. මේ පිළිබඳ චේතනා කැමැත්තක් දැක්වූයේ නැත. චේතනා නොතකා හැරි ජිතේන්ද්‍ර තනි මතයට නුවර

රැුකියාවට ගියේය. දිනෙන් දින චේතනාව අමතක කර දැමීමට ඔහු උත්සහ ගන්නා බව වැඩි දිනක් යන්නට මත්තෙන් ඇයට වැටහුණි. ඇය ජිතේන්ද්‍රට කළ උදව් උපකාරවලින් ඔහු මනා ප‍්‍රයෝජන ගත්තද තමා ඔහු වෙනුවෙන් පි¥ පිවිතුරු ආදරයට ඔහු ද්‍රෝහි වූ බව ඇයට ස්ථිරවම පසක් වූයේ ජිතේන්ද්‍ර සිය දුරකතනයේ අංකය පවා වෙනස් කිරීමත් සමගය. මේ අතරතුර විශ්වවිද්‍යාලයේදී ඔහු සමග සබඳතාවක් පැවැත්වූ තරුණියක ගැන තොරතුරු චේතනාට දැනගන්නට ලැබුණි. එම ආරංචිය චේතනා තුළ ඇති කළේ දුකකට වඩා වෛරයකි.

මලයාලම් කපුවකු වූ මංග අයියා සොයා චේතනා සහ මව පැමිණෙන්නේ මේ අතරතුරය. ඒ ජිතේන්ද්‍ර සිදු කළ

වැරැුද්දට දඬුවමක් දීම උදෙසාය.

දේවාලයට ගොඩවෙත්ම මංග අයියා චේතනාගෙන් ඇසූ ප‍්‍රශ්නය ඇය කිසිවිටෙකත් බලාපොරොත්තු නොවු එකක් විය.

‘කෙල්ල බඳින්ඩ හිටපු එකා අමාරුවේ දාලා පැනලා ගියා නේද?’

චේතනා බිම බලාගත්තේ එය නිවසේ අයට රහසක් වූ නිසාය. ඇගේ මවගේ ඇස් උඩ ගියේ මංග අයියාගේ ඒ ප‍්‍රශ්නයත් සමගය.

‘මොකද උඹ කතා නැත්තේ... ඌ උඹව අමාරුවේ දැම්මා විතරක් නෙමෙයි උඹලව හොඳට ඇන්දෙව්වා නේද?’

‘ඌව ආයිත් උඹට ලැබෙන්නෑ. උඹත් එක්ක ඉන්න කාලෙත් තව කෙල්ලෙක් ඌට ඉඳලා තියෙනවා. ඒකිව බදින්ඩයි කල්පනාව. ඌව අතඇරලා දාපන්’

‘අපිට අපි දුන්න බඩු ටික ගන්ඩ ඕනේ’

‘මුඞ්ඩ කඩලා කළු ගාපු පොල් ගෙඩියකුයි, කළු ගාපු බිත්තරයකුයි ගෙනෙන්’

පසුදින ඔවුහු පොල් සහ බිත්තර රැුගෙන යළි මංග අයියා සොයා පැමිණියහ. දේවාලය තුළට පොල් සහ බිත්තර ගත් මංග අයියා විනාඩි කිහිපයක් ආරූඪයෙන් එය ජීවම් කරන්නට විය.

‘මේක යනගමන් කනත්තකට විසිකරගෙන පලයන්’ අනිවාර්යයෙන්ම දවස් තුනකින් මූ උඹලට කතා කරයි. දවස් හතක් ඇතුළත බඩු ටික දෙන්ඩ ඕනේ’

ඔවුන් පොල් ගෙඩිය සහ බිත්තරය කනත්තට විසිකර දින තුනක් ගෙවී ගියේය. මංග පැවසූ පරිදිම හවස් වරුවේ ජිතේන්ද්‍ර කතා කළේය.

‘ඔයාට මාව එපානම් මම අරන්දුන්න රත්තරන් බඩු ටිකයි, ලැප්ටොප් එකයි දෙන්න’

‘කවුද එපා වෙලා කිව්වේ’

‘ඔයා ගැන මම ඔක්කොම දන්නවා’

‘මොනවද දන්නේ’

‘බඳින්ඩ ඉන්න ගෑනු ළමයා ගැන....’

ජිතේන්ද්‍ර නිහඬ විය. අවසානයේ විසඳුමකින් තොරවම දුරකතනය විසන්ධි විය. මංග අයියා පැවසූ පරිදිම දින හතක් ගෙවී ගියද බඩු ටික ලැබුණේ නැත. චේතනා සහ මව යළි දේවාලයට පැමිණියේය.

‘අපිට බඩු ඕනේ නෑ. ඒකා කරපු ජරා වැඬේට ඕකව අනිවාර්යයෙන්ම මරලා දාන්ඩ ඕනේ’

‘ඒවා කරන්ඩ ඕන තරම් වැඩ තියෙනවා. හැබැයි එක හිතින් කරන්ඩ ඕනේ...’

ඒ අනුව සියල්ලෝ අවසන් තීරණයකට එළඹියහ. මංග අයියාගේ දේවාලයට පහළින් කුඩා කැලයක් ඇති අතර, ඒ හරහා ගලා යන දොළ පහරක්ද ඇත. එදින සිකුරාදා දිනයකි. දොළේ ඉවුරේ පන්දම් හතරක් දල්වා ඇත. ඒ අතර කළු රෙදි කඩක් එළා ඒ මත රතුමල් අතුරා ඇත. මංග අයියා දොළ ඉවුරෙන් ලබාගත් මැටිවලින් මිනිස් රුවක් තැනුවේය. රත්මල් ඇතිරූ කළුරෙද්දේ මැද මිනිස් රුව තැබුවේ රුවේ හිස බස්නාහිර දෙසට හරවමිනි.

රෙදි කඬේ එක් පසෙකින් චේතනා හා ඇයගේ මව වාඩිවී සිටියේය. මංග අයියා මරු සිටින දෙස බලා වාඩි වී සිටියි. මලානික හඳ එළියෙන් වනාන්තරයේ ගුප්ත බව තව තවත් වර්ධනය විය. දොළ පහරේ ශබ්දයත් සමගම චේතනාගේ සිත තුළ බියක් සමගම වේදනාවක් ඇති විය. වරින් වර තටු ගසා ඉගිලෙන වවුලන් හේතුවෙන් ඇගේ බිය තවදුරටත් සිත තුළ තෙරපෙන්නට විය.

මධ්‍යම රාත‍්‍රිය ටිකෙන් ටික එළඹියේය. මංග අයියා වේගයෙන් මතුරන්නට විය. ඉන්පසු පසෙක තිබූ එළු ලේ බඳුන අතට ගෙන මිනිස් රුව තුළට පුරවන්නට විය. මිනිස් රුව සාදා තිබුණේ ඇතුළත සිදුරක් සිටිනා ලෙසටය. ඉන්පසු මැටි ටිකකින් සිදුර වසා දමා යළි මතුරන්නට විය. වේලාව රාත‍්‍රී දොළහ පසුවී මිනිත්තු පහළොවක් ගතවී තිබිණි.

තව ටිකකින් මගේ ඇඟට අග්නි මහසෝනා එනවා. එයාට සිංහල කතා කරන්ඩ බෑ. කරන්ඩ ඕනේ දේ ගෝළයා කියයි. ඔය අතේ තියෙන උලෙන් අනින්ඩ කිව්වම

එකහිතින් අනින්ඩ ඕනේ.

විනාඩි කිහිපයක් ගත විය. මංග අයියා දකුණු අතේ ඇඟිලි දෙකක් බිමට තබා වචන කිහිපයක් පැවසීය. ඔහුගේ ශරීරය වේගයෙන් පිටුපසට ගැස්සි ගියේය. ඒ වනවිට ඔහුගේ මුහුණ බැලීමට නොහැකි තරම් රෞද්‍රය. ශරීරය හරවන විට ශරිරයේ අස්ථිවල ශබ්දය හොඳින් ඇසෙයි. ඔහුගේ මුවින් පිටවූයේ ඉතා වේගයෙන් හුස්ම ගන්නා ශබ්දයත්, මලයාලම් භාෂාවත් පමණි.

‘ඔය රූපයේ ඔළුවටයි, පපුවටයි අනින්න.’ ගෝළයා අණ දුන්නේය. චේතනා හා මව තම අත තිබූ උල් දෙකෙන් මැටි රුවට ඇන්නෝය. ඉන්පසු රූපය අතටගත් මහසෝනා පන්දමක් අතට ගෙන ගිනි කමින් එම රූපය ගිල දැමුවේ පාන් පෙත්තක් හපා කනවාටත් වඩා පහසුවෙනි. ඒ අතරතුර වරින් වර පන්දම කටේ දමමින් ගින්දරද කෑවේ චේතනාගේ සර්වාංගයම වෙව්ලා දමමිනි.

රාත‍්‍රී දෙක පමණ වන විට පූජාව නිම විය. මංග අයියා චේතනා ළඟට පැමිණියේය.

‘මරන්ඩ ඕනේ කිව්වට ඒක හිතාගෙන නෙමෙයි නේද පිහියෙන් ඇන්නේ....’

‘මගේ හිතට බයක් ආවා’

‘බයක් නෙවෙයි දුකක්’

‘මම කිව්වනේ එක හිතින් කරන දෙයක් කරන්ඩ කියලා’

‘ඌ මැරුණේ නෑ. ඒත් මං ඌට මාරයා පෙන්නුවා. දැන් ඌ මරුණා වගේ. මං ඌව ටිකෙන් ටික මරලා දානවා. අන්න ඌට අංශභාගේ. උඹගේ අතේ තමයි තීරණය තියෙන්නේ. ආයෙත් මහසෝනට පූජාවක් දුන්නොත් ඌව බේරෙයි. නැත්නම් ඌ සදාකාලිකවම එහෙමම ඉඳියි. කවදාහරි ඌව බේරගන්ඩ පුළුවන් වෙන්නෙත් උඹට විතරයි උන් දන්නේ නෑ අග්නි මහ සෝනාගේ හැටි.’

ඒ සමගම චේතනා නිහඬව බිම බලාගත්තේ අරමුණකින් තොරවයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

27 අංජලීගේ ආත්මය නදීෂ් එක්ක දළදා වදින්න යයි


ක‍්‍රීං.... ක‍්‍රීං..... ක‍්‍රීං.... නදීෂ්ගේ දුරකතනය නාදවිය. බිත්තියේ එල්ලා ඇති ඔරලෝසුව දෙසට ඔහුගේ දෑස ගමන් කළේ නිරායාසයෙනි. වෙලාව රාත‍්‍රී 9.10 පමණ විය. දුරකතනයේ සඳහන් නුපුරුදු අංකය දෙස මොහොතක් බලාගෙන සිටි නදීෂ් දුරකතනය ක‍්‍රියාත්මක කරවා අතට ගත්තේය.

‘අයියේ මං අංජලිකා. අයියා මාව දන්නේ නැතුව ඇති. ඒ වුණාට මම අයියව දන්නවා. අයියා.... අර කම්පැනි එකේ නේද වැඩ කරන්නේ’ ඇය දිගින් දිගටම විස්තර කියාගෙන ගියේය. ඇය නම් තමා ගැන හොඳින්ම දන්නා තැනැත්තියක බව නදීෂ්ට සුළු මොහොතක් ගතවෙද්දීම අවබෝධ විය.

‘නංගි ඔයාට කොහෙන්ද මගේ ෆෝන් නම්බර් එක’ ඔහු ඇසුවේ ඇය හඳුනාගැනීමේ අටියෙනි.

‘මට යාළුවෙක්ගෙන් ලැබුණා’ එහෙත් ඇය අංකය ලබාදුන් යාළුවා ගැන කිසිදු සඳහනක් කළේ නැත.

‘අයියට මම කතා කරන එක කරදරයක්ද?’

‘නැහැ නංගී’

ඇය මේ ආකාරයට දින තුනක්ම නදීෂ්ට ඇමතුම් ලබාදුන්නාය. ඒ රාත‍්‍රී කාලයේදීමය. තුන්වැනි දිනයේ රාත‍්‍රී නවයට පමණ ඇරඹුණු නදීෂ්ගේත්, නන්නාඳුනනා යුවතියගේත් කතාව නිමාවට පත්වූයේ පසුදා හිරුකිරණ පොළොවට පතිත වන මොහොතේදීය. ඒ වනවිට ඇය නදීෂ්ගේ හිත සම්පූර්ණයෙන්ම දිනාගෙන අවසානය.

කෙමෙන් කෙමෙන් රාත‍්‍රිය උදාවෙමින් තිබිණි. නදීෂ් දුරකතනය නාද වන තුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. ක‍්‍රීං....ක‍්‍රීං.....ක‍්‍රීං.....

සුපුරුදු පරිදි දුරකතනය නාද විය.

‘අයියේ මම.....’

‘කොහොමද?’

‘අයියගෙන් මට ලොකු උදව්වක් ඕනේ....’

‘මොකක්ද?’

‘මට දළඳා මාලිගාවට යන්න ඕනේ.... මම වෙච්ච බාරයක් තියෙනවා ඒක ඔප්පු කරන්න ඕනේ...’

‘කවුරු කවුරුද යන්නේ නංගි’

‘ඔයයි මමයි’

නදීෂ් මොහොතක් කල්පනා කළේය. ඇයගේ යෝජනාවට දෙන උත්තරය කුමක්ද?

‘ඇයි අයියේ ඔයා මාත් එක්ක යන්න බයද?’ නදීෂ්ගේ පිළිතුර පමා වූ තැන ඇය ඇසුවාය.

‘නැහැ. ඒත් මම තවම ඔයාව හරියට දන්නේ නෑනේ... ඒකයි මම බැලූවේ’

‘එහෙනම් දැන ගන්නත් එක්ක යමු’

‘හරි මම එන්නම්’

’උදේ 6.00 වෙද්දී මම කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා එක ඉස්සරහා ඉන්නම්’

ඔවුන් කතාකරගත් පරිදි පසුදා උදේ හය වනවිට නදීෂ්ගේ කාරය ලිබර්ටි ප්ලාසා ඉදිරිපිටට පැමිණියේය. නදීෂ් කාරයේ සිටම වටපිට බැලූවේ තවමත් නොදුටු ඇයව දැකබලා ගැනීමේ ආශාවෙනි. සුදෝ සුදු ගවුමකින් සැරසුණු තරුණියක් මාර්ගය අසල සිටගෙන සිටියි. ලිහිල්ව තිබූ ඇයගේ දිගු කෙස් වැටිය ඒ මුහුණට ගෙන ආවේ අලංකාරයකි. ඇය ඉදිරිපිට වාහනය නතර කළ නදීෂ් මොහොතක් ඇය දෙස බලා සිටියේ මේ තමාට කතා කළ තරුණියමදැයි යන සැකයෙන් යුක්තවය. තමා මෙතෙක් කටහඬින් පමණක් හැඳිනූ ‘අංජලී’ ඇත්තෙන්ම අහිංසක පෙනුමකින් යුතු යැයි නදීෂ්ට සිතුණි. නදීෂ් කාරයෙන් බැසගොස් ඇය අසල සිටගත්තේය.

‘ගුඞ් මෝනිං.... ඔයා අංජලීද?’

’ඔව්....’

‘මම තමයි නදීෂ්’

‘මම දන්නවා’

‘ඒ කොහොමද? ඔයා හැමදේම දන්නවානේ......’

එහෙත් ඇය වැඩි කතා බහක් නැත.

‘අපි යමු’

නදීෂ් තම කාරය රැුගෙන ආවේ රියැදුරාද සමගය. නදීෂ් වාහනයේ ඉදිරි අසුනට නැගීමට සූදානම් වනවිට ඇය එක්වණම ඔහුගේ අතින් අල්ලා ගත්තාය.

‘අයියත් එන්න පස්සට’

ඒ ඉල්ලීම අහිංසකය.

ඇයගේ අත තම අතේ ස්පර්ශ වෙත්ම තම ශරිරය කිළිපොලා යන බව ඔහුට දැනෙන්නට විය. ඇයගේ අත එතරම්ම සීතලද නැතහොත් නුහුරු හැඟීමකින් සිත චංචලවීද. ඔහුට එය සිතාගත නොහැකි විය. අවසානයේ දෙදෙනාම පිටුපස අසුනේ වාඩි විය.

‘නංගි ඇත්තම කියන්න ඔයා කොහොමද මාව දන්නේ.....’

‘මම පස්සේ ඒක කියන්නම්’

‘අයියේ ඔයා පුනරුත්පත්තිය, අමරණීයවීම, මළගිය ආත්ම විශ්වාස කරනවාද?’

ඇය එක්වරම ඇසූ පැනයෙන් ඔහු පුදුමයට පත් වුවත් ඔහු ඒ බව නොඅඟවා ඇයගේ පැනයට පිළිතුරු දුන්නේය.

‘පුනරුත්පත්තිය විශ්වාස කරනවා. අනිත් ඒවා ගැන එච්චර හැඟීමක් නෑ. ඇයි නංගි එහෙම ඇහුවේ?’

ඇය සිනාසුනා මිස ඊට උත්තරයක් දුන්නේ නැත. අතරමඟදී උදේ ආහාර ගැනීමට ඇය වාහනයෙන් බිමට බැස්සේ නැත.

‘අයියා කන්න. මම මාලිගාවට යනකන් මුකුත්ම කන්නේ නැහැ......’

කෙසේ හෝ ඔවුහු දළඳා මාලිගය අසලට පැමිණියහ. නදීෂ් මාලිගය ඉදිරිපිට මල් විකුණන්නියගෙන් නෙළුම් මල් හතක් ඇයට අරගෙන දුන්නේ ඇයගේ ඉල්ලීම මතය.

මාලිගාවට ඇතුළු වන තැන ඇති මුර කුටිය අසලදීත් ඇය ඔහුගේ අත අතහරින්නට සූදානමක් නැත. මෙය නදීෂ්ගේ සිතට මහත් ගැටලූවක් විය.

‘ගැහැනු ළමයින්ගේ පෝළිමේ ඔයා යන්න. මම මේ පැත්තෙන් එන්නම්’

ඇය අකැමැත්තෙන් ඔහුගේ අත මුදා හැරියාය. ඔවුන් පරීක්ෂා කිරීමෙන් පසු යළි එලෙසම ඇය නදීෂ්ගේ අත අල්ලාගත්තේ තම පෙම්වතා සමග සිටින අලූත් පෙම්වතියක ලෙසිනි. දෙදෙනා මාලිගාවට ඇතුළුවන දොරටුව අසලට පැමිණෙන විට අංජලීගේ ස්වරූපය වෙනස් වන බව නදීෂ්ට ටිකෙන් ටික තේරෙන්නට විය.

‘ඇයි නංගී....’ ඔහු විමසුවේය.

‘මගේ ඔළුව රිදෙනවා.... මට හැමදාම එහෙමයි.

මාලිගාව ඇතුළට යන්න අමාරුයි’

එතැන වූ දිය අගල අසල ඇති දොරටුවෙන් ඇතුළු වන්නට අංජලී නදීෂ්ගේ ඇඟට බරවූයේ මුළු සිරුරම අප‍්‍රාණික වූ අයුරිනි. නදීෂ් ඇයව අල්ලාගෙන සෙමෙන් සීරුවේ දළදාව වැඩසිටි ඉහළ මහලට ගමන් කළේය. ඇය ගමන් කළේ හිස කෙළින් කරගත නොහැකි රෝගියකු විලසටය. නදීෂ්ගේ හිත කීරිගැසී ගියේ තමා පත්ව සිටි තත්ත්වය පිළිබඳ කිසිදු ආකාරයකින් හෝ තේරුම් ගන්නටවත් හැකියාවක් නොමැතිවය. ඔහු කිසිත් නොසිතා ඇයව මල් අසුන අසලට රැුගෙන ගියේය. එකින් එක නෙළුම් මල් ගෙන ඇය මල් අසුනේ අමුතු රටාවකට තැබුවාය. එම මල්, මල් අසුනේ තබත්ම ටිකෙන් ටික ඇයගේ ශරීර සෞඛ්‍යයද යහපත් අතට හැරෙන්නට විය. අවසන් මල තබත්ම ඇය හොඳින් හිස කෙළින් කරගත්තාය. ඉන්පසු ඇය නදීෂ් අසලින් මොහොතකට ඉවත්වී පසෙකින් වාඩි වී බුදුන් වැන්දාය.

‘අපි යමු අයියේ.... මට තව එක උදව්වක් ඕනේ.... අපි නාථ දේවාලයට යමු..’

‘අයියේ මට දේවාලය ඇතුළට යන්න අමාරුයි. කොහොම හරි අර කොහොඹ ගහ යටට මාව ගෙනියන්න’

ඇය ඔහුගෙන් ඉල්ලා සිටියාය.

ඇය දේවාලයේ පිවිසුම අසලදී ශරීරය දරදඬු කරගත්තාය. ඒ සමගම මහත් අපහසුතාවට පත් නදීෂ් දැන් තමා කරන්නේ කුමක්දැයි මොහොතක් කල්පනා කරන්නට විය. ඔහු ඇයගේ බඳ වටා අතක් යවා ඉතා අපහසුවෙන් ඇය පෙන්වූ කොහොඹ ගස අසලට රැුගෙන ගියේය.

‘අයියේ මට අතනින් පහන් තැටි හතක් අරන් දෙන්න’ ඇය පැවසුවේ සිහින් හඬිනි.

ඇය දළඳා මාලිගයේදී මල් තැබූ හැඩයටම නාථ දේවාලයේ බිම පහන් තැබුවාය. ඉන්පසු පහන්වලට පොල්තෙල් දැමුවාය. පළමු පහන පිරෙන්නටම පොල්තෙල් දැමූ ඇය ටිකෙන් ටික අඩුවන ආකාරයට පොල්තෙල් දැමූ අතර, අවසන් පහනට දැමුවේ තෙල් ස්වල්පයක් පමණි. ඉන්පසු ඇය පහන් සියල්ලටම තිර දමා දැල්වූවාය. ‘අයියේ පහන් ටික පත්තුවෙලා ඉවර වෙනකන් මට ඉන්න ඕනේ’

ඇය කොහොඹ ගස අසල වාඩිවී පහන් දෙස බලාගෙන සිටියේය. ඇය සිදුකරනුයේ භාවනාවක්ද? මේ සිදුවනුයේ කුමක්ද? නදීෂ්ට මෙය මහා ගැටලූවකි. එහෙත් ඔහු සිදුවන දෙය ඔහේ සිදුවන්නට ඉඩ හැර බලා සිටියේය. තෙල් අඩු පහනේ සිට එකින් එක පහන් දැල්වී තෙල් අවසන් වීමෙන් පසු නිවී ගියේය. අවසානයට තෙල් හොඳින් පිරවූ පහනද නිවී ගියේය. පැයක් පමණ කාලයක් ඇය මේ දෙස බලා සිටියාය.

එකින් එක පහන් නිවී යද්දී ඇය තුළ නව ජීවයක් පිබිදෙන බව තරමක් ඈතින් වාඩිවී ඇය දෙස බලාසිටි නදීෂ්ට සිතෙන්නට විය. ඇයගේ මුහුණ ටිකින් ටික ආලෝකවත් වෙමින් මුවට සිහින් සිනාවක්

නැගෙන්නටද විය. සියලූ පහන් නිවී ගිය පසු ඇය ඉමහත් ප‍්‍රබෝධයෙන් යුතුව නැගී සිටියාය. පෙර පැවති අසනීප කිසිවක් දැන් ඇය තුළ නැත.

‘අයියේ අපි යමු. ඔයාට ගොඩක් පිං මට උදව් කළාට’

නුවර යද්දී මෙන් ඇය ඔහුගේ අතේ එල්ලූනේ නැත. ඉතා සමීප යහළුවන් මෙන් ඔවුන් කතා බහ කරමින් යළි එන්නට සැරසුණේය. මඟතොටදී ඇය වතුර උගුරක් හෝ බිවේ නැත. ඇය ඒවා ප‍්‍රතික්ෂේප කළේ විවිධ හේතු දක්වමිනි.

‘නංගී පහන් තියලා කළේ මොකක්ද?’

’ඔයාට මම තව දවස් දෙකකින් ඒක කියන්නම්. හැබැයි ඒක රහසක්’

ඔවුන් කොළඹට පැමිණෙන විට රාත‍්‍රිය එළඹී තිබිණි. ‘නංගී මම ඔයාව ගෙදරට ඇරලවන්නම්. කමක් නැද්ද?’

’අයියට තවත් කරදරයි නේද?’

‘නැහැ නංගී අපි යමු’

පිළියන්දල පසුකරගෙන වාහනය ඉදිරියට ගමන් කළේය. ‘ඔතනින් දකුණට හරවන්න. ඔය කළු ගේට්ටුව ළඟ නතර කරන්න’

ඇය වාහනයෙන් බිමට බැස්සාය. ‘අයියේ ඔයාට බොහොම පිං. මම ඔයාට ?ට කතා කරන්නම්’

ඇය නිවස තුළට නික්ම ගියාය. පසුවදා රාත‍්‍රිය උදාවිය. වෙනදා මෙන්ම නදීෂ්ගේ දුරකතනය නාද විය. ඔහු ඔරලෝසුව දෙස බැලූවේය. වේලාව රාත‍්‍රී 9.10යි. ඔහු දුරකතනය ක‍්‍රියාත්මක කළේය.

‘අයියේ.... මම අංජලී.... අයියට පුළුවන්නම් හෙට හවස අපේ ගෙවල් පැත්තට ටිකක් එනවද? එදා ගමන කාටවත් කියන්න එපා’

ඇය දුරකතනය විසන්ධි කළාය. පසුදා සවස හිතේ චකිතයකින් යුතුව නදීෂ් ඇයගේ නිවස දෙසට ගමන් කළේය. වාහනය අතුරු පාරට

හරවන විටම එහි ඉදිකර තිබූ තොරණේ සවිකර තිබූ රුව තමාට මීට පෙර දැක පුරුදු බව නදීෂ්ට දැනුනත් ඔහුට එතරම් එය හිතට වැදුණේ නැත. ඔහු වාහනය ගේට්ටුව අසල නතර කළේය. නිවසේ අවමඟුලකි. ඔහුගේ පාද වෙව්ලන්නට විය. වාහනයෙන් බිමට බට ඔහු කෙමෙන් කෙමෙන් නිවස තුළට ඇතුළු විය. මද සිනහවක් සහිතව අංජලීගේ නිසල දේහය සාලයේ මැද තබා ඇත. ඇයගේ හිසට ඉහළින් පොල්තෙල් පහනක් දැල්වෙයි. තමාගේ ඇඟ සීතල වී යනු ඔහුට දැනෙත්ම ඔහු වහා අසල තිබූ පුටුවට බරවිය. මේ තමා සමග නුවර ගිය තරුණියද? ඔහු දොලොවක් අතර තනිවිය.

‘අක්කේ මොකක්ද වුණේ?’ ඔහු අසල සිටි

කාන්තාවකගෙන් විමසුවේය.

‘වැඩට ගිහිල්ලා එනකොට ඇක්සිඩන්ට් වෙලා සිහිය නැතුව මාසයක් විතර හිටියා’

‘කවද්ද නැති වුණේ’

‘බ‍්‍රහස්පතින්දා ?, බ‍්‍රහස්පතින්දා ? සිහිය ඇවිත් අම්මත් එක්ක හොඳට කතා කරලා තියෙනවා. මට දැන් යන්න පුළුවන්. මම යන්නම් අම්මේ’ කියලා තියෙනවා.

නදීෂ්ගේ ඇඟ දිගේ ඩහදිය ගංගාවක් ගලායන බව ඔහුට දැනෙන්නට විය.







වෛදික ජ්‍යොතිෂ්‍යවේදී

කාංචන ගීත මනමේන්ද්‍ර

0777964474