Friday, July 19, 2013

23. මලයාලි ඇදුරාත් තැති ගැන් වූ අභිරහස් තරුණිය



මලයාලි මන්ත‍්‍ර ශාස්ත‍්‍රය වූ කලී අති ගුප්ත ශාස්ත‍්‍රයකි. මලයාලි ක‍්‍රමවේදයේ ඇත්තේ මන්ත‍්‍ර දහ අටකි. එම මන්ත‍්‍ර දහ අට උපයෝගී කර ගනිමින් මිහි මත බොහෝ දේ සිදු කළ හැකි වෙයි. වසර ගණනාවකට පෙර මා මන්ත‍්‍ර ශාස්ත‍්‍රය පිළිබ`ද සොයා යන අවස්ථාවක මිතුරකුගෙන් ලද තොරතුරක් මත යටියන්තොටට ආසන්න ග‍්‍රාමයක පදිංචිව සිටි ”මංග අයියා” නම් පුද්ගලයකු සොයා ගියේ ය. ඔහු මලයාලි ශාස්ත‍්‍රයේ හසල දැනුමක් සහිත වූවෙකි. කාලයාගේ ඇවෑමෙන් ඔහු මට ඉතා සමීප වූ අතර ඔහුගේ ශාස්ත‍්‍රයේ යම් යම් දේ ඉගෙනගැනීමේ අවස්ථාව ද උදා විය. ඔහු සම`ග කටයුතු කරන කාලයේ නාවලපිටියේ සිදු වූ සිදුවීමක් මගේ සිතට නැෙ`ගයි.

හදිසියේ එක් දිනක ”මංග අයියා” සොයා ගෙන නාවලපිටියේ සිට දෙදනකු පැමිණියේය. මැදිවිය ඉක්ම වූවකු සහ තරුණයකු පැමිණ සිටියේ දැඩි කලබලයකිනි. කවුරුන් හෝ මංග අයියා පිළිබ`ද ඔවුනට කියා තිබුණි. ඔහුගේ පුතකුට යකෙක් ගසා ඇත. සිදුවීම සිදු වී ඇත්තේ පෙර දිනයේ රාත‍්‍රියේය. ස්වල්ප මොහොතකින් අප පිටත් වූ අතර ගමනට මම ද සහභාගි වූයෙමි. සම්පූර්ණ සිද්ධිය දැනගත්තේ ගමන අතර ම`ගදී ය. මොහුගේ නිවෙස් පිහිටා තිබුණේ අවසන් බස් නැවැතුමේ සිට කිලෝමීටර් හතරකට පමණ ඈතිනි. තේ වතු මැදින් වැටුණු අති දුෂ්කර මාර්ගය දෙපස ගෙයක් දොරක් නැත. මේ මාර්ගය කෙළවරට වන්නට කුඩා දිළි`දු ගම් දෙකක් පිහිටා ඇත. නාවලපිටියේ සිට ලංගම බස් ගමන් වාර හතරක් ඇති අතර අවසන් බස් රිය ගම ආසන්නට පැමිණෙන්නේ රාත‍්‍රී 10.30ට පමණය.

තේ වතු මැදින් වැටුණු මාර්ගයේ එක් වංගුවක් අසල විශාල ගොරොක් ගසක් වෙයි. එය ප‍්‍රදේශයම වැසී යන සේ පැතිර ඇත. මෙම ගම් දෙකේ පැවැති සාමාන්‍ය ජන ජීවිතය බි`ද වැටෙන්නට වූයේ මෙම ගසට කිලෝ මීටර් 1/2ක් පමණ දුරින් තරුණයකු මැරී වැටී සිටීමත් සම`ග ය. ඔහුගේ ඇ`ග නිල් වී තිබුණි. ඇ`ග දර ද`ඩු වී ගොසිණි. ඇස් එළියට පනින තරම් විවර වී ඇත. මෙය ගැමියන්ට තේරුම් ගත නොහැක්කක් විය. ගම් දෙකේ සියල්ලෝම දෙමළ අය වූහ. දවස තිස්සේ වෙහෙසී වැඩ කරන ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මත්වතුරට හුරු වූවෝය. ගමේ ගැහැනු ද බොහෝ විට මත්වතුර ටිකක් පානය කරති. ඔවුනට එය එතරම් ගැටලූවක් නොවෙයි. හොල්මන් අවතාර පිළිබ`ද තැකීමක් ද එතෙක් ඔවුනට නොවීය.

රාත‍්‍රී බසයේ පැමිණි කිහිප දෙනකු බිය වීමත් සම`ගම ගම පුරා අ`දුරු සෙවණැල්ලක් පතිත වන්නට විය. රාත‍්‍රී ගමන් බොහෝ සෙයින් අඩු කිරීමට ගම් වැසියෝ පුරුදු වූහ. රාත‍්‍රි අවශ්‍යතාවයනට කිහිප දෙනකු මිස කිසිවකු තනියෙන් ගමන් කළේ නැත. නගරයේ කුලී වැඩ කරන තරුණයකුට තම කාර්යය නිම කර පැමිණෙන්නට සිදු වූයේ අවසන් බස් රියේය. ඔහු මත්වතුර ටිකක් ද පාවිච්චි කර තිබුණි. බස් රියෙන් බැස පාළු මාර්ගයේ හුදෙකලාව ඔහු පැමිණෙයි. ස`ද එළිය ම`ද වශයෙන් තේ ගස් මත පතිත වී ඇත. පරිසරයේ මහා මළානික බවක් පවතියි. ගහක කොළක කිසිදු සෙළවීමක් නැත.

තරුණ ජවයට වඩා මත්වතුර හි ජවය තරුණයාව ඉදිරියට රැුගෙන යයි. ගොරොක් ගහ ආසන්නයට එත්ම ඔහුගේ පසුපසින් අඩි ශබ්දයක් ඇසෙන්නට විය. ඔහු පස්ස හැරී බැලූවේ පුරුද්දට මෙනි. ඔහු දුටුවේ සුදු සාරියක් ඇ`දගත් ගැහැනියකි. ඔහුගේ ඉහ මොළ රත් වන්නට විය. යළිත් ඔහුට බලන්නට හෝ කරන්නට දෙයක් සිතා ගන්නට ද නොහැකි විය. ඔහුට දිව යන්නට හැකි වුණේ මීටර් පනහක් පමණ දුරකි. ඔහු දුටුවේ ඇ`ග කිළිපොලා යන දසුනකි. තමාට මීටර් පනහක් පමණ ඉදිරියෙන් සුදු සාරිය ඇ`දි කාන්තාව ද තමා යන දෙසට ම ගමන් කරන බවය. තරුණයා යළි ආපස්ස බැලූවා ද කියා හෝ මතකයක් නැත. ඔහුට මතක එපමණක්ය. ඔහු ගමට පැමිණියේ කෙසේද කියා හෝ මතක නැත. ඔහු මාර්ගයෙන් තේ වත්තට පැන තේ යාය මැද්දෙන් ගමට දිව ආවේය. ගල්මුල්වල වැදී ශරීරය පුරා ලේ ගලමින් තිබුණි.

පියවි සිහිය ඔහුට තිබුණ ද දැඩි කම්පනයකට ලක්ව ඇත. සුළු ශබ්දයකට වුවද ගැස්සෙයි. මංග අයියා කැ`දවා තිබුණේ මේ තරුණයා ආරක්ෂා කිරීමටය. තරුණයා ආරක්ෂා කිරීමෙන් පසු කලින් අප ස`දහන් කළ සිද්ධිය දැන ගත හැකි විය. එහෙත් ගැටලූව වූයේ තරුණයා පවසනුයේ තමා මෝහිණි දුටු බව ය. එහෙත් අප අසා ඇති පරිදි එම ගැහැනිය අත ළමයකු සිට නැත. එසේ ම ඉදිරියෙන් සහ පසුපසින් සිටියේ එක්

අයකුම ද? මේවාට ඔහු තුළ පිළිතුරු නැත.

මා කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකට ගමේ වැසියන්ගේ ඉල්ලීම මත ”මංග අයියා” ඉදිරිපත් විය. ඒ මේ ගැටලූව කුමක්දැයි කියා සොයා බැලීමටය. පසුදින දහවල් මා ගමේ නතර කර මංග අයියා නගරයට පැමිණියේය. ගමන පිටත් වීමට ප‍්‍රථම මලයාලි ගුප්ත ශාස්ත‍්‍ර කටයුතුවලට භාවිත කරන ”තින්නූර්” නම් අළු විශේෂයක් මතුරා ගත්තේය. එම අළු අශුභ ශක්තීන්

(මළගිය ආත්ම*වලට තිබීමෙන් ඒවා විනාශ වී යන බව ගුප්ත ශාස්ත‍්‍රයේ ස`දහන්ය.

රාත‍්‍රියේ බස් රියට නැ`ගුණ මංගට රාත‍්‍රී 10.50 පමණ වන විට අවසන් බස් නැවැතුමෙන් බැස ගත හැකි විය. කිහිප දෙනකු බසයේ පැමිණියත් ගම දෙසට යෑමට සිටියේ මංග අයියා සහ දමිළ තරුණියක් පමණකි. එම තරුණිය බසයේ පසුපස අසුනේ සිටි බව මංගට මතකය. එම තරුණියට තනියෙන් යෑමට බිය නිසා මංගගේ ගමනාන්තය පිළිබ`ද ඇය විමසා සිටියා ය. ඇය අප පැමිණි ගමට එහායින් වූ ගමේය. (මේවාට ගම් යන වචනය වැරැුදි අතර අනෙක් තේ වත්තේ ලයින්වල ඇය ජීවත් වෙයි* ඔවුන් දෙදෙනා අතර වැඩි කතාබහක් නොවුණු අතර මංගට පියවර කිහිපයක් පසු පසින් ඇය පැමිණෙයි.

පෙරදා මෙන්ම මළානික ස`ද එළිය දසතම පැතිර තිබූ අතර පරිසරය ගුප්ත නිසල බවකින් වෙලී පැවතුණි. මංග හා තරුණිය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙයි. මංග හිත යටින් තරුණියට බැණ වදිමින් පැමිණෙන්නේ තමා පැමිණි කාරණය ඉටු කර ගත නොහැකි වීම හේතුවෙනි.

කලින් තරුණයා බිය වූ බව කියන ගොරොක් ගස ආසන්නයට පැමිණෙන විටම දුටු දසුනින් මංග ද තරමක් ගැස්සුණි. සුදු සාරියක් ඇ`දි හා සමාන ඡුායාවක් මීටර 100 පමණ ඉදිරියෙන් ඔවුන් යන දිසාවටම යනවා සේ පෙනෙයි. ගමන වේගවත්ය. ඔහුට එය පසුපස දිව යා යුතු වුවත් තරුණිය දමා යා නොහැකිය. තරුණිය කිසිවක් දැක නැත. මංග දෙවරක් නොසිතුවේය. තමාගේ ඉනේ ආරක්ෂාවට සෑම විටම තබා ගෙන ඉන්නා කුඩා කළුවර ලීයෙන් තැනූ වේලායුධය (මෙය මතුරා සකස් කරන ලද්දකි* ගෙන මෙය ආරක්ෂාවට ළ`ග තබා ගන්නා ලෙස තරුණියට දික් කළේය. තරුණිය එය ගැනීමට අත දිගු කළ ද හදිසියේම එය බිම පතිත විය.

එය අහුලා ගන්නා ලෙස පැවැසූ මංග තමා දුටු ඡුායාව පසුපස දිව ගියේය. මීටර් 200-300 පමණ දිව ගියද එය දක්නට නැත. තමාගේ වේලායුධයේ ආරක්ෂාව තැරණියට හො`දටම ඇති බව මංග හො`දින් දනියි. මංග ඇයට එය දුන්නේ ද එම විශ්වාසය මතය. තමා තවදුරටත් ඉදිරියට යෑමෙන් පලක් නැති බව තේරුම් ගත් මංග යළි හැරී තරුණිය සිටි දෙසට පැමිණියේය. මංග මැදි වූයේ මහත් ගැටලූවකටය. තරුණිය දක්නට නැත. සැතපුමක් පමණ ආපස්සට පැමිණියත් තරුණිය නැත. තරුණියට සිදු වූයේ කුමක් ද? ඇයට කරදරයක් සිදු වීද? බිය වී යළි දිව්වාද? අරමුණකින් තොරව ගමට පැමිණි මංග ගමේ අය සම`ග යළි පැමිණ තරුණිය සොයන්නට විය. කිසිදු සලකුණක් නැත. අවසානයේ ඇය පැවැසූ නිවස පිහිටි වත්තට යෑමට සියල්ලෝම තීරණය කළෝය.

අප පැමිණි ගමේ අය මුලින්ම එම ලයිමේ එවැනි තරුණියක් නොමැති බව පැවැසුවත් අපට එය විශ්වාස නැති විය. අප එම ලයිමට ගිය පසු දැන ගත්තේ වෙනස් ආකාරයේ කතාවකි. මංග දුටු තරුණියගේ හැඩරුවට සමාන තරුණියක් වසර 8කට 9කට පෙර එම ලයිමේ ජීවත් වී ඇත. ඇය නගරයේ කඩයක සේවය කළ අතර එක් දිනක් උදේ වැඩට ගිය පසු යළි ගෙදර පැමිණි නැත. කඩෙන් රාත‍්‍රි බස් එක ස`දහා පිටත් වූ බව ද පවසා ඇත. එහෙත් ඇයට සිදු වූයේ කුමක් ද යන්න තවමත් අභිරහසකි. ඉතිරිව සිටියේ ඇගේ මව පමණි. වසර තුනකට පමණ පෙර ඇය ද කොළඹ නිවසක වැඩට ගොස් ඇත. ඇය ගැන කිසිවක් දන්නකු ද නැත.

එසේ නම් කොළඹ දී මව මිය ගියාද? තම නැති වූ දුව සොයා මව පැමිණියේද? බසයේ පැමිණියේ මළගිය ආත්මයක්ද? කරුණු කෙසේ වුවත් පසු දා උදයේ මංග අයියාගේ වේලායුධය තරුණියට දුන් විට වැටුණු තැනම තිබී යළි සමුවිය.



වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474

No comments:

Post a Comment