42 මළයකුන් වියරු වැටෙති
පැරැුණි පන්නයේ බෙන්ස් කාරයක් පාර්ලිමේන්තු මාවත ඔස්සේ බොරැුල්ල දෙසට ගමන් කරමින් තිබුණි. ඒ තුළ වැඩිහිටි සිවුදෙනකු හා දරුවන් තිදෙනකු විය. පවුලේ ප‍්‍රධානියා වූ නොයෙල් රිය පදවමින් සිටියේය. පැයට කිලෝමීටර් හතළිහකටත් අඩු වේගයකින් පැමිණි කාරය පාර්ලිමේන්තු වටරවුමෙන් කොළඹ දෙසට හැරෙව්වේය. මාර්ගය සිසාරා බලමින් ඔහු වාහනය හැරවූවත් මොහොතක් ගතවනවිට තමා ඉදිරියේ වූ කහ පැහැති ටිපර් රථය දැකීමත් සම`ගම, කළ යුත්තේ කුමක් දැයි තීරණය කරන්නට තරම් හෝ වෙලාවක් නොවීය. ලොරියේ පිටුපස කොටසේ වැදුණු කාරය වටයක් කැරකී ගොස් පදික තීරුවේ වැදී නතර විය.
වාහනයේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, එන්ජිම කඩාගෙන වාහනය තුළට බැස ගොසිනි. වාහනයේ සිටි අයට පොඩි පොඩි තුවාල සිදු වූවා මිස බරපතළ තුවාල කිසිවක් සිදු වූයේ නැත. එහෙත් සියල්ලන් අතරින් නොයෙල්ගේ තත්ත්වය තරමක් අසාධ්‍ය වූයේ ඔහුගේ කකුල බිම තැබිය නොහැකි වූ නිසයි. වාහනය යළි ප‍්‍රතිසංස්කරණය කොට ඵලක් නොවන තරමටම අනතුරින් හානි සිදු වී ඇත. අනතුරත් සම`ගම තමා සති දෙකකට පෙර සිදුකළ ආරක්ෂාවේ ගැටලූවක් ඇතැයි නොයෙල්ගේ සිතට දැනෙන්නට විය. අනතුර සිදුවූයේ ආරක්ෂාව කර හරියටම දාහතරවන දිනයේදී වීම මෙම සැක සහගත සිතුවිල්ල තවදුරටත් වැඩි කළේය.
වසරක පමණ කාලයක සිට එකින්එක පැමිණි කරදරවලින් දැඩි ලෙස හෙම්බත්ව සිටි නොයෙල්ගේ සියලූ ව්‍යාපාරික කටයුතු ටිකෙන්ටික බිඳවැටෙමින් පැවැතුණි. මේ සියලූ ගැටලූවලට හේතුව ඉඩමේ සිටිනා මළයක්ෂයකු යැයි අංජනම්එළිවලින් හා ආරූඪයෙන් සාස්තර බලන්නන් කිහිපදෙනකු විසින් නොයෙල්ට පවසා තිබුණි. එවන් වූ ස්ථානයක තැබූ පූජාවකින් පසු නිවසේ වූ මළගිය ආත්මය, එම ස්ථානයට භාරගත් බව එහි වූ කපුමහතා පැවැසුවේ මසකට පමණ වරක් පැමිණ ඔවුනට පින් දෙන්නට බෝධි පූජාවකට සහභාගි වන ලෙස ද ඉල්ලා සිටිමිනි. බෝධි පූජාවට අවශ්‍ය සියලූ දේ එම ස්ථානයෙන්ම ලබාගත යුතුය. නොයෙල්ද තම ගැටලූවලින් නිදහස් වූවාය යන හැ`ගීමෙන් පූජා කටයුතු සිදුකර ගෙවී ගියේ දෙසතියකි.
අනතුරෙන් පසු තත්ත්වය එන්නඑන්නම දරුණු වන බව නොයෙල්ට වැටහෙන්නට වූයේ තම ව්‍යාපාරික කටයුතු මෙන්ම, තම ශරීර සෞඛ්‍ය ද ශීඝ‍්‍රයෙන් අයහපත් අතට හැරෙමින් පවතින බවයි. තම හිතවතකුගෙන් දැනගත් තොරතුරු මත සූනියම් දේව ආරූඪයෙන් සාස්තර කියන දේවාලයක් වෙත යළිත් යෑමට තීරණය කළේය.
එක් අතකට කුඩා සීනුවක් ගෙන එය වේගයෙන් සොලවමින් ආරූඪය එන තෙක් විනාඩි කිහිපයක් මන්ත‍්‍ර මතුරන එම කපුමහතා, ආරූඪය පැමිණීමත් සම`ගම තම අත උඩ තබා කපුරු දල්වා දෙවියන්ට පූජා කරයි. ඉන්පසු ඔහු දෙස බලන්නට බියවන තරම් දරුණු ස්වරූපයක් ඔහු වෙතින් දිස්වෙයි. තද රත් පැහැයට හැරෙන දිව අ`ගල් 3-4ක් පමණ දික්වෙයි. ස්වරූපය මෙන්ම ඔහුගේ හැසිරීම ද ආවේගශීලී වෙයි. නොයෙල්ගේ වාරය එළඹියේය. බුලත් හුරුල්ල අතට ගත් කපු මහතා, එය සූනියම් පිළිමය ඉදිරියේ තැබුවේය.
‘උඹලා ගෙදර හිටපු මළගියවුන් ටිකක් අවුස්සගෙන නේද? මොකක්ද උඹලා කළේ’
නොයෙල්, කපු මහතාටත් පෙර සිද්ධිය පැවැසුවේය.
‘වැඩක් වෙලා නෑ බොල ඔය ඉන්නේ පිරිමි තුනකුයි ගෑනියකුයි. උඹලගේ මැරිච්ච එකෙක් ඉන්නවද කකුලක් ටිකක් නොණ්ඩි ගගහා ඇවිදින, ලොකු බඩක් තියෙන. ටිකක් අපහසුවෙන් හිටපු එකෙක්.’
‘මොනවගේ එකක්ද ඇඳලා ඉන්නේ’
‘කාකිපාට කෝට් එකක් එක්ක සරමක් ඇඳලා ඉන්නේ’
‘ඒ තාත්තා’
‘එයා තමයි මෙතැන ඉන්න දරුණු කෙනා’ අවුරුදු පනහක් විතර ඉඳලා එයා මළ යකෙක් වෙලා ඉන්නවා. අනිත් තුන්දෙනාම පස්සේ ආපු අය.
‘එතැන ඉන්න ඔක්කොම මේ ඉඩකඩම්වල අයිතිකාරයෝ. ඒ අය දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දේ විකුණලා, දැන් ඉන්න අය සැපවිඳිනවට කැමැති නෑ’
‘කොහොමද කපු මහත්තයා මේ අයව අයින් කරන්නේ’
‘මුන් එකෙක්ටවත් පිං ගන්ඩ බෑ. ඔක්කොම මළ යක්කු අල්ලලා ගැටගහලා අයින් කරලා දැම්මොත් මිසක් ගොඩින් විසඳගන්න බැරිවෙයි.
‘මොකක්ද ඉතින් කරන්ඩ ඕනේ’
‘මේකට පොඩි පොඩි දේවල් කරලා බැරිවෙයි. මේ මහ මළයකා කාලයක් තිස්සේ හොඳට බලවත් වෙලා. යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩ ගැනත් ටිකක් දන්න දරුණු පහේ එකෙක්, ඔක්කොටම වඩා මේකා ඥාතිකම් කියාගෙන ලංකාව වටේ ඉන්න පරපුරේ උන් ළ`ගට ගිහින් කරදර කරනවා.’
කපු මහතා පැවැසු දෙය සත්‍යයකි. නොයෙල්ගේ දරුවන් සිවු දෙනාගෙන් තිදෙනකුම සිටියේ මහ ගෙවල්වල සිට සැතපුම් 30-40 ඈතින් වුවද, ඔවුනගේ ඉඩකඩම්වලද කාලයක සිට විසඳාගත නොහැකි මේ මළ ගිය දෝෂය පැවැතියේය. ඔවුන්ටද සාස්තර හා අංජනම් එළිවලට පවසා තිබුණේ ද කාකි කෝට් අඳින නොණ්ඩි ගසන දරුණු ගණයේ මළගිය ආත්මයක් පිළිබඳය.
අවසානයේ නොයෙල් තම ඉඩමට අරක්ගත් මළගිය ආත්ම හතර ඉවත්කිරීමේ වගකීම කපු මහතාටම භාර දුන්නේය. එය එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවීය. එය සාම්ප‍්‍රදායික තොවිලයක් ලෙසින්ම සම්පාදනය කළ යුතු විය. කැවිලි, පෙවිලි, පලතුරු, රුක්අත්තන ගස්, කෙසෙල් කොට, මෙන්ම ලී කෝටු පනහක් පමණ මේ සඳහා අවශ්‍ය විය. නෙළුම් මල්, නෙළුම් කොළ, පැදුර, කොට්ට ඇතුළු පෙරේත තටුවට තැබිය යුතු දෑ බොහෝ විය.
එය ඉරිදා දිනයකි. එදින උදෑසනින්ම ප‍්‍රධාන කපුමහතා ඇතුළු හය දෙනකු නොයෙල්ගේ නිවසට පැමිණියේය. ඔවුන්ගේ පළමු කාර්යය වූයේ. නිවසේ හා ඉඩමේ අට කොන ඔවුන් මතුරා රැුගෙන ආ දෙහි වළදමා තාවකාලික සීමා බන්ධන යෙදීමයි. මෙසේ සීමා යෙදීමෙන් පසු මළගිය ආත්මවලට අඬගසනවිට පැමිණෙන කිසිදු ආත්මයකට මායිමෙන් ඇතුළට පැමිණිවිට යළි පිට වී යා නොහැකි වෙයි. මේ හරහා සිදුවනුයේ මළගිය ආත්ම කොටුකිරීමයි.
වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර
0777964474
No comments:
Post a Comment